අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

මහින්ද බැරි බැරි ගානේ වේදිකාවට බඩගාන්නේ ඔබ වෙනුවෙන් නොවෙයි… එයාගෙ පුතා වෙනුවෙන්…

මේ දුෂ්ඨ දේශපාලනය නිමා කර රට ගොඩ නැගීම සඳහා එකතුවෙන්නැයි අනුර ජනතාවගෙන් ඉල්ලයි...

by editor
ජනවාරි 16, 2024
in දේශපාලන
Share on FacebookShare on Twitter

මේ රට ව්‍යසනයට පත් වුන යථාර්ථය  හම්බන්තොට මහපොළොවේ ඇති බවත් මංතිරු හයක පාරේ එක් පසෙක අපේ දරුවන් ජීවත් වීම සඳහා දෙහි ගෙඩියක් අඹ ගෙඩියක් විකුණමින් දුක්ඛිත ජීවිත ගත කරද්දි ඒ ජීවිත උරුම කර දුන් උන්ම පීඩිත ජනතාවගේ නියෝජිතයන් ලෙස පෙනී සිටිමේ විකෘතිය තේරුම් ගත යුතු බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.

“මහින්ද රාජපක්ෂ  අප්පච්චි වුණේ, එයාගෙ දරුවන්ටයි, මැරෑටි දේශපාලකයන්ටයි, එයා වටා ඉන්න චෞර කණ්ඩායමටයි පමණයි. පුරවැසියන්ට අප්පච්චි වුණේ නැහැ. අද බැරි බැරි ගානේ වේදිකාවට නගිනවා. කා වෙනුවෙන්ද? පුතා වෙනුවෙන්. පුරවැසියන් වෙනුවෙන් නෙවෙයි.” ඔහු පැවසුවේය.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මේ බව පැවසුවේ අම්බලන්තොට නගරයේ පැවති හම්බන්තොට දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමිනි.  අති විශාල කාන්තා සහභාගීත්වයයක් සහිතව එම සමුලුව පැවැත්විනි.

එහිදි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මෙසේ ද පැවසුවේය.

මේ එක්රැස්වී සිටින සහෝදරියන් කියාපාන්නේ හැප්පෙන්න විතරක් නොවෙයි, පාලකයන් පරාජයට පත්කරන්නත් සූදානම් බවයි. පාලකයා, මහජනයාව පීඩාවටත්, රැවටීමටත් භාජනය කරනවා. අනෙක් පැත්තෙන් ඒගොල්ලෝ පවුලක්, පවුල වටා ඉන්න වළල්ලක් පෝෂණය කරමින් සිටින දේශපාලනය කළා.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඒකට උදාහරණ මේ හම්බන්තොට මහපොළොවේ තිබෙනවා. ලුණුගම්වෙහෙර, අඟුණුකොලපැලැස්ස, සූරියවැව ජීවත්වන අම්මා තාත්තා පීඩාවට පත්වුණේ කොහොමද? මංතීරු හයක් තිබෙන පාරේ දරුවො දෙහිගෙඩිය, අඹ ගෙඩිය තියාගෙන සිටින දුක්ඛිත ජීවිතයට පත්වුණේ කොහොමද? මේ හම්බන්තොට, අපේ රටත් ජනතාවත් පීඩාවට පත්කරන ලද කණ්ඩායමේ නියෝජනයත් අනෙක් පැත්තෙන් පීඩාවට පත්වුණු මිනිසුන්ගේ නියෝජනයත් තිබෙනවා.

2024 තීරණාත්මක සටන ඇතිවෙන්නේ මේ කඳවුරු දෙක අතරයි. අපි මේ සටන ජයග්‍රහණයෙන් කෙළවර කරනවා. ඔවුන්ට තිබුණේ, ඡන්ද කාලෙදි සාරියක් බෙදන දේශපාලනයක්. ඒ බෙදීම අමුතු අකාරයක බෙදීමක්. උපාසකම්මාට සිල් රෙද්දත්, තාත්තට අරක්කු බෝතලයත් බෙදුවා. අලියා ලකුණ වෙනුවට අමරවීර ලකුණ ගහලා ගිනිපෙට්ටිත් බෙදුවා.

