තමන්ට එරෙහිව සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්රකාශයක් ලබාදීම සඳහා දේවගැති ජෙරොම් ප්රනාන්දු අද (30) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
ආන්දෝලනාත්මක ඉරිදා ධර්ම දේශනාවක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීම තහනම් කරමින් පසුගිය සතියේ නිකුත් කළ අධිකරණ නියෝගයෙන් අනතුරුව දේවගැති ජෙරම් ප්රනාන්දු ඊයේ (29) යළි ශ්රී ලංකාවට පැමිණ තිබුණේය.
බුද්ධාගම, ඉස්ලාම් සහ හින්දු ආගමට එරෙහි මතභේදාත්මක ප්රකාශයන් සම්බන්ධයෙන් CID විමර්ශනය ආරම්භ කිරීමත් සමග දේවගැති ජෙරම් ප්රනාන්දු මේ වසරේ මැයි 15 වන දින රට හැර ගියේය.
ජෙරොම් දේවගැතිවරයා විසින් ගොනු කරන ලද රිට් පෙත්සමකට ප්රතිචාර දක්වමින් අභියාචනාධිකරණය පසුගිය සතියේ ඔහු ගුවන් තොටුපළේදී හෝ වෙනත් ස්ථානයකදී අත්අඩංගුවට නොගන්නා ලෙස පොලිසියට නියෝගයක් නිකුත් කළේය.
මීට අමතරව, දිවයිනට පැමිණ පැය 48ක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්රකාශයක් ලබාදෙන ලෙසද අධිකරණය දේවගැතිවරයාට දන්වා සිටියේය.
ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවට යන්නේ එබැවිනි.