ශ්‍රියානි විජේසිංහ –
රෝහල්වල පවතින උග්‍ර ඖෂධ හිඟයට වහාම පිළියම් යොදන ලෙස ඉල්ලා වෛද්‍යවරු ලබන 20 වෙනිදා සෞඛ්‍යය අමාත්‍යංශය ඉදිරිපිටට රැස්ව දැවන්ත විරෝධතාවක් නිරත වීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.
ඖෂධ හා ශල්‍ය උපකරණ නොමැතිම රෝගීන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින නමුත් ඊට නිසි පිලියම් යොදීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින් රට පුරා මෙසේ විරෝධතාවන් පවත්වන බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සදහන් කරයි.
මෙම විරෝධතාව අනුරාධපුර රෝහලේ ඊයේ (12) ආරම්භ කළ අතර ඊයේ (13) දිනයේදී බදුල්ල මොණරාගල රෝහල්වල වෛද්‍යවරු එකතු වූ බව හෙතෙම පැවසීය.
රජය මෙම විරෝධතාවන්ගෙන් ලබා දෙන පණිවිඩයට කන්නොදුනහොත් ලබන 20දායින් පසුව කළු සතිය ආරම්භ කරන බව වෛද්‍ය විජේසිංහ පැවසුවේය.
රෝහල්වල විරෝධතාවන් උද්ඝෝෂණයන් සහ කළු සති පවත්වා විසඳුමක් ලබා ගැනීමට නොහැකි වුවහොත් රජයට දැනෙන්න යමක් කිරිමට වෛද්‍යවරු සූදානමින් සිටින බව රජයේ නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.