කීර්ති ප්‍රනාන්දු –
පාන් රුපියල් 10 කින් අඩු කළ ද බනිස් මාලු පාන් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදනවල මිල ද මිල රුපියල් 10 කින් පමණ අඩු කරන ලෙස සමස්ත බේකරි හිමියන් ගෙන් ඉල්ලීමක් කර තිබුණත් එම ඉල්ලීම ක්‍රියාත්මක කළ නොහැක්කේ තවමත් වෙළඳපලේ සාධාරණ මිලකට බේකරි හිමියන්ට පිටි මිලදී ගැනීමේ අවස්ථාව නොමැතිවීම හේතුවෙන් බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
බනිස් සහ මාළු පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල අඩු නොකිරීම පිළිබඳව ලංකාසර කළ විමසීමකට පිළිතුරු දෙමින් සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ පිටි කිලෝවක් රුපියල් 270 , 300, 350 වැනි වැඩි මිලට මිලදී ගැනීමට සිදු වී ඇති නිසා මාලු පාන් , බනිස් මිල අඩු කළ නොහැකි බවයි .
වෙළෙඳපලේ තවමත් බනිස් සහ මාළුපාන් රුපියල් 60 සිට-120 දක්වා මිලකට අලෙවි වෙමින් ඇත.







