කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු කළාපයේදී 2021 ඔක්තෝබර් 18 වන දින සවස් කාලයේ අනතුරට ලක් වූ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවර යාත්‍රාවේ සිට අතුරුදන් ධීවරයාගේ මෘත දේහය සොයා ගැනීමට සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමේ නිරත නාවික හමුදා කණ්ඩායම් ඊයේ (20) පෙරවරුවේ සමත් වී තිබේ.
සිරුරු ඊයේ (20) කන්සන්තුරේ වරාය වෙත රැගෙන යෑමට කටයුතු කළ බව නාවික හමුදාව නිවේදනය කළේය.
අනතුරෙන් පසු අතුරුදන්ව සිටි මෙම ධීවරයා සොයා නාවික හමුදාව විසින් අනතුර වාර්ථා වූ අවස්ථාවේ සිට අඛණ්ඩව සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියත්මක කළේය.
ඒ සඳහා නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් ඇතුළුව වේග ප්‍රහාරක මුර යාත්‍රා සහ වෙරළබඩ මුර යාත්‍රා යොදවා තිබිණි.
අනතුරුව, මෘත දේහය සම්බන්ධව හදිසි මරණ පරීක්‍ෂණය යාපනයේ පිහිටි ඉන්දියානු කොන්සල් ජෙනරල් කාර්යාලයේ නියෝජිතයින්ද සහභාගීත්වයෙන් පවත්වා තිබේ.