සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

මේ ආණ්ඩුව හැදුවේත් ජනතාවයි… රකින්නේත් ජනතාවයි… ජනතාව පමණයි… ජනපති නුවර එළියේ මැයි දින රැළිය අමතා කියයි!

ලංකා ඉතිහාසයේ   දූෂිත අපරාධකරුවන් වැඩිම දෙනෙකුට  දඬුවම් ලැබෙන වසර 2026 වසරයි... ඉතින් ඔවුන් කලබල වේවි... ඒ කලබලය බලාගෙන ඉන්න!   

by editor
මැයි 1, 2026
in දේශපාලන
Share on FacebookShare on Twitter

ලංකා ඉතිහාසයේ පළමු වරට ගොඩනැගුන මේ ජනතාවගේ ආණ්ඩුව නිර්මාණය වන්නේ ජනතාව අතින් බවත්, එම ආණ්ඩුව රකින්නේත් වගකියන්නේත් ජනතාවට පමණක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අද (01) ප්‍රකාශ කළේය. 

රටේ ජන වරම අනුව කටයුතු කරන, රටේ ජනතාව විසින් ගොඩනැගූ ජනතාවගේ ආණ්ඩුවක් ලෙස ජනතාව වෙනුවෙන් දියත් කළ වැඩපිළිවෙළ ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කළ ජනාධිපතිවරයා එහි ප්‍රධානම පොරොන්දුවක් වූ දූෂණයට එරෙහි වැඩ පිළිවෙළ ගැන අවධාරණය කරමින් පැවසුවේ  ලංකා ඉතිහාසයේ  දුෂිතයන්, වංචනිකයන් , සහ හොරුන් වැඩිම ප්‍රමාණයකට  හිර ගෙවල් නියමවන වසර මේ වසර වනු ඇති බවය.   අපරාධකරුවන්, වංචනිකයන්, දූෂිතයන්, කුඩු ව්‍යාපාරිකයන්, පාතාලයින් සිරගත වෙමින් ඇති පසුබිමක නීතියේ ආධිපත්‍ය තහවුරු වන පසුබිමක ඇතැමුන් කලබල වීම පුදුමයක් නොවන බව  ජනාධිපතිවරයා මෙහිදී  වැඩිදුරටත් පැවසුවේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව පැවසුවේ  නුවරඑළිය සිනෙසිටා ක්‍රීඩාංගණයේදී අද (01)  පැවති “ජනරජයට – ජනබලයක්” ජාතික ජන බලවේගයේ මැයි දින රැළිය අමතමිනි.

එහිදී ජනාධිපතිවරයා   සිදුකළ සම්පූර්ණ කතාව මෙසේය.

anura-may-day-2026

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

අපි මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මැයි රැලියක් පවත්වන්නේ පළමුවතාවටයි. හැබැයි, අපි පළමු අවස්ථාවට මෙහි මැයි රැලිය පවත්වන විට, මීට පෙර මෙහි මැයි රැලි පැවැත් වූ කිසිවෙකු මැයි රැලි පවත්වන්නේ නැහැ. මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මලෛයගම් ජනතාව ඇතුළු සියලු ජනතාව අද විශ්වාසය තබා තිබෙන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කෙරෙහි කියන පණිවිඩයයි එයින් ලබා දෙන්නේ.

මේ ආණ්ඩුව හැදුවේ, මේ ආණ්ඩුව රකින්නේ මේ රටේ ජනතාවයි. ලංකාවේ ගොඩනැගී තිබෙන ශක්තිමත් සහ වැඩිම ජනතා විශ්වාසය දිනා ගන්නා ආණ්ඩුව මේ ආණ්ඩුව බව මතක තබා ගන්න. මේ මලෛයගම් ජනතාව ඇතුළු ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අද මේ ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. අපි උතුරට, නැගෙනහිරට, දකුණට ගියොත් එම සියලු ජනතාව විශ්වාස කරන්නේ මේ ආණ්ඩුවයි.

ලංකාවේ පළමුවතාවට වැඩ කරන ජනතාවගේ ආණ්ඩුවක් මේ රටේ ගොඩනැගී තිබෙනවා. මේ ආණ්ඩුව පත්ව වසර එක හමාරකට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. මේ කාලය තුළ අපි ආණ්ඩුව ලෙස තීන්දු තීරණ බොහෝ ප්‍රමාණයක් ගත්තා. බොහෝ වැඩ කටයුතුවලට මුල් පියවර තැබුවා. ඒ සෑම එකකම ප්‍රතිඵලය කුමක්ද? අපේ අරමුණ මොකක්ද? අපේ රටේ වැඩ කරන ජනතාවට ඉතාමත් හොඳ ආදායම් මාර්ගයක්, ජීවත් වීමට නිවසක්, දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, නීතියක් තිබෙන රටක්, ජාතික සමගිය තිබෙන රටක් ගොඩනැංවීමයි.

