ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනට අවස්ථා දෙකක දී ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර අද (27) පස්වරුවේ විසිරුවා හැරි පසු වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරින් පිරිසක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.
පෞද්ගලික විශ්ව විද්‍යාල විවෘත කිරීමට එරෙහිවත්, සරගමවුව, මොරටුව හා වයඹ යන වෛද්‍ය පීඨවල ගැටළු විසදන ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන මෙම විරෝධතාව සංවිධනය කර තිබුණි.
සිසුන් මුලින්ම කොටුව දුම්රිය ස්ථානයට ඉදිරිපිට විරෝධතාව පැවැත්වීමට සුදානම් කර තිබු අතර , පසුව එය වෙනස් කර ග්‍රීන් පාත් සිට පෙළපාලියෙන් කොළඹ කොටුව බලා යාමට තීරණය කර තිබුණි
විරෝධතාකරුවන් නෙළුම් පොකුණ දෙසට ගමන් ආරම්භ කළ අතර, විරෝධතාකරුවන්ට විසිර යන ලෙසට පොලීසිය නිවේදනය කළ ද එය නොතකා ඔවුන් ඉදිරියට ඇදීමේ දී පොලිසිය ඔවුන්ට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
එම ප්‍රහාරය හමුවේ විහාර මහාදේවි උද්‍යානය හරහා ප්‍රධාන මාර්ගයට පැමිණි ඔවුන් යළි මහවැලි කේන්ද්‍රය අසලට විත් පාගමන ආරම්භ කිරීමට උත්සාහ කළේය.
වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගම් කැඳවුම්කරු ඇතුළු කණ්ඩායම් අත් අඩංගුවට ගන්නේ ඒ අතරය.