කොළඹ දිස්ත්‍රික්කය තුළ ඉන්ධනහල්වලින් ඩීසල් නිකුත් කිරීමේදී එක් වාහනයකට ලබා දෙන ඩීසල් ප්‍රමාණය ලීටර 10කට සීමා කිරීමට සිදුව ඇතැයි බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසයි.
මේ වනවිට කොළඹ ඉන්ධන බෙදා හැරීමේ පවතින ගැටලු හේතුවෙන් මෙම තීරණය ගත් බවත් ඒ අනුව කොළඹ සෑම ඉන්ධන හලකම එක වාහනයකට ලීටර 10කට වඩා ඩීසල් නොදෙන්නැයි ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රාදේශීය කළමනකරුවන් වෙත උපදෙස් ලබා දී ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.
ඔහුට අනුව මෙම ගැටලුවට හේතු වී ඇත්තේ පසුගියදා අවසන් වරට පැමිණි ඩීසල් නැව සපුගස්කන්දේ ගබඩා කිරීමට නොහැකි වීමය.
පැවැති තදබදයක් හේතුවෙන් පැමිණි ඩීසල් නැව තෙල් මුතුරාජවෙලට බාන්නට සිදුව ඇති අතර මේ තත්ත්වය තුළ ඉහත ගැටලුව නිර්මාණය වී ඇති බවය.
ඉන්ධන ප්‍රවාහන රථ හිමියන් විසින් දියත් කළ වර්ජන ක්‍රියාමාර්ගයද මෙම බෙදා හැරීමේ ජාලය අවුල් සහගත වීමට හේතු වී අතර එම රථ හිමියන්ගේ සංගමය පවසන්නේ බෙදා හැරීම් යථා තත්ත්වයට පත් වීමට තවත් දින දෙකක් පමණ ගත වනු ඇති බවය.
අමාත්‍ය ගාමිණි ලොකුගේ තවදුරටත් සඳහන් කර සිටියේ අද උදෑසන 6 සිට ඩීසල් සහ පෙට්‍රල් බවුසර් දෙක බැගින් කොළඹ සෑම ඉන්ධන හළකටම ලබා දීමට පියවර ගෙන ඇති බවය.
මේ අතර තවත් පෙට්‍රල් මෙට්‍රික් ටොන 38,000ක් රැගත් නැවක් ගොඩබෑම් කටයුතු සිදුවෙමින් පවතින බවද ඔහු පැවසීය.