ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ස්ථාන මාරු කිරීමේ බලය තමන්ට නොමැති බවත්, එය කළ යුත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් බැවින් නීතිපතිවරයා විසින් තමන් වෙත ලබාදුන් නියෝගය රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමුකළ බවත් පොලිස්පති ඩී.සී වික්‍රමරත්න අද අධිකරණය හමුවේ පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ මැයි 09 අපරාධයට අදාලව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ස්ථාන මාරු කරන ලෙස නීතිපතිවරයා කළ නියෝගය ක්‍රියාත්මක නොකිරීමට අදාල හේතු අධිකරණය ඉදිරියේ පැහැදිලි කරමිනි. .
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ස්ථාන මාරු කිරීමේ බලය තමන්ට නොමැති බවත්, ඒ සඳහා ක්‍රියාමාර්ග ගත යුත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව බවත් පොලිස්පතිවරයා එහිදී අධිකරණය වෙත වාර්තාවක් මගින් ඉදිරිපත් කළේය.
පොලිස්පතිවරයා අධිකරණයට දන්වා තිබුණේ දේශබන්දු තෙන්නකෝන් ස්ථාන මාරු කරන ලෙස නීතිපතිවරයා කළ දැනුම් දීම රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යොමු කළ බවය.
නීතිපති උපදෙස් ලැබී තිබියදීත් දේශබන්දු තෙන්නකෝන් බස්නාහිර පළාත භාරව කටයුතු කිරීම පිළිබඳ පසුගිය නඩු වාරයේ දී ගෝඨාගෝගම අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ප්‍රශ්න කර තිබුණි.. පොලිස්පතිවරයා අද අධිකරණය ඉදිරියේ පෙනී සිටිමින් කරුණු පැහැදිලි කළේ මහේස්ත්‍රාත්වරයා කළ නියෝගයකට අනුවය.
මේ වනවිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ පෞද්ගලික හා ජංගම දුරකථන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශය භාරයේ අධීක්ෂණයට ලක් කරමින් ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දැනුම් දුන්නාය.







