අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

උතුරෙට ෆෙඩරල් දෙනවා කියලා 13+  දෙනවා කියලා ඡන්ද බිස්නස් කරන්නෙ නෑ… අපි සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව   එක කුඩයක් යටට ගෙනෙන ආණ්ඩුවක්  හදමු… අනුර කුමාර දිසානායක!

by editor
මාර්තු 17, 2024
in සමාජ
Share on FacebookShare on Twitter

සහෝදරත්වයෙන් සිටි ජාතියක් සිංහල දෙමළ මුස්ලිම් ලෙස බෙදා වෙන් කර ජාතිවාදී ගැටම්  උපදවා තම පැවැත්ම තහවුරු කරගන්නා දේශපාලකයින් සහිත රටක් අගාධයේ පත්ලටම ඇද වැටෙනවා විනා කිසි කළෙකත් දියුණු   නොවන බවත් දකුණේ මෙන්ම උතුරේ වාසය කරන ජාතිවාදී දේශපාලකයින්ගේ ගොදුරු බවට පත් නොනවන ජනතාවක් රටට අවශ්‍ය බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය. ඔහු කීවේ දකුණේ දී ඒ දේ කර ඇති බවය.  උතුරේ ඒ ජාතිවාදී දේශපාලනය හුදකළා කර එක මිටකට එක් වී මේ රටේ නව ජනතා ආණ්ඩුවක් වෙනුවෙන්   එක්වන ලෙස ඔහු උතුරේ ජනතාවට ආරාධනා කළේය. 

“. ජාතිවාදය ප්‍රතික්ෂේප කරන ලද සිංහල, දෙමළ, මුස්ලිම් ජනයාගේ සමගිය නිර්මාණය කරන ආණ්ඩුවක් අපට ඕනෑ… අප ඔබට ආරාධනා කරන්නේ දකුණේ සිංහල ජනතාව, උතුරේ දෙමළ ජනතාව, කඳුකරයේ ජීවත් වෙන ජන ප්‍රජාව, නැගෙනහිර ජන ප්‍රජාව,… මේ සියලු දෙනා නියෝජනය කරන ආණ්ඩුවක් හදන්න . ඒ නිසා අපි දෙමළ ජනතාවට ආරාධනා කරන්නේ  ෆෙඩරල් දෙන්නම්, තර්ටීන් ප්ලස් දෙන්නම් කියලා   නොවෙයි.  අපි කරන දේශපාලනය බිස්නස් එකක්  නොවෙයි. ජනතාව අතර ඇතිවෙන සම්මුතියක්. එවැනි සම්මුතියක් අපට ඕනෑ.  මොකද අපි ගොඩනඟන ආණ්ඩුව සියලු ජනතාවගේ ආරක්ෂාව සහතික කරන ආණ්ඩුවක්.” අනුර කුමාර දිසානායක පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ ඊයේ වව්නියාවේ පැවති   ජාතික ජන බලවේගයේ වව්නියාව දිස්ත්‍රික් සමුළුව  අමතමිනි.

අනුර කුමාර දිසානායක කළ කතාව මෙසේය.

මේ අවුරුද්ද ඉතාමත් තීරණාත්මක අවුරුද්දක්. නව ආණ්ඩුවක් හදන, නව පාලනයක් ගේන අවුරුද්දක් බවට මේ අවුරුද්ද පත්කර ගත හැකියි. වව්නියාව ඉතා වැදගත් දිස්ත්‍රික්කයක්. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව ඉතා සමගියෙන් ජීවත් වෙන දිස්ත්‍රික්කයක්. අපි මේ පවත්වන සමුළුව ඉතා වැදගත් සමුළුවක්.