රජය ගත්තු තීන්දු වර්ග දෙක

අපි තීන්දු වර්ග දෙකක් ගත්තා. එකක් ජනතාව වෙනුවෙන් ගත් තීන්දු. අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කපන තීන්දු.

වෙන ආණ්ඩු ගත්තේ පාලකයන්ට වරප්‍රසාද, වරදාන වැඩි කර ගන්න තීන්දු, ජනතාවට පීඩාවක් ගෙන දෙන තීන්දු. හැබැයි, අද සිදු වන්නේ එහි අනිත් පැත්ත. අපි තීන්දු ගන්නවා පාලකයන්ගේ වරප්‍රසාද කපන්න. අපි තීන්දු ගන්නවා වැඩ කරන ජනතාවගේ ජිවිත උසස් කරන්න. එසේ නම් මේ ආණ්ඩුව තමයි වැඩ කරන ජනතාවගේ ආණ්ඩුව. ලංකාවේ පළමුවතාවට වැඩ කරන ජනතාව ප්‍රමුඛ කර ගෙන, වැඩ කරන ජනතාවගේ අනාගතය වෙනුවෙන් ආණ්ඩුවක් හදලා තිබෙනවා.

මේ මලෛයගම් ජනතාවගේ වැටුප් වැඩි කිරීමේ තීන්දුවක් අපි ගත්තා. අපි ඉන්නේ ඒ ජනතාව සමගයි. දිට්වා සුළි කුණාටුව හමුවේ වගා බිම් විනාශ වුණා, ඇති කරපු සත්තු ටික විනාශ වුණා, ගොවි ජනතාව, ධීවර ජනතාව, වැවිලි ක්ෂේත්‍රයේ වැඩක රන ජනතාව විශාල අසීරුතාවට පත් වුණා. අපි ආණ්ඩුවක් ලෙස වගාබිම්වලට ලංකා ඉතිහාසයේ ලබා දුන් වැඩිම වන්දි ලබා දීමට තීරණය කළා. ධීවර ජනතාවගේ බෝට්ටු නැති වුණා, දැල් ආම්පන්න නැති වුණා. අපි බෝට්ටු ගන්න අවශ්‍ය සියලු සහන ලබා දීමට කටයුතු කළා. වැවිලි ක්ෂේත්‍රයේ බෝග විනාශ වුණා. ගම්මිරිස් වගාව, තේ වගාව, එනසාල් වගාව ආදී වගා විනාශයට පත් වුණා. අපි වැඩිම සහන දෙන්න තීරණය කළා. ඒ අපි වැඩ කරන ජනතාගේ ආණ්ඩුවක් නිසා.anura-may-day-2026

ඒ වගේම වැඩ කරන ජනතාවගේ නිවාස විශාල ප්‍රමාණයක් විනාශ වුණා. අපි දන්නවා මේ විනාශ වූ නිවාස අනාරක්ෂිත සහ පහසුකම් රහිත නිවාස. ඒ නිසා අපි තීන්දුවක් ගත්තා විනාශ වූ සෑම නිවසකටම රුපියල් ලක්ෂ 50ක දීමනාවක් ලබා දීමට. ඒ අපි වැඩ කරන ජනතාවගේ ආණ්ඩුවක් නිසා. කුඩා හෝ විනාශයක් වී තිබෙනවා නම් ලක්ෂ 05ක වන්දියක් ලබා දීමට තීරණය කළා. ඒ වගේම පීඩාවට පත් පාසල් දරුවන් වෙනුවෙන් රුපියල් 25,000ක් ලබා දීමට කටයුතු කළා. වැඩ කරන ජනතාවගේ ආණ්ඩු හැදුවම රටේ ජනතාවට ප්‍රතිලාභ ලැබෙන්නේ එහෙමයි.

