ශ්‍රි ලංකාවට ආහාර ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ලබා ගැනීම සඳහා අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් බිලියනයක් වටිනා ණය සහන යෝජනා ක්‍රමයට අදාළ ගිවිසුම් අද සවස නවදිල්ලි නුවරදී අත්සන් කෙරුණු බව ඉන්දීය විදේශ අමාත්‍ය ජේ ජයශංකර් පවසයි.
අස්ලවැසියාට පළමුව – ඉන්දියාව ශ්‍රි ලංකාවේ සහයට හිට ගනී යනුවෙන් ඔහු සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර ඇත.
Neighborhood first. India stands with Sri Lanka.
US$ 1 billion credit line signed for supply of essential commodities.
Key element of the package of support extended by India. pic.twitter.com/Fbzu5WFE3n
— Dr. S. Jaishankar (@DrSJaishankar) March 17, 2022
මෙම ගිවිසුම ඉන්දීය මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සහ ශ්‍රි ලංකා මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර් ආටිගල අතර හුවමාරු වූ අතර මෙම අවසථාවට මේ වනවිට ඉන්දියාවේ සංචාරයක යෙදෙන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ , ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන්, ඉන්දීය විදේශ අමාත්‍ය ජේ. ජයශංකර්, ශ්‍රි ලංකාවේ ඉන්දියානු තානාපති ගෝපාල් බග්ලේ , නවදිල්ලියේ ශ්‍රි ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ සහභාගී වූහ.