මේ අවුරුද්දේ ජනාධිපතිවරණය පැවැත්විය යුතු වෙනවා. අලුත් ආණ්ඩුවක් හදන්න අපිට අවස්ථාවක් ඇවිත් තිබෙනවා. ඒ හදන අලුත් ආණ්ඩුවේ ප්‍රධානම කොටස්කරුවන් වෙන්න එකතු වෙන්න කියලා වව්නියාව දිස්ත්‍රික්කයේ ඔබට ආරාධනා කරන්නයි අපි ආවේ. අපි මේ වැඩේ කරන්න ඕනෑ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඇයි ඒ? දීර්ඝ කාලයක් මේ පාලකයන් මේ රට පාලනය කළා. රටේ ජනතාවත් විශාල බලාපොරොත්තු තබාගෙන ආණ්ඩු හැදුවා. ආණ්ඩු පෙරළුවා. නායකයෝ ගෙනාවා. නායකයෝ මාරු කළා. ඒ දීර්ඝ කාලයෙන් පස්සේ රටටත් ජනතාවටත් සිදුවෙලා තිබෙන්නේ මොකක්ද? ඔවුන් ජනතාවගේ ප්‍රශ්න විසඳන්න සමත් වෙලා තිබෙනවාද? ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳගෙන තිබෙනවා.

ඔවුන් නැවත වතාවක් බලය අරගෙන රට ගොඩනඟයිද? මෙච්චර කාලයක් බැරිවුණු එකේ තවදුරටත් බැහැ. ඒ ගොල්ලෝ අපේ රටත් ජනතාවත් විනාශයට පත් කළා. අනාගතයේත් අපේ රට ගොඩනගන්නේ නැති බව අපි දන්නවා. ඒ පැරණි අසාර්ථක විනාශකාරී පාලකයන් ඵලවා හැරලා ජනතාවගේ ආණ්ඩුවක් අපි හදාගනිමු.

  • ජාතිවාදය

ජාතිවාදය ඇති කළා, යුද්ධ ඇති කළා. අපිව බෙදුවා. උතුරෙත් දකුණෙත් කළ හැකි සියලු විනාශකාරී දේවල් සිදුකළා. 1948 නිදහස ලැබුණාට පස්සේ මේ පාලකයන් අපිව එකතු කළාද? 1949 පුරවැසි පනත ගෙනාවා. වතුකරයේ ජනතාවගේ ඡන්ද බලය අහිමි කළා. 1949 චෙල්වනායගම් වෙනම දෙමළ රාජ්‍ය පක්ෂය හැදුවා. වෙන්වෙන්න ඕන කියන්න පටන් ගත්තා. 1956 භාෂා ප්‍රශ්නයක් ඇති කළා. 1958 සිංහල- දෙමළ කෝලාහලයක් ඇති වුණා. 1965 “ඩඩ්ලිගේ බඩේ මසල වඩේ” කියලා පෙළපාලි ගියා. 1976 වඩුක්කොඩෛයිවල සම්මේලනයක් තියලා, වෙනම රාජ්‍යයක අවශ්‍යතාවය ගැන දෙමළ නායකයන් කියන්න පටන් ගත්තා. 1981දි යාපනයේ පුස්තකාලය ගිනි තැබුවා. 1983දි කොළඹ දෙවන හරස් වීදිය, හතරවෙනි හරස් වීදිය ගිනි තැබුවා. 1983න් පස්සේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් ඇති වුණා. 2009 යුද්ධය අවසන් වුණා.

2015 වෙනකොට වඳ කොත්තු ඇතිවෙන්න පටන් ගත්තා. 2017 වන විට වඳ ඇඳුම් එන්න පටන් ගත්තා. 2019 පාස්කු ප්‍රහාරයක් සිදුවුණා. නිදහසෙන් පස්සේ හැමදාම සිංහල – දෙමළ ජනතාව තරහා වෙනවා. සිංහල – මුස්ලිම් ජනතාව තරහා වෙනවා. එකිනෙකා අතර ගැටුම් ඇති කරවනවා.

ලෝකයේ දියුණු වෙන කිසිදු රටක් මෙවැනි ජාතිවාදී ගැටුම් මධ්‍යයේ දියුණු වෙනවාද?. අපට වඩා ප්‍රාදේශීය බෙදීම් තිබෙන ඉන්දියාව බලන්න. විවිධ භාෂාවන්, විවිධ ආගම්, විවිධ සංස්කෘතීන් තිබියදී අබ්දුල් කලාම් ජනාධිපති වෙනවා.  සික් ජාතිකයෙක් අග්‍රාමාත්‍ය ධුරයට පත්වෙනවා. අද කුල හීන යැයි සම්මත කාන්තාවක් ජනාධිපති වෙලා තිබෙනවා. ඉන්දියානු කොඩිය යටතේ සියලු ඉන්දියානු ජනතාව එකතු කරන්න ඒ ගොල්ලන්ට පුළුවන් වුණා. අපි වෛරය, වපුරලා, සැකය ඇති කර තිබෙනවා.  යුද්ධ ඇති කර තිබෙනවා. මරාගෙන මැරිලා තිබෙනවා. මේ එකක්වත් සිංහල සහ දෙමළ ජනතාව අතර තිබූ ප්‍රශ්නද? අදත් මේ වේදිකාවේ සිංහල, දෙමළ අය එකට වාඩිවෙලා ඉන්නනවා. මම සිංහලෙන් කතා කරනවා. කෝකිලන් ඒක පරිවර්තනය කරනවා.