මැදපෙරදිග යුද්ධය හමුවේ අපිට වැළැක්විය නොහැකි අන්දමින් තෙල් මිල ඉහළ ගියා. වැළැක්විය නොහැකි අන්දමින් බලශක්ති මිල ඉහළ ගියා. හැබැයි, අපි වැඩ කරන ජනතාවගේ ආණ්ඩුවක් ලෙස අද සෑම ඩීසල් ලීටරයකටම රුපියල් 100ක සහනාධාරයක් ලබා දෙනවා. අද ඩීසල් ලීටර්යක් 382යි, අපි ඒ 100 ලබා දුන්නේ නැත්නම් 482යි. අපි මේ සහන දෙන්නේ ජනතාවගේ ආණ්ඩුවක් නිසයි.

පොහොර මිල ඉහළ ගියා. කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවි ජනතාවට පොහොර සඳහා අලුතින් රුපියල් 10,000ක සහනාධාරයක් ලබා දීමට තීරණය කළා. ඒ විතරක් නෙවෙයි ධීවර ජනතාවට ඉන්ධන සහනාධාරය ලබා දීමට තීරණය කළා. බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරයක ඉන්ධන දීමනාවක් ලබා දෙනවා. සෑම ව්‍යසනයකදීම අපි පෙරට එනවා. ජනතාව බලා ගන්නවා. දිට්වා සුළි කුණාටුවට අපි රුපියල් කෝටි 50,000ක් වෙන් කළා.

ලංකාවේ පළමුවතාවට ජනතාවගේ ආණ්ඩුවක් ගොඩනැගී තිබෙනවා. මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ අපි පාර්ලිමේන්තුවේදී කිව්වා මේ ගෝලීය යුද තත්ත්වය හමුවේ පීඩාවට පත් වන ජනතාව වෙනුවෙන් කෝටි 10,000ක් වෙන් කරනවා කියලා. ඒ නිසා මේ ජනතාවගේ ආණ්ඩුව රකින්නේ කවුද? මේ රටේ ජනතාවයි. ඊට ඔබ සූදානම්ද? ජනතාව ඉන්නේ ආණ්ඩුවත් සමගයි.

හැබැයි, මොකද වෙලා තිබෙන්නේ පොඩි කණ්ඩායමක් ඉන්නවා. 10ක්, 15ක් පාරට බැහැලා ආණ්ඩුවට ගෙදර යන්න කියනවා. ටික වේලාවකින් ඒගොල්ලේ ගෙදර යනවා.

අද පවතින්නේ විශාල මහජන වරමක් ලබා ගත් යෝධ ආණ්ඩුවක්. ජනතාවගේ විශ්වාසය තිබෙන ආණ්ඩුව. ඔවුන් ජනතාව රැස් කරනවද? නැහැ. එක හිටපු ඇමති කෙනෙක්ගේ ගෙදර අනෙක් පක්ෂවල අය එකතු වෙනවා. එකතු වෙලා කියනවා ප්‍රබල හිටපු ඇමතිවරයෙකුගේ ගෙදර ආණ්ඩුව එළැවීමට සැලසුමක් කියලා. ඊළඟ දවසේ නැවත එම කණ්ඩායමම තව පක්ෂ කාර්යාලයක ආණ්ඩුව එළැවීමට සැලැසුමක්. මෙහෙම පුළුවන්ද ආණ්ඩු එළවන්න. ඒ අයට අවශ්‍ය රටේ කලබල ඇති කරන්න. අස්ථාවරභාවයක් ඇති කරන්න. ආණ්ඩුවක ස්ථාවරභාවය රඳා පවතින්නේ රටේ ජනතාවගේ විශ්වාසය මතයි.

ඇයි මේ කලබල

මේ මැයි දින රැලියට පෙර අපි කල්පනා කළා මෙය පවත්වන්නේ කොහොමද කියලා. අපි ආරම්භක සැලසුම් කළා යාපනය, නුවරඑළිය සහ කොළඹ විතරක් තියමු කියලා. කොළඹ ලොකුම තැන ගාලු මුවදොර පිටිය. අපි 3%ක් ඉන්න කොටත් පිරෙව්වා. දැන් එතනත් මදි. ඇත්තටම තැනක් නැහැ. ඉන්ධන ප්‍රශ්නයක් පැන නැගුණා. සියලු දෙනාට කොළඹ එන්න දුෂ්කරයි. කොළඹ ඉන්න තැනකුත් නැහැ. ඒ නිසා අපි කල්පනා කළා රට පුරා රැස්වීම් 21ක් තියන්න.

ලංකා ඉතිහාසයේ පළමුවතාවට රට පුරා දස දහස් සංඛ්‍යාත ජනතාවක් ඒකරාශි වී ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කෙරෙහි තිබෙන විශ්වාසය සහ බැඳීම අද සෑම නගරයකම පෙන්නනවා.