අපේ රටට අවශ්‍ය අලුත් දේශපාලනයක්. බෙදන දේශපාලනය වෙනුවට හදන දේශපාලනයක්. මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ටිකිරි ගිණුම්, මහන මැෂිං, පිරිත් පොත්, මළ ගෙයක් වුණොත් හාල් මිටි එවන කප්පිත්තෙක් හිටියා. මේ බෙදන දේශපාලනය නැවැත්විය යුතුයි. අපේ රටේ මිනිසුන් යාචක තත්වයට පත්කරලා, තමන්ගේ ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය ආදායම නැති, ගෙයක් හදාගන්න, දරුවට රස්සාව ගන්න, ආදායම් මාර්ගයක් උපයා ගන්න බැරි තත්වයක් හදලා, එයාලා උඩින් ඉඳගෙන බෙදන ‘සිටුවරු’ බවට පත්වුණා.

ඒ දේශපාලනයේ අන්තිම අවස්ථාවට අපේ රට ඇවිත් තිබෙනවා. දැන් බෙදන්න එනකොට ‘හූ’ කියන තත්වයක් ඇති වෙලා. එක අමාත්‍යවරයෙක් අනුරාධපුරේ ෆිල්ටර් වගයක් බෙදන්න ගියා. මිනිස්සු ‘හූ’ කියන්න ගත්තා. මෙහෙත් පොල් පැල බෙදනකොට ගමේ ස්වාමීන් වහන්සේ කිව්වලු “බෙදන්න ඕන නම්, පන්සලේ තියල යන්න. මම බෙදන්නම්” කියලා.

බෙදන දේශපාලනය රටට හෝ ජනතාවට හෝ සුගතියක් වුණේ නැහැ. පුරවැසියන් යාචකයන් බවට පත්කරලා, ඒගොල්ලන් සිටුවරු බවට පත්වෙලා ඒ අයගේ අතපල්ලෙන් වැටෙන කුමක් හෝ ලැබෙන්න කියලා දෑත් ඔසවාගෙන ඉන්න දේශපාලනයද අද අපට ඕනෑ? මේ දේශපාලනයේ ප්‍රතිඵලයක් ලෙස අවසානයේදි අපේ රටත් ජනතාවත් විශාල පීඩාවකට පත්වෙලා තිබෙනවා. අනිවාර්යයෙන් 2024දි මේ බෙදන දේශපාලනය අවසන් කොට හදන දේශපාලනයක් ස්ථාපිත කරනවා.

එහිදී විශාලතම ශක්‍යතාවය තිබෙන්නේ අපේ අක්කලාට, අම්මලාට, දියණියන්ට. ඒ ඇයි? අද ගමේ සක්‍රීයම සමිතියක් තිබෙනවා නම්, ඒ සමිතිය කාන්තා සමිතිය. සක්‍රීයම කාර්යභාරය කරන්නේ කාන්තාව. ඒක ඇවිස්සුණොත් නතර කරන්න බැහැ. මෙවැනි දේශපාලකයනට හොඳම පාඩම උගන්වන්නත් හැකියාව තිබෙන්නෙත් මේ රටේ කාන්තාවන්ට. මේ විනාශකාරී දේශපාලනය අවසන් කරන්න හැකියාව ඔබ තුළ ගැබ්වී තිබෙනවා. කාන්තාව තුළ තිබෙන තෙතමනය, හැඟීම, ලෙන්ගතුකම, යුතුකම ඉටුකිරීමේ වගකීම වැනි උදාර සංකල්ප ඒගොල්ලෝ තොරොම්බල් කරලා වේදිකාවේ වික්කා.

