තුෂාරී කළුබෝවිල –
අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය ස්ථාපිත ව ඇති බැවින් ඉතා දරුණු අකුණු අනතුරු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
දිවයිනේ සෑම ප්‍රදේශයකට ම උදේ සහ දහවල් කාලයේ ඉතා තදින් අව්ව වැටෙන නමුත් පස්වරු එකෙන්, දෙකෙන් පසු ව එක්වර ම අහස වළාකුළින් බර ව ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක “ලංකසර” ට කීවේ ය.
අන්තර් මෝසම් කාලගුණික තත්ත්වයේ ස්වභාවය වන්නේ සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීම බැවින් මෙම තත්ත්වය නිමා වනතුරු සවස් කාලයේ එළිමහන්, විවෘත ස්ථානවල රැඳී සිටීම, විද්‍යුත් උපකරණ ආදිය සවස් කාලයේදී භාවිත කිරීම, ගුවන්විදුලි හා රූපවාහිනී යන්ත්‍ර භාවිත කිරීම අවදානම් බව ඔහු පැවසුවේ ය.
අකුණුවලින් ඇති වන අනතුරු අවම කර ගැනීම සඳහා සෑම නිවසක ම හා ගොඩනැගිල්ලක ම අකුණු සන්නායක පද්ධතිය නිවැරදි ආකාරයෙන් ස්ථාපිත ව පවතවාගත යුතු බව ද හෙතෙම පැවසී ය.
වැසි සමග ඇතැම් ප්‍රදේශවලට තද සුළං ද ඇති වන බව පැවසූ කරුණානායක මහතා සවස් කාලයේ ගිහුරුම් සහිත වැස්ස දිවයිනේ බස්නාහිර, සබරගම්‍ය්ව, මධ්‍යම, ඌව, දකුණ, උතුර යන පළාත්වලට වැඩි බලපෑම් ඇති කරවනු ඇතැයි කීවේ ය.