මම කියන්නේ ඒකයි, ඔය සුන්බුන් සියල්ල එකතු වී එක තැනකට ඇවිල්ලා මේ ජනගහණයෙන් භාගයක්, කාලක් පෙන්නන්න කියලා. ඒගොල්ලේ ඉන්නේ කොතැනද, හතර පස් දෙනෙක්ගේ පොඩි කල්ලියක්, මාධ්‍ය විසින් පුම්බනු ලබන විකෘතියක්. ඇයි ඒ ඔවුන් කලබල වී ඉන්නේ. මේ රටේ ජනතාවට කලබල වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි, ඔවුන් කලබල විය යුතුයි.

anura-may-day-2026

ඔබ දන්නවා ලංකාවේ පළමුවතාවට මත්ද්‍රව්‍ය තොග පිටින් අල්ලනවා. ඒ නිසා ඔවුන් කලබලයි. පාතාලේ සබඳතා තොග පිටින් හෙළිවෙනවා. ඒ නිසා ඔවුන් කලබලයි. ඒ ඔවුන්ගෙන් පෝෂණය වූ අය. අපි ඔවුන් අත්අඩංගුවට ගන්නවා. දැනුත් විදේශ රටවල කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ලංකාවට ගෙන ඒමට අපි මේ වන විට පියවර ගෙන තිබෙනවා. අපි පාතාලය මර්දනය කරනවා. ඔවුන් කලබල විය යුතුයි.

ඒ විතරක්ද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශක්තිමත් කර තිබෙනවා. පර්යේෂණ විශාල ප්‍රමාණයක් දියත් වෙනවා. අල්ලස් කොමිසම ශක්තිමත් කර තිබෙනවා. දැන් එම පරීක්ෂණ සිදු වෙනවා. අපි ඒ ආයතන ශක්තිමත් කර දුන්නා. නීති හදලා දුන්නා. ඒ නිසා ඔවුන් කලබලයි. ඔවුන් පෝළිමේ එනවා. පරීක්ෂණ සිදු වෙනවා. නඩු අහන්න අධිකරණ මදි කිව්වා. අපි අලුත් අධිකරණ දැම්මා. හිටපු ඇමතිවරුන්ගේ ගෙවල් අධිකරණ බවට පත් කළා. එදා කාලා, බීලා සැපට හිටපු ගෙවල්වල අද නඩු අහනවා. හිටපු සෞඛ්‍ය ඇමති අද සාක්ෂි දෙන්න කූඩුවට නගිනවා, කලින් කාපු බීපු ගෙදර.

මම ඔබට සහතිකයක් දෙන්නම් . ලංකා ඉතිහාසයේම දුෂිතයන්ට, වංචනිකයන්ට, හොරුන්ට හිර ගෙවල් නියම කළ වසර බවට මේ 2026 වසර පත් වෙනවා. මේ මැයි මාසයේම දහ දෙනෙක්ගේ නම් අධිකරණයේ තිබෙනවා. ඒ නඩු තීන්දුව මැයි මාසයේ එනවා. වේගයෙන් අපරාධකරුවන්, වංචනිකයන්, දූෂිතයන්, කුඩු ව්‍යාපාරිකයන්, පාතාලයින් සිරගත වෙනවා. නඩු අහමින් තිබෙනවා. කලබල වෙන්නේ නැතිනම් තමයි පුදුම.

ජනවරමට වග කියනවා

මේ සෑම අපරාධකරුවෙක්ම නීතිය හමුවට ගෙන ඒමට ඔබ අපට ජන වරමක් ලබා දුන්නා. අපි ජන වරමට අනුව කටයුතු කරනවා. පරම්පරාවෙන් ජනාධිපතිවරුද? පරම්පරාවෙන් අගමැතිවරුද? හිටපු ජනාධිපතිද? හිටපු අගමැතිද? හිටපු ජනාධිපතිගේ බිරිඳද? පුතාද? බෑණාද? මස්සිනාද?  ඒවා භේදයක් නැහැ. නීතිය සමානව ළඟට එනවා. ඥාතීන්ට වරෙන්තු නිකුත් කර තිබෙනවා. සමහර අය රට ගිහින් ඉන්නවා. අපි ඒ අය ගෙනත් අධිකරණය හමුවට පමුණුවන්න කටයුතු කරනවා. මේ රටේ ජනතාවට නීතිය පිළිබඳ විශ්වාසය හැදිය යුතුයි. ඒ සඳහා අපි කටයුතු කරමින් සිටිනවා.

