සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධිකරණයට අපහාස කළේ නෑ… එපමණ මුදලක් ගෙවන්න බෑ… වන්දි ගෙවීමේ අපහසුව ගැන අධිකරණයට කී හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානීට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ නඩුව ගොනුවන හැටි!

by editor
සැප්තැම්බර් 27, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී –

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට එරෙහිව කෙටුම්පත් කරන ලද අධිකරණයට අපහාස කිරීමේ චෝදනා අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි, නීතිපතිවරයා විසින් අද (සැප්තැම්බර් 24 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනු ලැබීය.

ඒ,පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය ගැන කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාළව අධිකරණය නියම කරන ලද රුපියල් මිලියන 75 ක වන්දි මුදල සම්පූර්ණයෙන්ම ගෙවීමට අපොහොසත් වීම හේතුවෙනි.

එම කරුණ සලකා බැලූ අග විනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල, වගඋත්තරකාර නිලන්ත ජයවර්ධනට ලබන ඔක්තෝම්බර් මස 7 වැනිදා පුද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කිරීමටත් නියෝග කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් 13ක් අගවිනිසුරු ජයන්ත ජයසූරිය , මුර්දු ප්‍රනාන්දු, එස්.තුරෙයි රාජා, ඒ එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න, කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙංගප්පූලි යන සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබුණි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් වශයෙන් නම්කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට නියම වූ රුපියල් මිලියන 100 ක වන්දිය සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට නියම වූ රුපියල් මිලියන 75 ක වන්දිය ඔවුන් සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර ඇතැයි දැනුම් දුන්නේය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ඒ බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ද තහවුරු කළේය.

එහෙත් අදාළ පෙත්සම්වල තවත් වග උත්තරකරුවකු වශයෙන් නම් කර සිටි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට නියම වූ රුපියල් මිලියන 75 ක වන්දියෙන් ඔහු විසින් ගෙවා තිබෙන්නේ රුපියල් මිලියන 10 ක් පමණක් බවත් තවත් රුපියල් මිලියන 65 ක් ඔහු විසින් ගෙවීමට තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.

සම්පූර්ණ වන්දි මුදල ගෙවීමට අපොහොසත් වීම හේතුවෙන් මීට පෙර අධිකරණය කළ නියෝගයට අනුව නිලන්ත ජයවර්ධනට එරෙහිව කෙටුම්පත් කරන ලද අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාපත්‍ර අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා දැනුම් දුන්නේය.

‘ඉතිරි මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කිරීම ප්‍රායෝගිකව අපහසුයි’

මෙහිදී වගඋත්තරකාර නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මේ වනවිට අනිවාර්ය නිවාඩු යවා තිබෙන අතර ඔහුගේ මාසික වැටුප රුපියල් 127000ක් පමණක් බව සඳහන් කළේය.

ඉන් ඔහුට ගෙවිය හැක්කේ මාසිකව රුපියල් 40000/- ක මුදලක් පමණක් බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය.

මෙම තත්ත්වය යටතේ අධිකරණය විසින් නියම කළ රුපියල් මිලියන 75 ක වන්දි මුදලින් ඔහුට ගෙවිය හැක්කේ රුපියල් මිලියන 10 ක් පමණක් බවත් ඉතිරි මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කිරීම ප්‍රායෝගිකව ඔහුට අපහසු කාර්යයක් බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

අධිකරණ නියෝග පරිදි සම්පූර්ණ වන්දි මුදල ගෙවීමට නොහැකි වීම සම්බන්ධයෙන් ඔහු අධිකරණයෙන් සමාව අයැද සිටින බවත් අධිකරණයට අපහාස කිරීමේ චේතනාවක් තම සේවා දායකයා තුළ නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.

එබැවින් අධිකරණයට අපහාස කිරීම පිළිබඳ ව නඩු විභාගය ආරම්භ කිරීමට පෙර මේ සම්බන්ධයෙන් සානුකම්පිතව කරුණු සලකා බලන ලෙසත්, නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අග විනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නිලන්ත ජයවර්ධනට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ නඩු විභාගයක් පැවැත්වීමට තීරණය කළ අතර ඒ අනුව ඔහුට ඔක්තෝබර් මස 7 වැනිදා පෙරවරු 9.30 ට අධිකරණය හමුවේ

පුද්ගලිකව පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධීවරයාට නියෝග කළේය.