මහින්ද මහත්තයා කටුනායක ගුවන් තොටුපොළ ඉඹිනකොට ‘පපුව හෝස් ගාලා පත්තු වුණා’ කිවුවා. මේ මනුස්සයා මේ රටේ මාතෘ භූමියට මොනතරම් ආදරේද? කියලා හිතුවා. කාන්තාව තුළ තිබෙන ඒ හැඟීම එයාලා කූද්දනවා. දරුවෙක් වඩා ගත්තම “බලන්ඩකෝ පීතෘ සෙනෙහස උතුරනවා. මේ වගේ නායකයෙක් තමයි අපිට ඕනෑ” කියලා හිතුවා. එක පැත්තකින් දරුවා ඔසවා ගන්න ගමන් අනෙක් පැත්තෙන් දරුවාගේ අනාගතය විනාශ කළා. දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය කඩා වැට්ටුවා. දරුවාට රස්සාවක් නැති රටක්, ණය ගෙවාගන්න බැරි රටක්, නිර්මාණය කළා. ජනතාවගේ හිතට වඩා සමීප වචනය පාවිච්චි කර, ‘අප්පච්චි’ කියන පෝස්ටර් ගැහුවා. එදා අපි රැවටුණා.

අද පේනවා අප්පච්චි කෙළපු කෙළිල්ල. එයා අප්පච්චි වුණේ, එයාගෙ දරුවන්ටයි, මැරෑටි දේශපාලකයන්ටයි, එයා වටා ඉන්න චෞර කණ්ඩායමටයි. පුරවැසියන්ට අප්පච්චි වුණේ නැහැ. අද බැරි බැරි ගානේ වේදිකාවට නගිනවා. කා වෙනුවෙන්ද? පුතා වෙනුවෙන්. පුරවැසියන් වෙනුවෙන් නෙවෙයි. මීටර් 20ක දුර පේන්නේ නැති එයා රෑ නිරීක්ෂණ චාරිකා යනවා.

ඔබ තුළ ඇති තෙතමනය, හැඟීම අපි හොඳින් දන්නවා. පොදුවේ ගත්තොත් අපේ රට කඩා වැටිලා, ආර්ථිකය විනාශ වෙලා. පොදුවේ ජනතාව පීඩාවට පත්වෙලා. ඒක ඇතුලේ වැඩිම පීඩාවට පත්වී තිබෙන්නේ කාන්තාව. අඩුම කුඩුම ඉල්ලන්න යන්නේ ගැහැනිය. හෑල්ලුවට පත්වෙන්නේ, අපහසුතාවයට පත්වෙන්නේ ඇයයි. හදාගන්න ආහාර වේලෙන් ඉතිරිවෙන කුඩා ප්‍රමාණය කන්නේ ඇය. පීඩාවට පත්වෙන්නෙ ගැහැනිය.

මේ හැම කෙනෙක්ම තමන්ගේ දරුවාට උගන්වන්න මොනතරම් වෙහෙසක් දරනවාද? තම ජීවිතයෙන් වැඩිම පංගුවක් වැය කර තිබෙන්නේ දරුවන්ට උගන්වන්න. අද පාසල් පද්ධතිය කඩා වැටිලා, පාසල් උපකරණ මිලදී ගැනීමේ හැකියාවක් නැහැ. පාසලේ ආහාර වේලක් ලැබුණා නම්, ඒක ලැබෙන්නේ නැහැ. නිල ඇඳුමක් ගන්න, සපත්තු ගන්න විදිහක් නැහැ. ආණ්ඩුවේ වාර්තාවල කියනවා. පාසල් යන දරුවන්ගෙන් 54%ක් පොත් ගන්න එක හෝ උපකරණ ගන්න එක නවතා තිබෙනවා. දින පහ පාසල් යැවීමේ හැකියාවක් නැතිවෙලා. හම්බන්තොට, සූරියවැව ප්‍රදේශවල අම්මලා තමන්ගේ සියලු සබඳතා අතහැර මාතර ප්‍රදේශයේ ගෙවල් කුලියට අරගෙන දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන්න විශාල වෙහෙසක් දරනවා. කාන්තාවන් විදෙස්ගත වෙන්නේ දරුවන්ට උගන්වන්න, ගෙයක් හදාගන්න. වාහනයක් ගන්න. අම්මා දුරස්වී දරුවන් තනිවුණු තැන්වල දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක වෙලා නැහැ. දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක නොවුණු තැන්වල වැඩියෙන්ම පීඩාවට පත්වෙන්නේ කාන්තාව.

