ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේ මහමැතිවරණයේ ඡන්ද මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ දී සෑම මධ්‍යස්ථානයකට ම සී සී ටීවී කැමරා සවිකිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ මෙවර මහ මැතිවරණයේ මහමැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ඡන්ද විමසීමට පසුදින පසු දින ආරම්භ කිරීමට ඒ තීරණය කළ බවයි.
මහ මැතිවරණය පැවැත්වෙන්නේ ලබන අගෝස්තු 05 වැනි දා ය.
මෙතෙක් මෙරට තුළ පැවැත්වුණු සෑම ඡන්දයක දී ම පාහේ ඡන්ද ගණන් කිරීම ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු එදින තුළම ආරම්භ කෙරිණි.
covid-19 ගෝලීය වසංගත තත්වය බල පා ඇති ශ්‍රී ලංකාව තුළ සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ඡන්ද ගණන් කිරීම ද සිදු කිරීමට පියවර ගැනීම හේතුවෙන් මෙලෙස පසු දින ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.