anura-may-day-2026

එපමණක් නොවයි අද අපේ රටේ ආර්ථිකය ලංකා ඉතිහාසයේදී වාර්තා කළ හොදම දත්තවලින් වැඩිම වාර්තා තබා තිබෙනවා. අපි දිට්වාවලට කෝටි 50,000ක් වෙන් කළා. ඒ සතයක් ණයට අරන් නෙවෙයි. මුදල් අච්චු ගහලා නෙවෙයි. භාණ්ඩාගාරයේ ඉතිරි කරලා.

රුපියල් කෝටි 10,000ක් මැදපෙරදිග යුද්ධයෙන් අසීරුතාවට පත් වූ ජනතාව වෙනුවෙන් වෙන් කළා. ඒ මුදල් අච්චු ගහලා හෝ ණය අරගෙන නෙවෙයි. ඉතුරු කරපු ජනතාවගේ මුදල්.

අපි පාරවල් ටික හදනවා. පාලම් හදනවා. නිවාස අහිමි අයට නිවාස ඉදි කර තිබෙනවා. සාමාන්‍යයෙන් නිවසකට ලබා දුන්නේ ලක්ෂ 16යි. එය අපි ලක්ෂ 25 දක්වා වැඩි කළා. නිවාස අහිමි ජනතාවගේ නිවාස ඉදි කර දීමේ වගකීම අපි භාරගෙන තිබෙනවා. එය අපි ඉටු කළ යුතුයි. එහිදී ඉඩම් පිළිබඳ ප්‍රශ්නය තිබෙනවා. අපි එය විසඳිය යුතුයි. ඉඩමක අයිතිය, නිවසක හිමිකම අරන් දෙන ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවයි.

ඒ වගේම, අධ්‍යාපනයේ විශාල ප්‍රතිසංස්කරණයක් අද සිදු කරමින් පවතිනවා. විශේෂයෙන් දෙමළ මාධ්‍ය ගුරුවරුන්ගේ හිඟයක් තිබෙනවා. දැනටමත් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටිනවා එම පුරප්පාඩු පිරවීමට සහ දෙමළ මාධ්‍ය විද්‍යා පීඨවලට වැඩියෙන් දුවා දරුවන් බඳවා ගැනීමට. මේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න අපිට අවශ්‍යයි. මේ දරුවන්ට තිබෙන එකම මාවත අධ්‍යාපනයයි. ආච්චි, සීයා දුක් වින්දා, අම්මා, තාත්තා දුක් වින්දා. හැබැයි, දරුවන්ට මේ දුක දෙන්න බැහැ. දරුවා මේ ව්‍යසනයෙන් ගොඩගන්න ඕන. ඒ සඳහා හොඳම මාර්ගය අධ්‍යාපනයයි. ඒ නිසා අපි අධ්‍යාපන ගැටලු ටික විසඳන්නම්.

මේ කඳුකරයේ මාර්ග කැඩිලා තිබෙනවා. ඇතැම් පාරවල් ප්‍රාදේශීය සභාවට අයිතියි. ඇතැම් ඒවා වත්තට අයිතියි. වත්තෙන් හදන්නෙත් නැහැ. ප්‍රාදේශීය සභාවෙන් හදන්නෙත් නැහැ. හැබැයි, අපි විශාල මුදලක් වෙන් කරලා ඔබේ ගම්බිම්වලට යන පාරවල් ටික හදලා දෙන්න කටයුතු කරනවා. මාර්ග ටික තිබෙන්න ඕන, හොද නිවහනක් තිබෙන්න ඕන, ආදායම් මාර්ගයක් තිබෙන්නේ ඕන, දරුවන්ට හොඳ අධ්‍යාපනයක් තිබෙන්න ඕන,ගෞරවයක් තිබෙන්න ඕන.

