බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ක්‍රීකට් ක්‍රීඩාවේ චමත්කාරය මතුකළ මෙතෙක් ලෝක කුසලානයේ පැවති තියුණුම තරගය….

by editor
ඔක්තෝබර් 28, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් පැවති තියුණුම සහ ආශ්වාදනීයම තරගය  ඊයේ (28) පැවැත්වුනේය. තරගාවලියේ 26 වැනි තරගය ලෙස චෙන්නායි හි පැවති පකිස්ථාන දකුනු අප්‍රිකා තරගයෙන්   කඩුළු 01ක තියුණු ජයක් වාර්තා කරන්නට  දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වූයේය.

අවාසන මොහොත වනතුරු තරගය කොයි අතට දෝලනය වනු ඇතිදැයි කිසිවෙකුට නිශ්චය කළ නොහැකි වූයේය.

කාසියේ වාසිය දිනුවේ පකිස්ථානය ය.  බාබර් අසාම් පිතිකරණය තේරුවේය. බාබර් අසාම් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළේය. ඔහු පන්දු 60ක් තුළ ලකුනු 50ක් රැස් කළේය.  ඒ මිනිත්තු සියයක් කඩුල්ලේ  රැඳෙමිනි. ආරම්භක පිතිකරුවන් දෙපළම ලකුණු 38ක් තුළ දැවී යද්දී නැවත ඉනිම ගොඩනැගීමට එම සංයමය අවශ්‍යයය.

බාබර් අසාම්…

දකුණු අප්‍රිකානු පන්දු යැවීම ඉතාම තියුණු විය.  මොහොමඩ් රිස්වාන් ලකුණු 31කි. මැද පෙළ වගකීම් දරමින් ශව්ද් ශකීල් පන්දු 52ක දී හතරේ පහර 07ක් සමගින්  ලකුණු 52ක් හා ෂහාබ් ඛාන් පන්දු 36ක දී හතරේ පහර 03ක් සහ හයේ පහර 02ක් සමගින්  ලකුනු 43ක් ලැබුහ.  මෙහොමඩ් නවාස් ලකුනු 24ක් පන්දු 24ක් තුළ ලැබුවේ හයේ පහර දෙකක් සහ හතරේ පහරක් සමගිනි.

පකිස්ථානය වෙනුවෙන් ගොඩනැගුන හොඳම ස්බන්ධය… ශකීල් සහ ෂහාබ් ඛාන් අතර…

පන්දු ඕවර 46.4 ක දී පකිස්ථානු ඉනිම ලකුණු 270කට  බිඳ වැටුනේය. ඉනිමේ හොඳම සම්බන්ධතාව ගොඩනැගෙන්නේ හයවැනි කඩුල්ල වෙනුවේන සවුද් ශකීල් සහ ෂහාබ් ඛාන් අතරය. එය ලකුණු 84කි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

දකුනු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් හොඳම පන්දු යැවීම සිදුවන්නේ ටබ්‍රයිස් ෂම්සි අතිනි. ෂම්සි  ලකුණු 60කට කඩුළු 04ක් ලැබුවේය.

හොඳම පන්දු යැවීම ශම්සි…

මාර්කෝ ජෙන්සන් ලකුණු 43ට කඩුලු 02ක්, ග්‍රේඩ් කොඑට්සි ලකුණු 42ට කඩුළු 02ක්, ලුන්ගි න්ගිිඩි එක් කඩුල්ලක් ලැබුවේය.

දකුණු අප්‍රිකාවට ජයග්‍රහී ඉලක්කය වී තිබුණේ ලකුණු 271කි. එය මේ තණතිරු තුළ ජයග්‍රහණය ආරක්ෂා කරගැනීම සඳහා හොඳ ආරක්ෂිත ස්ථානයක් නොවේ.