අපි සහෝදරත්වයෙන් සිටි ජාතියක්. අපි අතර ආවාහ විවාහ සිදුවුණේ නැද්ද? ඔවුන්ගේ තෛපොංගල් උත්සවවලට අපි සම්බන්ධ වුණේ නැද්ද? අපි සමගියෙන් සිටි ජාතියක්.  සිංහල – දෙමළ අය අතර කවදාවත් ජාතිවාදය  තිබුණේ නැහැ. ජාතිවාදය ඇති කළේ දේශපාලකයන්. ඔවුන්ගේ එකම පැවැත්ම වුණේ ජාතිවාදය. ඔවුන්ගේ දේශපාලනය බෙදීම.

  • සියලු දෙනාගේ ආණ්ඩුවක්

අපේ රටට අලුත් දේශපාලනයක් අවශ්‍යයි. මේ  රට ඉස්සරහට ගෙනයන දේශපාලනයක් අවශ්‍යයි. ජාතිවාදය ප්‍රතික්ෂේප කරන ලද සිංහල, දෙමළ, මුස්ලිම් ජනයාගේ සමගිය නිර්මාණය කරන ආණ්ඩුවක් අපට ඕනෑ. අපි ගහගත්තා, යුද්ධ කර ගත්තා. අපේ දරුවොත් ගහගන්න, යුද්ධ කරන්න ඕනෙද?  ඒක වළක්වන්න ඕනෑ.

දකුණේ සිංහල ජනතාව, උතුරේ දෙමළ ජනතාව, කඳුකරයේ ජීවත් වෙන ජන ප්‍රජාව, නැගෙනහිර ජන ප්‍රජාව මේ සියලු දෙනා නියෝජනය කරන ආණ්ඩුවක් අපි හදමු. ඒ නිසා අපි දෙමළ ජනතාවට ආරාධනා කරන්නේ, ෆෙඩරල් දෙන්නම්, තර්ටීන් ප්ලස් දෙන්නම් අපිට ඡන්දෙ දෙන්න කියලා නොවෙයි. ඒක ගනුදෙනුවක්. බිස්නස් එකක්. අපි කරන දේශපාලනය ගනුදෙනුවක් නොවෙයි. ජනතාව අතර ඇතිවෙන සම්මුතියක්. එවැනි සම්මුතියක් අපට ඕනෑ. මොන වගේ සම්මුතියක්ද? අපි ගොඩනඟන ආණ්ඩුව සියලු ජනතාවගේ ආරක්ෂාව සහතික කරන ආණ්ඩුවක්.

මේ  රටේ කිසිදු පුරවැසියෙක් තමන් අදහන ආගම අනුව, කතා කරන භාෂාව අනුව ආරක්ෂාව පිළිබඳ තර්ජනයකට මුහුණ නොදිය යුතුයි. උතුරේ සිංහල ජනයාට වගේම දකණේදි දෙමළ ජනතාවටත් ආරක්ෂාව තහවුරු විය යුතුයි. අපි කොහේ ජීවත් වුණත් කවර භාෂාවක් කතා කළත් කවර ආගමක් ඇදහුවත්, කවර සංස්කෘතියක ජීවත් වුවත් ඒ හැම පුරවැසියාගේම ආරක්ෂාව සහතික කරන ආණ්ඩුවක් හදමු. ඒක තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව.