ඒ නිසා, ශතවර්ෂයකට අධික කාලයක් පීඩාවට පත් වූ මලෛයගම් ජනතාවගේ ජීවිතය, ගෞරවය සහ ආර්ථිකය ගොඩනගන ආණ්ඩුව මේකයි. අපි ඒ වෙනුවෙන් කටයුතු කරනවා. මලෛයගම් ජනතාවට අහිමි වුණ ජීවිතය, ගෞරවය, ආර්ථිකය ගොඩනගන ආණ්ඩුව මේ ආණ්ඩුවයි. ඒ තමයි ජනතාවගේ ආණ්ඩු.

anura-may-day-2026

ආණ්ඩුව හදලා අවුරුදු එකහමාරයි. කොච්චර කාලයක් මේ ආණ්ඩුව තියෙයිද? දශක ගණනාවකට මේක හොලවන්න බැහැ. අපි පියවරෙන් පියවර සැලසුම් සහගතව මේ රට හදනවා. මේ අපි ඉදිරිපිට ඉන්න ජනතාවගේ ජීවිත උසස් තත්වයට පත් කරනවා. අනාගතය පිළිබඳව විශ්වාසයක් නැතිව අපේක්ෂාභංගත්වයට පත්ව සිටි ජනතාවට මීට වඩා උසස් ජීවිතයක් ලබා දිය යුතුයි. ඒ ජීවිතය ලබා දෙන ආණ්ඩුව තමයි ජනතාව එකතු වෙලා මේ හදලා තිබෙන්නේ.

මේ ආණ්ඩුව හැදුවේ මේ රටේ ජනතාව. අපිව හැදුවේ අපේ පවුල් පරම්පරාව නෙවෙයි. මාව ජනධිපති කළේ මගේ ධනයෙන් නෙවෙයි.  ඒ නිසා අපි නඩත්තු කරන්නේ මේ රටේ ජනතාව මිසක් අපේ පවුල් නෙවෙයි. ඒ නිසා අපි කවුද? මේක ජනතාවයි ආණ්ඩුවයි එකට බැඳුණ එකට ගොඩනැගෙන පාලනයක්.

ලංකාවේ පළමුවතාවට තමයි ජනතාවයි ආණ්ඩුවයි එකට බැඳුණ පාලනයක් බිහිවන්නේ. මීට කලින් තිබුණේ  කොහොමද? ආණ්ඩුව එක පැත්තක. ජනතාව තව පැත්තක. ජනතාව පාරට බහිනවා, ආණ්ඩුව පොලු අරන් එනවා. ජනතාව උද්ඝෝෂණය කරනවා, ආණ්ඩුව කඳුළු ගෑස් ගහනවා. ජනතාව අයිතිවාසිකම් ඉල්ලනවා, ආණ්ඩුව බය කරනවා. එහෙත් පළමුවතාවට ඒක වෙනස් වෙලා. මොකක්ද අපි අතර තිබෙන වෙනස? අපි සමානයි.

දැන් තිබෙන්නේ එකට ඉඳන් අම්මේ, තාත්තේ, අයියේ, අක්කේ කියලා කතා කරන්න පුළුවන් ආණ්ඩුවක්. මේ ආණ්ඩුව හැදුවේ ජනතාව. මේ ආණ්ඩුව රකින්නේ ජනතාව.මේ ආණ්ඩුව වැඩ කරන්නේ ජනතාව වෙනුවෙන්. අද මේ නුවරඑළියේ දසදහස්  සංඛ්‍යාත ජනතාවක් එකතු වී කියා පාන්නේ කුමක්ද? අපි ලෑස්තියි මේ රට හදන්න, අපි ලෑස්තියි මේ ආණ්ඩුව සමඟ ඉදිරියට යන්න, අපි මේ ආණ්ඩුව විශ්වාස කරනවා කියන පණිවිඩය ලබා දී තිබෙනවා.

අපි එකතු වෙමු. අපි ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරියට වැඩ කරමු. ඒ වෙනුවෙන් සියලු දෙනාට ආරාධනා කරනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

 සහකාර අධ්‍යක්ෂවරයාගේ සැකකටයුතු මරණය: පරීක්ෂණයට සිව්පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක්!

Next Post

පළාත් පාලන මැතිවරණයෙන් පසු ඊලඟ මැයි දිනය තියන්නේ සජබ මහ ඇමතිවරුන් එක්ක… මාලිමාව පන්නා දමන බව මැයි දිනය දා සජිත් කැට දමා කියයි…

Related Posts

sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026
දේශපාලන

රාජ්‍යතාන්ත්‍රික හමුවකට එහා ගිය   වියට්නාම් ජනාධිපති  ගේ ශ්‍රී ලංකා සංචාරයේ කතාව…

මැයි 9, 2026
TO LAM
දේශපාලන

රටේ සිදුකරගත් දේශපාලන පෙරළියේ ජාතික අභිලාෂය යළි අපට සිහි කරමින් වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව!

මැයි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.