අනිවාර්ය නිවාඩු යවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් පැවසීය.

හිටපු මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් ඉදිරියේ එම විනය පරීක්ෂණය සිදුකෙරෙන බවත් ඔහු සඳහන් කළේය.

ඒ අනුව විනය පරීක්ෂණය දින හයක් පවත්වා සාක්ෂිකරුවන් දෙදෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පැවසීය.

එහෙත් එම කමිටුවේ සාමාජික හිටපු මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්ත පළාත් ආණ්ඩුකාර ධුරයට පත්වීම් ලැබ සිටින හෙයින් එම පුරප්පාඩ වූ තනතුර වෙනුවෙන් විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයෙකු පත් කිරීම සඳහා අධිකරණ සේවා කොමිසමෙන් මහාධිකරණ විනිසුරුවරුන්ගේ නාම ලේඛනයක් කැඳවා තිබෙන බවත් ඔහු වැඩිදුරටත් දැනුම් දී සිටියේ ය.

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් මෙම නඩුකරය හරහා නියම වූ වන්දි මුදල්වලින් රුපියල් මිලියන 246 ක් හානි පූර්ණ කාර්යාලයට ලැබී තිබෙන අතර ඉන් රුපියල් මිලියන 62 ක් පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් වෙනුවෙන් ගෙවීමට කටයුතු කර තිබෙන බවත් සඳහන් කළේය.

මෙහිදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශමිල් පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වන්දි ගෙවීම සඳහා පියවර ගැනුණු වින්දිතයින්ගේ නාම ලේඛනයක් තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ ය.

මෙම ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් විසින්කොළඹ සහ මීගමුව දිසා අධිකරණවල නඩු තුන්සියයක් පමණ ගොනුකර තිබෙන බවත් අදාළ නාම ලේඛනය ලබාදෙන්නේ නම් වන්දි හිමිවූ පුද්ගලයින්ට එම නඩු ඉවත් කර ගැනීමට හැකියාව තිබෙන බවත් ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා සඳහන් කර සිටියේ ය.

මෛත්‍රීපාල සහ පූජිත නඩු කටයුතු වලින් මුදා හරී

අධිකරණ නියෝග පරිදි වන්දි මුදල් සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර තිබෙන මෛත්‍රීපාල සිරිසේන සහ පූජිත ජයසුන්දර මෙම නඩු කටයුතු වලින් මුදා හැරීමටද විනිසුරු මඩුල්ල නියම කළේය.

එසේම අදාළ පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස නම්කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට නියම වූ රුපියල් මිලියන 50 ක වන්දිය සහ හිටපු ජාතික බුද්ධි ප්‍රදානී සිසිර මෙන්ඩිස්ට නියම වූ රුපියල් මිලියන 10ක වන්දිය ඔවුන් විසින් මීට පෙර ගෙවා අවසන් කර තිබුණි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝණය කළ බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය, කතෝලික පූජකවරුන්, සිද්ධියෙන් වින්දිතයින් බවට පත් පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු පිරිසක් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් 13ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබුණි.

හේමසිරි ප්‍රනාන්දු සහ සිසිර මෙන්ඩිස් මීට පෙර අදාළ වන්දි ගෙවා අවසන් කිරීම හේතුවෙන් නඩු කටයුතු වලින් මුදා හැරුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විපක්ෂයක් හදන්නවත් විපක්ෂ කණ්ඩායම්වලට එකතු වෙන්න බැරිනම් විපක්ෂයත් අනුරට දුන්නානම් ඉවරයි… හරීන් කියපු කතාව!

Next Post

 තාත්තගෙන් අහලා වහපු සැලොන් දොර නාමල්  බාගෙට ඇරලා…  අත්හැරලා ගිය  පොඩි පොහොට්ටුවන්ට  ආපහු එන්නලු!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.