බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපතිට අගමැතිට ආත්ම ගෞරවයක් තිබේ නම් කරුණා අත්අඩංගුට ගත යුතුයි

වෙන රටක මේ බරපතල ප්‍රකාශය කළා නම් අද ඉන්නේ බන්ධනාගාරයෙ... ආචාර්ය ඕමල්පේ සෝබිත හිමි

by editor
ජූනි 21, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මේ රටේ ජනාධිපතිට හා අගමැතිට ආත්ම ගෞරවයක් තිබේ නම් කරුණා අම්මාන් වහාම අත්අඩංගුවට ගත යුතු බවත්, එසේ කරන්නට හැකියාවක් නැතිනම් ත්‍රිවිධ හමුදාව මැදිහත් වී ඔහුව අත්අඩංගුවට ගත යුතු බවත් ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියෝ ලංකාසරට පැවසූහ.

මේ වනවිට යුද්ධය නිමා වී යුද්ධය මෙහෙයවූ නායකයන් රටේ පාලන සිදුකරන අවස්ථාවක මොහු වැනි පුද්ගලයන් මෙවැනි නිර්භීත ප්‍රකාශ කරනු ලබන්නේ දේශපාලන අධිකාරිය විසින් ඔහුව ආරක්ෂා කර රැකවරණය සපයන බවට සහතිකයක් ඇතිව බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.

“ ත්‍රිවිධ හමුදාව කියන්නේ මේ රටේ ආරක්ෂාවට රාජ්‍ය අනුමැතිය සහිතව නීත්‍යානුකූලව කැපවුණු පිරිසක්.  මේ අය ඝාතනය කිරීම සම්බන්ධව කරන මෙම ප්‍රකාශයේ ගැඹුර බලනවා නම් ඇත්ත වශයෙන්ම මේ පාලකයන් මේ පුද්ගලයාට එක මොහොතක්වත් නිදැල්ලේ ඉන්න හරින්නෙ නෑ. ඔහුව අත්අඩංගුවට අරන් තියෙන්න ඕන. වෙන රටක මේ වගේ බිහිසුණු ප්‍රකාශයක් කවර හෝ පුද්ගලයෙක් කළා නම් ඔහු මේ වන විට බන්ධනාගාරයේ.

“ මම අහනවා නීතිපති මොනවද කරන්නෙ. ඌවතැන්නෙ සුමන හාමුදුරුවො ගිනි අවියක් ලඟ තියා ගත්තා කියලා ජිවිතාන්තය දක්වා බන්ධනාගාරගත කරන්න නීතිය ක්‍රියාත්මක කරන්න හැදු රටක් මේක.  සුලු වැරදි වලට අවුරුදු ගණන් හිරේ විලංගුවෙ වැටෙන රටක් මේක.  ඒ වගේ රටක ත්‍රිවිධ හමුදාවේ පන්දාහක් මැරුවා කියලා ප්‍රසිද්ධියෙ කියන නරුමයෙක් සම්බන්ධව මොනවද නීතිපති කරලා තියෙන්නෙ.  මෙතැනදි තව සාක්ෂි විමසන්නෙ මොකට ද?. එසේ සාක්ෂි විමසිය යුතු දෙයක් තියනව ද?. පන්දාහක් මැරුවා කියලා මේ පුද්ගලයා ඔහුගෙ මුවින් ප්‍රකාශ කරනවා. මිනී මරුම් පන්දාහක්…. මේක තමයි හොඳම සාක්ෂිය.

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

අද බලන්න. එදා ආරක්ෂක ලේකම් අද ජනාධිපති. එදා ජනාධිපති අද අගමැති. එදා යුද්ධය මෙහෙයවපු ප්‍රධානීන් අද ආරක්ෂක ලේකම්වරු. මේ ප්‍රධානීන්ට මොහු අද කියනවා උඹලාගෙ පන්දාහක් මැරුවෙ මම කියලා..

මේක දෛවයේ සරදමක්. ආරක්ෂක හමුදාවල 26000ක් ජිවිත පුජා කරලයි යුද ජයග්‍රහණය ලබා ගත්තේ. ඔවුන්ගේ ලේ කඳුළු මතින් තමයි මේ රට බේරුණේ. එහෙම බේරගත්ත රටේ මේ වගේ ප්‍රකාශයක් කර නිදැල්ලේ ඉන්න පුලුවන් නම් ඒක පුදුමයක්. පසුගිය කාලේ මේ පුද්ගලයට ශ්‍රී.ල.නි.ප උප සභාපතිකම දුන්නා. ඇමතිකම් දුන්නා. මොහු දැන් දන්නවා මේ පාලකයින් නිවටයින් බව. ඒ නිසා ඔහු ඔහුගෙ එඩිතරකම පෙන්වනවා.

මා නැවත වරක් කියන්නෙ මේ නෝංජල් පාලකයින් ඉදිරියට පැමිණ මේ තැනැත්තා අත්අඩංගුවට ගත යුතුයි. මේ පුද්ගලයා වෙනුවෙන් රටේ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. නැතිනම් වහාම මේ කටයුත්තේ දී ත්‍රිවිධ හමුදාව මැදිහත් විය යුතුයි. කෙසේ වෙතත් අපි හෙට මේ සම්බන්ධව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කරන්න බලාපොරොත්තු වෙනවා…

පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝබිත හිමියෝ වැඩි දුරටත් ලංකාසර අමතා ප්‍රකාශ කළහ.

 

Tags: විශේෂ
Share79Tweet43
Previous Post

පොහොට්ටුව කතා කරයි… කරුණා පොහොට්ටුවේ නොවේ යැයි මහලේකම් කියයි

Next Post

සෑම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයකටම CCTV

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.