සමගි ජන බලවේගයේ සාමාජිකයන්ට නැවත එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට අවශ්‍ය නම් පෙර වැරදි නිවැරදි කරන් එන ලෙස එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ පවසයි.
අද ප්‍රකාශ වුනු නඩුවේ තීන්දුවෙන් පසු සමගි ජනබලවේගයේ කිසිවෙක් එ.ජා.ප සාමාජිකත්වය දැරිය නොහැකි බව එ.ජා.ප නායකයා පෙන්වා දෙයි.
දැන් සිරිකොත බලය ඇල්ලීමට පැමිණියහොත් ඒ කාර්යය තමන් පොලිසියට භාර දෙන බව එ.ජා.ප නායකයා කියයි. සමගි ජනබලවේගය දැන් එ.ජා.ප.යට කිසිම සම්බන්ධයක් නැති පොදු ජන පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂයක් බව පවසන එජාප නායකයා දැන් එජාපයේ මූලස්ථානය සමග ඔවුන්ට කිසිම නෛතික ගනුදෙනුවක් නැති බව පවසයි.