තමන්ගේ භාෂාවෙන් රාජ්‍යයත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්කම තිබෙන්න ඕනෑ. දෙමළ පුරවැසියෙකුට පොලීසියට ගිහින් තමන්ගේ භාෂාවෙන් පැමිණිල්ලක් දාන්න, තමන්ගේ භාෂාවෙන් ආණ්ඩුවට ලිපියක් ඇරියොත් ඒ භාෂාවෙන් උත්තරයක් ලබන්න අයිතිය තිබෙන්න ඕනෑ. දකුණේ කෙනෙකුට සිංහල භාෂාවෙන් පැමිණිල්ලක් දාන්න, සිංහල භාෂාවේ ලිපියකට උත්තරයක් ලබා ගන්න හැකියාව තිබෙන්න ඕනෑ. හැම පුරවැසියෙකුට තමන්ගේ භාෂාවෙන් රජයත් එක්ක ගනුදෙනු කරන්න හැකි අයිතිය තහවුරු වෙන්න ඕනෑ. ඒව කරන්න ඕන වැඩ. ආගම ඇදහීමේ නිදහස තහවුරු කරන්න ඕනෑ. ඒ නිසා කිසිසේත්ම යළි ජාතිවාදයක් ඇති නොවෙන්න ඉඩකඩ අපි හදන්න ඕනෑ.

දකුණේ සිංහල ජාතිවාදී කණ්ඩායමුත්, උතුරේ දෙමළ ජාතිවාදී කණ්ඩායමුත් ඉන්නවා. නමුත් අන්තවාදී, ජාතිවාදී නොවෙන සමගිය අපේක්ෂා කරන දෙමළ නායකයන් ඉන්නවා. ඔවුන් එකතුකර ගත යුතුයි. උතුරේ දෙමළ ජාතිවාදය තිබෙනවා නම්, එයාලා හුදකලා කරලා ජාතිවාදීන්ගෙන් දෙමළ ජනතාව මුදා ගත යුතුයි. දකුණේ අපි එය සිදුකර ඉවරයි.

  • පොලිස්පති නාඩගම

දකුණේ ජනතාවගෙන් විතරක් අපිට ආණ්ඩුවක් හදලා වැඩක් නැහැ. නැගෙනහිර, උතුරේ, කඳුකරයේ ජනතාවගේ සහාය තිබෙන, සමගිය ඇති කරන ආණ්ඩුවක් අපි හදන්න ඕනෑ. සියලු ජනතාව එක කුඩයක් යටට ගේන නව පන්නයේ ආණ්ඩුවක් හදමු. බෙදුම්වාදය හදන, ජාතිවාදය වපුරන ආණ්ඩුවලින් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ.

ජාතික සමගියෙන් තොරව අපේ රට හදන්න බැහැ. පළමුව අපි එය ගොඩනඟන්න ඕනෑ. දෙවැන්න හොරකම, වංචාව, නාස්තිය නතර කරන ආණ්ඩුවක් හදන්න ඕනෑ. මම අද උදේ අනුරාධපුරේ සිට කිලිනොච්චිය හරහා වවුනියාවට ගියා.  පොලිස්පති තෝරන ඡන්දෙ තියෙනවා වගේ හැමතැනම කටවුට්, බැනර් ගහලා. මල්වෙඩි  දාලා.

පොලිස්පති යනු රජයේ නිලධාරියෙක්. ඔහුට රජය වගකීමක් භාරදී තිබෙනවා. මේ නාස්ති කරන්නේ මහජනයාගේ ධනය. මෙහෙම පාලකයන්ට රටක් හදන්න පුළුවන්ද? දවස් කිහිපයකට කලින් යාපනයේ ගුවන් හමුදා ප්‍රදර්ශනයක් තිබුණා. ආරක්ෂක නියෝජ්‍ය ඇමති කොළඹ ඉඳන් යාපනේට හෙළිකොප්ටරයකින් යනවා. ඊට පස්සේ ආරක්ෂක උපදේශක, දවස් කිහිපයකට පස්සේ ශවේන්ද්‍ර සිල්වා, ඒ උත්සවයටම ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න කොළඹ ඉඳන් යාපනේට හෙළිකොප්ටරයකින් යනවා. අපේ ගමේ ත්‍රී විලර් එකක් අරගෙන ඉස්පිරිතාලෙටවත් එහෙම එන්නේ නැහැ.

