බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද බත්තරමුල්ලේ දි ඇවිලුන E8 වීසා ගින්න… කොල්ලො කෙල්ලො රවට්ටල ද?. බලධාරින්ගේ බැරිකම ද?

by editor
නොවැම්බර් 23, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කොරියානු රැකියා අපේක්ෂාවෙන් සිටින තරුණයින් 107 දෙනෙකුට කොරියානු E8 වීසා ලැබී තිබුණත් එම වීසා ඛාණ්ඩය යටතේ අදාල රැකියාවලට යෑමට රජයේ අනුමැතිය නොලැබීම විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරියේ දී අද පුපුරා ගියේය.

උදේ සිට ඇරඹී තිබුණ විරෝධතාවයක් අවසානයේ දී පොලිසිය සමග ගැටුමකින් කෙළවර වන්නේ විරෝධතාවය සත්‍යග්‍රහයක දිගුවක් කරා ගෙන යෑමට රැකියා අපේක්ෂිත තරුණයන් අට්ටාලයක් ඇටවීමට කළ උත්සාහයේ දී පොලිසිය ඊට එරෙහි වී එම උත්සාහය වැළැක්වීමෙනි.

වීසා ලැබී රැකියා සඳහා යෑම මගහැරුණ බව කියමින් මේ පිරිස් විරෝධතා පටන් ගන්නේ පසුගිය ආණ්ඩුව කාලයේදීමය. මේ වනවිට තත්ත්වය තීව්‍ර වී ඇත්තේ තව දින තුනකින් අදාල E8 ඛාණ්ඩයේ වීසා අවලංගු වීම හේතුවෙනි.

මොනවද මේ E8 වීසා

E8 වීසා ලෙස හැඳින්වෙන්නේ කොරියාව හඳුන්වා දෙන ඍතුමය කම්කරු වීසා ක්‍රමයකි. එම වීසා නිකුත් කරන්නේ කෘෂිකර්ම සහ ධීවර රැකියාවල නිරත වීම සඳහා මාස 6 – සිට මාස 8 දක්වා කෙටි කාල සීමාවකටය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

කොරියානු රජයේ පළාත් පාලන ආයතනයක්, විදේශයක පළාත් පාලන ආයතනයක් සමග ඇතිකරගන්නා අවබෝධයතා ගිවිසුමක් මගින්තෝ රාගත් ශ්‍රමිකයින්ට මෙම ඛාණ්ඩයේ වීසා නිකුත් වන්නේය. ඒ හැරුණු කොරියානු පුරවැසියෙක් සමග විවාහ වී F-6 වීසා බලපත්‍රයක් ලබා ගත් පුද්ගලයෙකුගේ ඥාතියෙක් විසින් නිර්දේශ කිරීමෙන් විදේශිකයෙකුට   මෙම ඍතුමය වීසා ඛාණ්ඩය යටතේ ධීවර සහ කෘෂිකාර්මික සේවා සඳහා රැකියා අවස්ථා ලබා ගත හැකිය.

කොරියානු කම්කරු නීතියට අනුව අවම වැටුපට අනුකූල වැටුපක් මෙහිදී ලැබෙන්නේය. නවාතැන් සහ සෞඛ්‍ය පහසුකම් සැපයෙන්නේ ශ්‍රමිකයා සේවයේ යොදවන පළාතේ පළාත් පාලන ආයතනවල පරීක්ෂාවට යටත්ව. කාර්මික අනතුරු සඳහා රක්ෂණ ලියාපදිංචිය අනිවාර්යය. මසකට අවම වශයෙන් දින දෙකක නිවාඩුවක් සහතික වන්නේය.

අද විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිටදී පොලිසිය සමග ගැටුනේ මේ වීසා ලද තරුණ කණ්ඩායමය.

මේ සම්බන්ධව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා පවසන්නේ පැවති රජය මේ සම්බන්ධව නිවැරදි ක්‍රමවේදයන් ඔස්සේ කටයුතු කර නැති බවය.

කාරණාව නම් රටක් තවත් රටක් සමග කරන රාජ්‍ය තාන්ත්‍රික රැකියා ගිවිසුමක නීත්‍යානුකූල භාවය වලංගු භාවය එවකට කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් ගිවිසුම්ගත ගිවිසුමේ නොවීමය.

