දිනසේන රතුගමගේ –
යාපනය මහ නගර සභාවේ ඊ.පී.ඩී.පී නගරික මන්ත්‍රී නීතිඥ එම්.රෙමීඩියස් 11 දා යාපනය ශීක්ෂණ රෝහලේදී මියගොස් තිබේ.
මීට දින කීපයකට පෙර රෙමීඩියස් නගර සභා මන්ත්‍රීවරයා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේදී සුනඛයෙකු යතුරු පැදියේ ගැටීම නිසා අනතුරකට පත්ව සිටියේය.
අනතුරෙන් ඔහු සුළු තුවාල ලබා තිබුණද හදිසියේම මොළයට රුධිරය වහනය වීම නිසා මරණයට පත්ව ඇත.
මන්ත්‍රීවරයා පැළද සිටි හිස් වැසුම අනතුරත් සමග ගැල වී යාමෙන් පසුව මන්ත්‍රීවරයාගේ හිස පාරේ රළු ස්ථානයක ගැටී තිබේ.