සූරියවැව නුවන් ජයසේකර –
ප්‍රතිකාර සඳහා අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට අගුණුකොළපැලැස්ස රෝහලට රැගෙන ගොස් සිටියදී මාංචු කූට්ටම සමගින්ම බන්ධනාගාර නිළධාරීන්ගෙන් මිදී පළාගොස් සැඟව සිටි රැදවියන් දෙදෙනෙකු තණමල්විල සර්වෝදය ප්‍රදේශයේ වාඩියක සැඟව සිටියදී තණමල්විල පොලිස් නිළධාරීන් විසින් ඊයේ (17) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මංකොල්ල කෑම්,ජීව අත්බෝම්බ සන්තකයේ තබා ගැනිම් ඇතුළු විවිධ අපරාධ රැසක් සදහා බන්ධනාගාර ගතව සිටි වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 හා 32 වයස්වල පසුවන රැදවියන් දෙදෙනෙකි.
අත් අඩංගුවට ගත් රැඳවියන් විසින් ගලවා වළදමා තිබූ මාංචු කුට්ටම ද සොයාගෙන ඇත.
සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් වැඩිදුර විමර්ශන පවත්වයි.