“මේ ගිවිසුමට නීත්‍යනුකූලභාවයක් නැහැ. කැබිනට් එකෙන් අනුමැතිය අරගෙන නැහැ, නීතිපතිතුමාගෙන් අනුමැතිය අරගෙන නැහැ, විදේශ කටයුතු අමාත්‍යංශයෙන් අනුමැතියක් අරගෙන නැහැ, විදේශ සේවා එක දන්නේ නෑ, එතකොට ඒක තනි පුද්ගලයෙකුගේ තනි අවශ්‍යතාව මත වෙච්ච දෙයක්,” යැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අතිරේක සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනරත් යාපා බීබීසි සිංහල සේවයට පවසා තිබිණි. මේ ගැන හිටපු කමකරු ඇමති මනුෂ නානායක්කා  කියා තිබුණේ මෙවැන්නකි.

රජයක් ලෙස E8 වීසා ලියාපදිංචි කිරීම සඳහා අදාල පිරිස ලියාපදිංචි කළ නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බව මේ වනවිට විදේශ සේවා නියුක්ති කාර්යාංශ කියන්නේය.  මනුෂ කියන්නේ මේ  වීසා ඛාණ්ඩයේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා ඇමතිකමේ ගර්වය පසකෙ තබා කොරියාවේ නරග සභාවක් පාසා ඇවිද ගිය කතාවකි.

නීත්‍යානුකූල නොවන ගිවිසුමක් කේන්ද්‍ර කරගත් අර්බුදය මේ  වනවිට   අපරාධ විමර්ශන කොට්ඨාසයට යොමු කර ඇත. සඳුදා නීතිපති දෙපාර්තමේන්තුවට ද කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය. එහෙත් අඟහරුවාදා වීසා කැන්සල් වන්නේය.

” වීසා ලැබිලත් අපට කොරියාවට යන්න නෑ. මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියන හොර ගුහාව අපව නවත්වාගෙන ඉන්නවා. අපට රැකියාවට යන්න දෙන්නේ නෑ. මේ සම්බන්ධව මේ මාස තුන පුරාම අපි අරගල කළා. මේ අරගල ආරම්භ කළේ පසුගිය ආණ්ඩුව සමයේ. ” අද විරෝධතාවයේ සිටි තරුණයෙක් කීවේය.

“26 වැනිදා වීසා කැන්සල් වෙනවා. ඊට කලින් මේ ගැන බලන්න. අපට අසාධාරණය කරලා තියෙන්නේ බියුරෝ එකෙන්. E 8 වීසා එක නීත්‍යානුකූල නැතිනම් එය නීත්‍යානුකූළ කිරිමේ වගකිම බලධාරීන්ට තියනවා. අපට අසාධාරණය කළේ බියුරෝ එකෙන්. කොරියාවෙන් අපව ගෙන්වා ගන්න කැමතියි. නමුත් බියුරෝ එකෙන් යවන්නේ නෑ.” තරුණියක් කීවාය.

විවිධාකාරයෙන් දේශපාලනය හරහා අවභාවිතා වුන තරුණ පිරිස් අලුත් ආණ්ඩුව සමග අලුත් වටයකින් ස්වකීය බිඳවැටුන අපේක්ෂා සමග පොරබැදීම ආරම්භ කර ඇත. තේරුම් ගත යුත්තේ මේ ගිනි අවුවේ වේලෙමින් උගුර ලේ රහ වනතුරු කෑ ගසා මේ යෞවනයින් ඉල්ලා සිටින්නේ දේශපාලනය විසින් මහා ගර්වයක් මවා පෙන්වූ කොරියාවේ ලාභම කම්කරු වෘත්තියේ මාස හය හතක රැකියා අවස්ථාක් වෙනුවෙනි.  විදේශවලින් ආනයනය කරනු ලබන මිනිස් දූවිලි සඳහා ලැබී ඇති ඉඩ  තමන්ගෙන් පිරවීමට අවස්ථාව දෙන ලෙස මේ තරුණයින් ඉල්ලා සිටිති. ඔවුන්ගේ ජීවිත අපේක්ෂාවන් ඒ තරම් ඛේදවාචකයක ය. එය හඬා වැටිය යුතු කතාවක් කියන බව විශ්වාස කරමු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වදුරව නිධාන සොමිය ඉවරයි… මහ ගල කුඩු කරයි… ඇති ලබ්බක් නෑ,…

Next Post

තොග හංගන මෝල්ලුන්ට කෘෂිකර්ම ඇමතිගෙන් පණිවිඩයක්… නව ක්‍රමවේද අරන් හරි සහල් ප්‍රශ්නය විසඳනවා… ජනතාව දුන්න ජන වරමින් හරිදේ නොකළ මිනිස්සු විදිහට අපි අපේ කතාව අවසන් කරගන්නේ නෑ…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.