අද (16) සිට ලබන 30 වැනිදා දක්වා ක්‍රියාත්මක කළ යුතු සංශෝධිත සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ ( 15) නිකුත් කිරීමත් සමග සජබ උද්ඝෝෂණය සඳහා නෛතික බාධා එල්ල වී තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මෙම විරෝධතාව සඳහා ඉඩ ලබා නොදෙන බවය.
සෞඛ්‍ය නීති රීති උල්ලංඝනය කරමින් උද්ඝෝෂකයින් කොළඹ ට පැමිණියහොත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද ඇමතිවරයා කීවේය.
එමෙන්ම සෞඛ්‍ය නීතී උල්ලංඝනය කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලීසියට උපදෙස් ලබාදී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කීවේය.
ඊයේ නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශයට අනුව නිසි බලධාරීයාගෙන් ලබා ගන්නා අවසරයකින් තොරව නව රෙගුලාසිවලට අනුව මහජන ඒකරාශී වීම්, රැස්වීම් හා උත්සව සඳහා නැවත දැනුම් දෙන තුරු තහනම් කර ඇත.
ඒ අනුව පෞද්ගලික ඒකරාශීවීම් වලදී ශාලාවක ධාරිතාවෙන් තුනෙන් එකකට අවසර හිමිවන අතර එය පුද්ගලයින් 100 නොඉක්මවිය යුතු බව දක්වා තිබේ.
පෞද්ගලික නිවසක නම් රැස්විය හැකි උපරිම පුද්ගලයින් සංඛ්‍යාව 10 කි. එමෙන්ම එළිමහන් පෞද්ගලික ඒකරාශී වීම් සඳහා අවසර නොලැබේ.
නව මාර්ගෝපදේශවලට අනුව කටයුතු නොකරන පුද්ගලයින් හා ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද එම මාර්ගෝපදේශයේ දක්වා ඇත.
ආගමික ස්ථානවල තනි තනිව වැඳුම් පිදුම් කිරීමට අවසර හිමිවන අතර විශේෂ උත්සව,යාඥා මෙහෙයන් සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නව මාර්ගෝපදේශවලට අනුකූලව සිදු කළ යුතු බව දක්වා තිබේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ පන්ති සඳහා පමණක් උපකාරක පන්ති සියයට 50 ක ධාරිතාවයකින් පවත්වා ගෙන යා හැකියි.
අවමංගල්‍ය උත්සව සිරුර මුදා හැර පැය 24 ක් ඇතුළත සිදුකළ යුතු අතර එක් වරකට සිටිය හැකි පුද්ගලයින් සංඛ්‍යාව 20 කි.
විවාම මංගල උත්සව සඳහා සියයට නොවැඩි පිරිසකට සහභාගි විය හැකි අතර එළිමහන් මංගල සාද සඳහා 150 කට සහභාගි විය හැකියි. එහෙත් මත්පැන් භාවිතය සඳහා අවසර නැත.
නරඹන්නන් නොමැතිව ක්‍රිඩා ක්‍රියාකාරකම් සඳහා අවසර හිමිව තිබේ. සිනමා හල් හා රංග ශාලා සියයට 50 ක ධාරිතායෙන් පවත්වා ගත හැකි වේ.
සෞඛ්‍ය මාර්ගෝපදේශය

පොලිසිය නිකුත් කළ නිවේදනය