මහින්ද රාජපක්ෂ, නැව් නොඑන වරායක්, මැච් නොගහන පිට්ටනියක්,  සම්මන්ත්‍රණ නොතබන සම්මන්ත්‍රණ ශාලාවක් හැදුවා. සිරගෙයක් හැදුවා සෙනග පිරිලා. පොදු ප්‍රවාහනයේ ගමන් ගන්නා කාන්තාවන්ගෙන් 72%ක් කුමන හෝ ලිංගික අඩම්තේට්ටමකට ලක්වෙනවා. මේ ඛේදවාචකවල අවසන් ගොදුර බවට පත්වෙලා තිබෙන්නේ ඔබ. සමාජය වෙනස්කරන ගමනේදි සක්‍රීයව ඉදිරියට එන්න ඕනෙ ඔබ. මේ පීඩාවෙන් ගැලවෙන්න පළමුකොටම මේ දේශපාලනය වෙනස් කරන්න ඕනෑ. කළ යුතු අවශ්‍යම දේ තමයි දේශපාලන වෙනස. දේශපාලන වෙනස සඳහා අපි බලය ගන්න ඕනෑ.

මේ පාලකයන් පළවා හැර බලය අත්පත් කර ගැනීම අවසානය නොවෙයි. මේක වෙනස් කිරීමේ ආරම්භයයි. වැඩේ පටන් ගන්න ඕනෙ පාලකයන් පළවා හැර බලය අත්පත් කර ගැනීමේ ආරම්භයෙන්. දෙවනුව තිබෙන්නෙ මේ රට ගොඩනඟන එක.

පළමුකොට අපි පුරවැසියන්ට අවශ්‍ය මූලික දේවල් සහතික කරනවා. ආහාර පාන, අධ්‍යාපනය, සෞඛ්‍යය පහසුකම්, අපි ලබාදෙනවා. අපි ඔබ එකතු වෙලා හදමු,

අපි හැමෝම එක අරමුණකට පොරබැදුවොත් මේ රට ගොඩනගන්න පුළුවන්. “මුහුදට එලන මා දැල වගේ, එක වීරියට ඇදලා, මහා අස්වැන්නක් ගොඩට ගන්නවා වගේ” අපි හැමදෙනාම එක හුස්මට වැඩ කරලා මේ රට ගොඩනගමු.

රටේ සිදුකරන සියලු දේ විනිවිදභාවයෙන් සිදුකරන බව අපි පෙන්වන්නම්. මහජනයාගේ ධනය සතයක් හෝ හොරකම් නොකරන බව ඔප්පුකොට පෙන්වන්නම්. ජනතාව, ඒ දෙන ආදර්ශයත් එක්ක වැඩ කරන්න ඉදිරියට එන්න. මේ නපුරුම හා විනාශකාරී අත්දැකීම් අපේ ජීවිතවලට ගෙනත් දී තිබෙන්නේ. අපි මෙයින් පාඩමක් ඉගෙන ගනිමු.

අම්මලා, අක්කලා, නංගිලා, දියණියන් වන ඔබට මේ සමාජය නිද්‍රාශීලිත්වයට පත්කරන්නත් පුළුවන්. මේ සමාජය කූද්දලා අවදි කරන්නත් පුළුවන්. අපි දෙසැම්බර්වල කාන්තා මහා සමුළු පැවැත්වීම ආරම්භ කළා. එහි ප්‍රතිඵලයක් ලෙස පක්ෂයටත් නව ජවයක් ගෙනාවා. සමාජයටත් නව බලාපොරොත්තුවක් ගෙනාවා. එ අවදි කිරීම කළේ ඔබ. මේ රට අවදි කරන නව පුනරුද යුගයේ ආරම්භය වෙනුවෙන් පෙරට එමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහ වැස්සෙන්  මහවැලි බී කලාපයේ කුඹුරු අක්කර දස දහසක් විනාශයි!

Next Post

ස්විස් – ආසියානු වාණිජ මණ්ඩලයේ  හරිත තාක්ෂණ සංසදයට ගිය ජනපති ගෙන් පුනර්ජනනීය බලශක්ති ආයෝජකයින්ට සහතිකයක්!

Related Posts

දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026
sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.