දිනසේන රතුගමගේ –
යාපනයේදී පොලිසිය විසින් අත් අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වකුමාර් ගජේන්ද්‍රන් ඇතුලු 18 දෙනෙක් රුපියල් ලක්ෂ 3 බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරීමට යාපනය මහේස්ත්‍රාත්වරයා ඊයේ (11) නියෝග කළේය.
යාපනය අධිකරණයෙන් නිකුත් කළ නියෝගයක් නොතකා යාපනයේදී විරෝධතා රැලියක් පැවැත්වීම හා ඊට මූලිකත්වය දීම යන චෝදනා යටතේ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාගේ අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්වන සෙල්වකුමාර් ගජේන්ද්‍රන් ඇතුළු පිරිස පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
අධිකරණ නියෝගයක් මත මන්ත්‍රීවරයා ඇතුලු පිරිස අත් අඩංගුවට ගැනීමට යාමේදී පොලිසිය හා මන්ත්‍රීවරයාගේ ආධාරකරුවන් අතර දැඩි නොසන්සුන් තත්වයක් හට ගෙන තිබිණි.
පොලිසිය මන්ත්‍රිවරයා ඔසවා ගෙන ගොස් ජීප් රථයක දමා ගත් අතර ඔහු ඇතුලු පිරිසට එරෙහිව නඩුව මාර්තු මස 21 දා විභාගයට ගැනීමට නියමිතය.