මුල් පෙළ පිතිකරුවන් දකුණු අප්‍රිකාව වෙනුවෙන් යම් සුව පහසු ස්ථාවරයක් ගොඩනැගුවේය. ආරම්භක පිතිකරු නායක ටෙම්බා බවුමා ලකුනු 28ක්, කඩුළු රකින ක්‍රීඩක ක්වෙන්ටන් ඩි කොක් ලකුණු 24ක් ලැබුවේය. ඊට හතරේ පහර 05කි. රසල් වැන් ඩර් හුසේන් ලකුණු 21කි. ඉනිමේ විශිෂ්ටම පිතිකරුවා ඒයඩ්න මැක්රම්ය. ඔහු පන්දු 93ක දි ලකුණු 91කි.

තරග රිද්මය වෙනස් කළ ඇෆ්රිඩි….

33 වැනි ඕවරය වනවිට දකුණු අප්‍රිකාව පහසු ජයක් ලකුණු කරගන්නා ආකාරය ප්‍රේක්ෂකයන්ට පෙනුණි. ලකුණු 200 ඉක්මවා යනවිට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ දැවී ගොස් තිබුනේ කඩළු 04කි.

එහෙත් ඉතිරි ලකුණු 71 තරගය මුළුමනින්ම කණපිට හැරෙව්වේය.  ලකුණු 29කට ඩේවිඩ් මිලර් දැවී ගියේය. ඒ වනවිට මුළු ලකුණු සංඛයාව 206කි.  ලකුණු 235ක් වනවිට දකුනු අප්‍රිකානු කඩුළු 06ක් බිඳ වැටුනේය.

බාබර් අසාම් දකුනු අප්‍රිකානුවන්ට දැඩිම පීඩනය එල්ල කරන්නේ ඉන් අනතුරුවය.  ඔහු සහීන් ෂා ඇෆ්රිඩි සහ රවුෆ් හකීම් මෙන්ම මොහොමඩ් ආක්‍රමණය සදහා යොදා ගන්නේය. ඒ අතර ඕවර දෙක්ක යැවීමට දඟපන්දු යවන ක්‍රීඩක උසාම් මීර් ගෙන්වන්නේ.  ලකුණු 91ක ලබා ගත් ඒඩන් මැක්‍රම් ගොදුරු වන්නේ උසාම්ටය.

එතැන් සිට බාබර් සිය ප්‍රමුඛ වේගපන්දු යවන්නන් තිදෙනා හරහා කණ්ඩායම දවා ගන්නට උත්සාහ කලේය. එය බෙහෙවින්ම සාර්ථක වන්නේය. ලුන්ගි ඉන්ගිඩි නව වැනි කඩුල්ල වෙනුවට දැවී යන විට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ලකුණු ගණන 260කි.

කේෂේව් මහරාජ්…

තරගය වූයේ ඉතිරි ලකුණු 11 ලබැ ගැනීමය.

දැඩි පිඩනයක් මැද අවසානයේ දි කේසීව් මහරාජ් සහ  සම්සි අවසන් කඩුල්ල රැකගෙන තරගය නිමා කරන්නේය.

තරගයේ වීරයා ලකුණු 60 පකිස්ථාන කඩුළු 04ක් දවාගෙන පකිස්ථානු කණ්ඩායම ලකුණු 270කට සීමා කිරීමේ ප්‍රධානම කොටස කල ටබ්‍රයිස් ෂම්සිය.

මේ වනවිට  ලකුණු සටහනේ පළමු වරට  ඉන්දියාව අභිබවා දකුණු අප්‍රිකාව පළමු ස්ථානයට පැමිණ තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම පස්වන ස්ථානයේය. පකිස්ථානය පසුවන්නේ 06 වැනි තැනය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද විරෝධතාවය සංවිධානය කළ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු අත් අඩංගුවට…

Next Post

අද වප් පොහොය දා චන්ද්‍රග්‍රහණයක් දකින්න අවස්ථාව…

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.