පසුගිය 24 වැනිදා නව රජයේ අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය ලේකම් ධුරයේ වැඩබාරගත් ප්‍රදීප් යසරත්න එම තනතුරින් වත්වීමට සැරසෙන බව අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි .
මෙම පත්වීමට පෙර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ ප්‍රදීප් යසරත්න ඉවත් වීමට බලපෑ ආසන්න හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
කෙසේ වෙතත් ඔහු ඊයේ (27) සිය අමාත්‍යාංශ කාර්‍යාලයට පැමිණ ඉවත් වන බව ඉහළ නිලධාරීන් ට දන්වා ඇති බව සදහන් වේ.
ප්‍රදීප් යසරත්න කලක් කොළඹ දිසාපති ලෙස මෙන්ම බස්නාහිර පළාත් ලේකම්වරයා ලෙස ද සේවය කළේය.