මහජනයාගේ ධනය නාස්ති කරන පාලකයෝ. මෙහෙම රටක් හදන්න පුළුවන්ද? ජනාධිපතිවරයාට රට යන්න අයවැය ලේඛනයෙන් සල්ලි වෙන්කරනවා. ඒ සම්මත කරන්නේ අවුරුද්දටම. ඒ වෙන්කරන සල්ලි පිරිමහගෙන රට යන්න ඕනෙ. නමුත් අවුරුද්ද පටන් ගන්නකොටම සල්ලි ටික ඉවරයි. ආයිමත් පාර්ලිමේන්තුවට ඇවිත් ලක්ෂ 2000ක් රට යන්න රනිල් වික්‍රමසිංහ අනුමත කර ගත්තා. මෙහෙම පාලකයෙක් රටක් හදයිද?

එක්සත් ජාතීන්ගේ සංවිධානෙට යනකොට ස.ජ.බෙ. මන්ත්‍රී සුරේෂ් වඩිවේල්, ඕස්ට්‍රේලියාවේ ‍  යනකොට අනුරාධපුර ස.ජ.බෙ. මන්ත්‍රී රහුමාන්, උගන්ඩාවේ යනකොට ස.ජ.බෙ. මන්ත්‍රී ක්‍රීස් නෙල්සන් අරගන යනවා. කාගෙ සල්ලිද මේ? මේ ජනතාවගේ සල්ලි. කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරන්නේ මන්ත්‍රීලා ඒ පැත්තට ගන්න. මහජනයාගේ ධනය දේශපාලන සූදුවේ යොදවනවා.

  • අප ගොඩනගන රට

එක. මේ රට හදන්න ජාතික සමගිය ඕනෙ. දෙක, නාස්තියෙන්, දූෂණයෙන් තොර ආණ්ඩුවක් ඕනෑ. මෑතක සජිත් ප්‍රේමදාස කෑ ගහලා කිවුවා, එයාගෙ ආණ්ඩුව ආවම හොරු අල්ලන්න ෆොන්සේකාට බාරදෙන බව. ආණ්ඩුව හදන්න කලින් හොරෙක් ආවා ස.ජ.බෙ.ට. ෆොන්සේකා මහත්තයා කිවුවා “මේ හොරා ගන්න එපා” කියලා. හොරා ඇතුලේ. හොරු අල්ලන ෆොන්සේකා මහතා එළියේ. මේ ගොල්ලෝ හොරු අල්ලයිද? හොරු අල්ලන්න පුළුවන් වෙන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකට විතරයි. අපි ඒක කරනවා. ඒක විතරක් මදි. ජාතික සමගිය හදමු. කාටත් නීතියේ සාධාරණත්වය ලැබෙන රටක් හදමු.

අපි ආණ්ඩුව ගත්ත වහාම ප්‍රධාන කරුණු තුනක් සම්පූර්ණ කරන්න ඕනෑ. එක, ජනතාවගේ ආහාර සැපයුම සහතික කරන්න ඕනෑ. රනිල් වික්‍රමසිංහ කියනවා 2048 රට හදනකම් ඉන්නලු කන්න. පවුලේ හැමෝටම තුන්වේල කන්න ආහාර ලබාදීමට අපි කටයුතු කරනවා. දෙක, ගෙදර ලෙඩෙක් ඉන්නවා නම්, බෙහෙත් ටික ගන්න වාතාවරණය ඇති කරනවා. තුන දරුවන්ට ඉගෙන ගන්න පුළුවන් පරිසරයක් ඇති කරනවා. ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපනය අපි සහතික කරනවා.

මේ පළාතේ ඉතාමත් සාරවත් පොළොවක් තිබෙනවා. මහ පොළොවත් එක්ක හැප්පිලා වැඩකරන්න පුළුවන් ගොවි ජනතාවක් ඉන්නවා. අපි ස්ථාවර වාරිමාර්ග ක්‍රමයක් හදනවා. ගොවි ජනතාවට ගොවි බිමක් ලබාදෙන්න ඕනෑ. මේ පළාතේ ඉඩම් බොහොමයක් දේශපාලකයන් අතේ තිබෙන්නේ. අපි අවශ්‍ය ඉඩම්, හොඳ බීජ ලබාදෙන්නම්. ඔබ මේ පොළොව සාරවත්ව අස්වද්දන්න මහන්සි වෙන්න. අස්වැන්නට සාධාරණ මිලක් ලබාදෙන්න අපි කටයුතු කරන්නම්. කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනය යුගයක් අපි ඇති කරන්නම්.

