ශ්‍රියානි විජේසිංහ –
ගුරු විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සමිති මුණ ගැසී පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කරයි.
තමා විදේශගතව සිටි මොහොතකදී අධ්‍යාපන අමාත්‍යංශය අසල ඇතිවූ කනගාටුදායක තත්ත්වයෙන් අගතියට පත් පාර්ශ්වයන්ට තමා කනගාටුව පලකරන බවද ඇමතිවරයා සදහන් කරයි.
ගුරු විදුහල්පතිවරු සමග දිගින් දිගටම සාකච්ඡා කරමින් පැවති ගැටලු විසදා ගනිමින් පැමිණි බවත් ගුරු විදුහන්පතිවරුන්ගේ පමණක් නොව සෙසු සේවාවන්ගේත් වැටුප් විෂමතා ඉවත් කිරිමට මෙවර අයවැයෙන් යම් ප්‍රතිපාදනයක් වෙන්කිරිමට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවත් ඇමතිවරයා පවසා සිටියි.
වෘත්තීය සමිති ස්වකීය සාමාජිකයන් වෙනුවෙන් ඉල්ලීම් කිරීම සාමාන්‍ය ස්වභාවය බවත් ඊට අනවශ්‍ය අයුරින් කලබලවීම නිෂ්ඵල බවත් ඇමතිවරයා පවසයි.