හෙට පැය පහක විදුලි කප්පාදුවක් සඳහා යෑමට සිදුවන බව විදුලි බල මණ්ඩලය පවසයි. ‘ ඒ සිට එල් දක්වා කලාප වලට මෙම පැය පහක විදුලි කප්පාදුව බලපැවැත්වෙනු ඇත.
‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට හෙට පැය 3 ය විනාඩි 15 ක් විදුලිය කප්පාදු කිරීමට නියමිතය.
‘ඒ’ සිට ‘එල්’ කලාප 12 කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 3 යි විනාඩි 20 ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 40 ක් ද, විදුලිය කප්පාදු කෙරෙනු ඇත.
‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා දහවල් කාලයේ පැය 2 ක් ද, පස්වරු 5.00 සිට රාත්‍රී 10.00 දක්වා පස්වරු කාලයේ පැයයි විනාඩි 15 විදුලිය කප්පාදු කරන බව එම මණ්ඩලය සඳහන් කළේය