දුම්රිය ස්ථානාධිපතිවරුන් අද ( 05) දින රාත්‍රී සිට සියලුම සේවාවාලින් පැය 24 කට ඉවත් වන බව ශ්‍රි ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය නිවේදනය කර ඇත.
මේ වන විට රටේ පවතින ඉන්ධන අර්බුදය හමුවේ දුම්රිය ගමන් වාර කිහිපයක් පමණක් ධාවනය කොට මගී ජනතාව පීඩාවට ලක් කිරීමට කටයුතු කිරීමට විරෝධය පලකරමින් එම සංගමයේ විධායක කමිටුව අද දින රාත්‍රී 12.00 සිට සියලුම සේවා වාර වලින් ඉවත් වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර පැවසුවේය.
මේ වන විට රටේ පවතින ඉන්ධන අර්බුදය හමුවේ දුම්රිය ගමන් වාර කිහිපයක් පමණක් ධාවනය කොට මගී ජනතාව පීඩාවට ලක් කිරීමට කටයුතු කිරීමට සංගමයක් වශයෙන් දැඩි විරෝධය ප්‍රකාශ කරමින් අද දින රාත්‍රී 12.00 සිට සියලුම සේවා වාර වලින් ඉවත් වීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ විධායක කමිටුව විසින් අද දින තීරණය කර ඇත.
දුම්රිය ධාවනය කරන්නෙද ? දුම්රිය අවලංගු කරන්නේ ද යන්න මගී ජනතාවට දැනුවත් කිරීමට පාලනාධිකාරිය අසමත් වීම මත මගී ජනතාවගේ පීඩනය අද දින දුම්රිය ස්ථානාධිපතිවරුන්ට දැඩිව එල්ල වුනු බව ද දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ
අද සවස දුම්රිය ධාවනය කිරීම පිලිබදව විශේෂ සාකච්ඡාවක් දුම්රිය නියාමක සංගමය සමඟ පමණක් සාකච්ඡා කොට හෙට දින කලින් ආසන වෙන් කල දුම්රිය ගමන් වාර 10 කට ආසන්න ප්‍රමාණයක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවත් එම සංගමය පැවසුවේය.
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට යන්නේ තම සාමාජිකයන්ගේ ඉල්ලීම් හෝ වෙන අරමුණු කිසිවක් පදනම් කර ගනිමින් නොවන බවත්, මේ වන විට රටේ පවතින තත්ත්වය මත එක් එක් වෘත්තීය සමිතිවල ඉල්ලිම පරිදි දුම්රිය ධාවනය අඩාල කිරීම සම්බන්ධයෙන් විරෝධය පලකිරීමත් මේ සමග සිදුකරන බවත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පැවසුවේය.
අද දින දුම්රිය ධාවනාගාර කාර්යමණ්ඩලය ක්ෂණිකව සේවයෙන් ඉවත් වීම සමඟ දුම්රිය ගමන් වාර 140 කට ආසන්න ප්‍රමාණයක් අවලංගු විය.
එම අපහාසුතාවය මත අද දින මගී ජනතාව දැඩි අපහාසුතාවයට මුහුණදීමට සිදු විය.








