අද (05) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 113කින් අඩු වී තිබේ.
ඊට සාපේක්ෂව කිලෝ ග්‍රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 45කින් ද කිලෝ ග්‍රෑම් 2.3ක සිලින්ඩරයක් රුපියල් 21කින් ද මිල පහත දමා ඇති බව ලිට්රෝ ගෑස් සභාපති මුදිත පෙරේරා පවසයි.
ගෑස් මිල ගණනය කරන සූත්‍රයට අනුව මෙම මිල අඩු කිරීම සිදුවන බවයි එම සමාගමේ සභාපතිවරයා කිීයේය.
පසුගිය අගෝස්තු මස 9 වනදා ද කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 246කින් පහත දැමීමට ලිට්රෝ සමාගම පියවර ගනු ලැබුවේය.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල 4551කි.







