උණුසුම් කාලගුණික තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබේ.
204 මාර්තු 17 වැනිදාට වලංගු පරිද් මාර්ත් 16 වැනිදා සවස 4 ට නිකුත් කර තිබිණි. වයඹ, උතුරු මැද, නැගෙනහිර, බස්නාහිර පළාත් සහ මොණාරාගල, මන්නාරම, මුලතිව්, වව්නියාව, හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය නිකුත් කර තිබේ.
එම ප්‍රදේශවල ශරීරයට දැනෙන තත්ත්වයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 39 – 45 දක්වා වනු ඇතැයි දෙපාරත්මේන්තුව පවසයි.
වැඩබිම් තුළ දී ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරිම, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, නිවෙස් තුළ දී වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් සම්බන්ධව අවධානයෙන් පසුවීම, වාහන තුළ පොඩි දරුවන් තනිව රඳවා නොතැබීම, එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කිරීම, සුදු හෝ ලා පැහැති ඇඳුම් ඇඳීම සිදුකරන ලෙස එම අවවාදාත්මක නිවේදනයේ දැක්වේ.
අද දිනය තුළ වැඩිම උෂ්ණත්වය වන සෙන්ටිග්‍රේඩ් අංශක 36.6 කුරුණෑගලින් වාර්තා වනු ඇති බවත්, අනුරාධපුර රත්නපුර නගරවල උෂ්ණත්ය සෙන්ටිග්‍රේඩ් අංශක 36ක්, මහනුවර මන්නාරම සහ ත්‍රිකුණාමලය සෙන්ටිග්‍රේඩ් අංශක 34ක් වාර්තා වනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ප්‍රධාන වශයෙන් දිවයින පුරාම වැසි රහිත වියලි කාලගුණ තත්ත්වයක් පවතින බව දෙපාර්තමේන්තුව නිගමනය කර ඇත.