කීර්ති ප්රනාන්දු –
ලංකාවේ පළමු වරට සය නිවුන් දරු උපතක් සිදු වී ඇතැයි වාර්තා වේ. කොළඹ පෞද්ගලික රෝහලකදී අද 21 අලුයම මෙම දරු උපත සිදු වී ඇත.
උපත ලද මෙම බිළිඳුන් හය දෙනාගෙන් තිදෙනෙකු පුතුන් වන අතර තිදෙනකු දූවරුන් ය.
අද අළුයම මහාචාර්ය ටිරාන් ඩයස් විසින් සිදුකළ සිසේරියන් සැත්කමකින් මෙම දරු උපත සිදු වී ඇතැයි පැවසේ. ඇය කොළඹ අයි ඩී එච් ප්රදේශයේ පදිංචි තිස් එක් හැවිරිදි මවකි.
මේ වන විට බිළිඳුන් ඇය දෙනාම ඉතා සුවයෙන් නිරෝගීව පසුවන බවද පැවසේ