ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය අතහැර පළා යාමෙන් පසුව කොටුව ජනාධිපති මන්දිරයෙන් හමුවූ කෝටියකට අධික මුදල් සම්බන්ධ අධිකරණ කටයුත්තේ දී බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොල්ස්පති දේශබන්දු තෙන්නකෝන් තමන්ට තර්ජනය කළ බව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහ අද (13) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව අදාල තර්ජනය සම්බන්ධයෙන් දුරකථන වාර්තා විශ්ලේෂණයක් ලබා ගන්නා ලෙස නියෝග කළ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ එම වාර්තා ලැබුණු පසු ඊට අදාළ පියවර ගන්නා බවට දැනුම් දුන්නේය.
ජනාධිපති මන්දිරය අරගලකරුවන් විසින් වටළන ලද අවස්තාවේදී හමුවු මෙම මුදල් කොටුව පොලිසියේ පොලිස ස්ථානාධිපතිවරයාට භාර දීමෙන් පසුව ඒවා අධිකරණයට ඉදිරිපත් නොකර ඇමැතිවරයෙකුට බාර දෙන ලෙසට දේශබන්දු තෙන්නකෝන් කළ බව කියන බලපෑම ගැන අධිකරණයට කරුණු වාර්තා කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමාට දුරකථන ඇමතුමක් ලබා දෙමින් මෙසේ තර්ජනය කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහ අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
තමා ඒ සම්බන්ධයෙන් සටහන් යොදා ඇති අතර පොලිස්පතිවරයාවද දැනුම්වත් කළ බවත්, දේශබන්දු තෙන්නකෝන් ඉදිරියේ දී තමාගෙන් පළිගැනීම සඳහා වෙනත් යම් සිදුවීමකට පටලවාවිදැයි හෝ තමාගේ හෝ පවුලේ උදවියගේ ජීවිතයට යම් අනතුරක් කරතියි බියෙන් පසුවන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මෙහිදි තවදුරටත් සඳහන් කළේය.
ඉදිරියේ දී මේ සම්බන්ධව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට ද තමන් බලාපොරොත්තු වන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහ අධිකරණයට දැනුම් දුන්නේය.
එම දැනුම් දීමෙන් පසු මෙම නඩුව සඳහා පෙනී සිටින නීතිඥවරුන් ප්‍රකාශ කළේ අධිකරණ නියෝගයකට අනුව ඉදිරිපත් කරන ලද වාර්තාවක් සම්බන්ධයෙන් මෙලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහට තර්ජනය කිරීමෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අධිකරණයට ද අපහසා කර ඇති බවය.
මෙහිදී නීතීඥවරුන් විසින් පෙන්වා දෙන ලද්දේ ඔහු සිදු කර ඇත්තේ සාක්කිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ වරදක් බවය.
ඒ සම්බන්ධයෙන් දුරකථන විශ්ලේෂණ වාර්තා ලැබුණු පසු සලකා බලන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ප්‍රකාශ කළේය.
2022 වසරේ පසුගිය ජූලි 09 වැනිදා පළා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිදන කාමරයේ තිබී හමුවූ රුපියල් එක්කෝටි හැත්තෑ පන් ලක්ෂයකට ආසන්න මුදලක් එය හමුවූ තරුණයන් පිරිස විසින් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට බාර දී තිබිණි.
එලෙස බාර දුන් මුදල් අධිකරණයට ඉදිරිපත් නොකර ටිරාන් අලස් අමාත්‍යවරයාට ලබා දෙන ලෙසට තමාට දුරකතනයෙන් දේශබන්දු තෙන්නකෝන් දැනුම් දුන්නේයැයි කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා මීට පෙර අධිකරණයට ප්‍රකාශ තිබිණි.