අලුත් තරුණ පරම්පරාව එයට අකමැති වෙන්න පුළුවන්. ඔවුන්ට නව තාක්ෂණය, නව දැනුම හරහා ලෝකයේ දියුණුම ශ්‍රම වෙළඳපොළට ඇතුල්විය හැකි වාතාවරණය අපි හදනවා. අපි අවුරුද්දක් දෙකක්, තුනක් පොරබදමු. මේ රට හදනවා කියන ධෛර්යයෙන් අපි මැදිහත් වෙමු. අපේ රට හදන්න පුළුවන්.

පොලීසියේ මහත්වරුන්ට නිදහසේ රාජකාරිය කරන්න හැකි වෙන වාතාවරණය හදනවා. පොලිස් නිලධාරියාට නියෝග දෙන්නේ එහි ඉහළ නිලධාරියා මිස දේශපාලකයා නොවෙයි. අපි ඒ නිදහස හදනවා. ඒ නිසා මේ උදා වී තිබෙන වැදගත් අවස්ථාව අත් නොහැර ප්‍රයෝජන ගනිමු.

දකුණේ පිබිදීම 

දකුණේ විශාල පිබිදීමක් තිබෙනවා. 17වැනිදා මාතර තරුණ රැලියක් කරනවා. අප්‍රේල් 04 යාපනයට එනවා. හෙට අනිද්දා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ආමන්ත්‍රණය කරන්න යනවා. උතුර, දකුණ හා විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් එකතුව විශාල ජනතා ව්‍යාපාරයක් හදනවා. අපට තිබෙන්නේ ජනතාවගේ හයිය විතරයි. එයාලා හාල්, වැසිකිළි පෝච්චි, තහඩු බෙදයි. ඒවා ගන්න ඕනෑ. හොරකම් කරපු ඒවයින් ටිකක් එහෙම හරි ගන්න එක නරක නැහැ. ඒ ගන්න ගමන් මාලිමාවට වැඩ කරන්න.

පසුගිදා කොළඹ විශාල පිට්ටනියක් පිරෙන්න හාල් ගෙනත් බෙදුවා. ජනතාව දන්නවා මේ බෙදන්නේ හොරකම් කරපු ඒවා බව. ඉස්සර බෙදන කොට හිතුවේ අනේපිඬු සිටානෝ කියලා. සීනි බදුවලින්, පොල්තෙල් බදුවලින්, මහ බැංකුවට ගහලා, ගල්අඟුරු ගෙනත්, බෙහෙත්වලින් හොරකම් කළා. යාන්තම් එක්කෙනෙක් හිරේ. ඒ හොරකම් කළ ධනය තමයි ටික ටික බෙදන්නේ.

ජනතාව දුකට පත්කරලා, දවස් පහක් කන්ඩ දීලා, අවුරුදු පහක් රට කනවා. මේ දේශපාලනය ජනතාව දැන් දන්නවා. ලංකාවේ මෑත ඉතිහාසයේ ලක්ෂ 69ක් ගත්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ගත් ජනාධිපති කෙනෙක්, ගල් කැටයක්වත් ගන්නේ  නැතිව ජනතාව පාරට බැහැලා පලවා හැරියා.

එදා ජනතාව නොවෙයි අද ඉන්නේ. අද ජනතාව වෙනස් වෙලා. මෙතෙන ඉන්න බහුතර ජනතාව පළමුවෙනි වතාවට ජාතික ජන බලවේගයේ අපට ඇහුම්කන් දෙන අය. අද මේ අවස්ථාව අත් නොහැර පොර බදලා, වැඩ කරලා, මහන්සි වෙලා, ඔක්තෝබර් මාසය වෙන විට ලංකාවේ අලුත් පාලනයක් ගොඩනඟමු. ඒ වෙනුවෙන් සියලු දෙනා එකතු වෙමු. වැඩ කරමු

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද උණුසුම්… ප්‍රවේශමෙන්….

Next Post

ඩිල්ෂාන් මධුශංඛ හෙට තරගයෙන් ඉවතට… ඔහුගේ මස්පිඩු ඉරී ගිහින්… පුනරුත්ථාපන කටයුතු සඳහා ඉක්මනින්ම  ශ්‍රි ලංකාවට…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.