බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ස්විස් – ආසියානු වාණිජ මණ්ඩලයේ  හරිත තාක්ෂණ සංසදයට ගිය ජනපති ගෙන් පුනර්ජනනීය බලශක්ති ආයෝජකයින්ට සහතිකයක්!

by editor
ජනවාරි 16, 2024
in පුවත්
ජනපති අමතන්න ගිය ස්විස් සමුළුව...

ජනපති අමතන්න ගිය ස්විස් සමුළුව...

Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට සුදුසුම කාලය මෙය වන බවත්,   ඒ සඳහා ඉදිරිපත්වන ආයෝජකයන්ට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ ඉහළ මට්ටමේ සහ වෙනස් නොවන ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකා රජය සහතික කරන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කළේ ඊයේ ස්විස්ටර්ලන්තයේ ඩාවොස් නුවර  ස්විස් – ආසියානු වාණිජ මණ්ඩලය විසින්   සංවිධානය කර තිබුණු (15) පැවති “හරිත තාක්ෂණ සංසදය” (Green Tech Forum) අමතමිනි..

“බලශක්තියෙන් සුරක්‍ෂිත ශ්‍රී ලංකාවක් කරා මාවත සැකසීම” යන තේමාව යටතේ ජනාධිපතිවරයා මෙම වාණිජ මණ්ඩලය අමතමින් දේශනයක් කළේය.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ සම්පූර්ණ කථාව මෙසේය.

ජනපති ඒ මහා ස්විස් සමුළුව අමතන හැටි…. ඔහු ගියේ ස්විස් – ආසියානු වාණිජ මණ්ඩලයේ සමුලුවට…

මෙම දේශනය සිදු කිරීම සඳහා මා වෙත ආරාධනා කිරීම පිළිබඳව ස්විට්සර්ලන්ත – ආසියානු වාණිජ මණ්ඩලයට සහ මෙම උත්සවය සංවිධානය කළ සියලුදෙනාට ස්තූතිවන්ත වෙනවා.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ගෝලීය ක්‍රියාමාර්ග වේගවත් කිරීමේ හදිසි අවශ්‍යතාවයක් මතුව තිබෙනවා. මේ සඳහා විවිධ අයුරින් කැපවීම් සිදු කර ඇති ගෝලීය සංසද කිහිපයක් තිබෙනවා. කෙසේ වෙතත් මේ පිළිබඳ කැපවීම්වලට වඩා ක්‍රියාමාර්ග ගැනීම අවම මට්ටමක පවතින බව කිවයුතුයි.

ගෝලීය නායකත්වය තුළ පවතින මෙම අසාර්ථකත්වය හේතුවෙන් ඇතිවන ප්‍රතිවිපාක බොහෝ දුරට ගෝලීය දකුණේ සංවර්ධනය වෙමින් පවතින රටවලට දැරීමට සිදුවී තිබෙනවා.

කෘෂිකාර්මික නිෂ්පාදනය අඩාල කරමින් නියං කාලසීමාව සාමාන්‍ය කාලසීමාවට වඩා දීර්ඝ වන විට අපගේ ආහාර සුරක්ෂිතතාව අනතුරේ වැටෙනවා. එසේම මෝසම් වැසි ප්‍රමාද වීම නිසා ජල විදුලි ජනනයට බාධා ඇතිවන විට අපේ බලශක්ති සුරක්ෂිතතාව අවදානමට ලක්වනවා.

බොහෝවිට නියඟය අවසානයේ ගංවතුර තත්ත්වයන් ඇතිවෙනවා. විශේෂයෙන්ම එය සාමාන්‍ය ජන ජීවිතය මෙන්ම ඔවුන්ගේ ජීවනෝපායන් ද කඩාකප්පල් කරනවා.සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙම දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන අහිතකර ප්‍රතිඵල මඟින් සිදුවන බලපෑම අසමානුපාතික බව මෙයින් ඉතා පැහැදිලියි.

මෙමගින් දේශගුණික යුක්තිය පිළිබඳ ප්‍රශ්නය සඳහා මෙන්ම ගෝලීය දකුණේ රටවලට දේශගුණික විපර්යාස සඳහා අනුවර්තනය වීමේ සහ ඒවා අවම කිරීමේ ප්‍රයත්නයන් වෙනුවෙන් දියුණු ආර්ථිකයන්ගෙන් සිදු විය යුතු වඩාත් ප්‍රබල දායකත්වයක අවශ්‍යතාවය පෙන්නුම් කරනවා.

ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා කැපවී සිටින බව අවධාරණය කළ යුතුයි. ඩුබායි හි පැවති COP28 සමුළුවේදී අප “නිවර්තන කලාපීය මුලපිරීම” ද ආරම්භ කළා. මෙමඟින් නිවර්තන කලාපයේ රටවල වනාන්තර, බලශක්තිය, සාගර, කඩොලාන පරිසර පද්ධතින් තුළ පෞද්ගලික ආයෝජන සඳහා උත්ප්‍රේරණයක් ඇති කිරීම සඳහා වැඩපිළිවෙලක් නිර්මාණය කරනවා.

එවැනි ප්‍රයත්නයන්හි එක් ප්‍රධාන අංගයක් වන පුනර්ජනනීය බලශක්තිය සඳහා අපගේ ඇති උත්සාහය පිළිබඳව මම ඔබගේ අවධානයට යොමු කිරීමට කැමතියි.

ජනපති ස්විස් සමුලුව අතර…

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් ඇති රටක් බව ඔබ දන්නවා. නිදහසින් පසු ශ්‍රී ලංකාව ජල විදුලි බලය සඳහා පුළුල් ජාලයක් නිර්මාණය කළ අතර 1950 වර්ෂයේදී එහි පළමු ප්‍රධාන ජල විදුලි බලාගාරය ආරම්භ කළා. එය ජලාශ හතරකින් සමන්විත වෙනවා.

රටේ බලශක්ති අවශ්‍යතාවන් සඳහා ඉන් පසුව අපි මහවැලි සංවර්ධන ව්‍යපෘතිය ආරම්භ කළා. එමඟින් ප්‍රධාන ජලාශ පහක් නිර්මාණය කෙරුණු අතර වලවේ ගඟ ව්‍යාපෘතිය හයවන ජලාශය ලෙස එක් කෙරුණා.

මහවැලි ගඟ ව්‍යාපෘතියේ අවසන් අදියර සම්පූර්ණ වුණේ මීට වසර හතකට පෙරයි. මේ අනුව ජල විදුලිය සඳහා අප සතුව ප්‍රවතින ප්‍රභවයන් භාවිතාවට ගෙන තිබෙනවා.

අදටත්, ශ්‍රී ලංකාවේ විදුලි උත්පාදන ධාරිතාවෙන් 40% ක් පමණ පවතින්නේ ජල විදුලියයි. ජල විදුලිය බොහෝ දුරට ප්‍රශස්ත මට්ටමින් යෙදා ගෙන ඇති නිසා  සුළං සහ සූර්ය බලශක්ති උත්පාදනය ජාතික විදුලි බල පද්ධතියට එක් කර ගැනීම සඳහා වැඩි උත්සාහයක් ගෙන තිබෙනවා.

2030 වසර වන විට ශ්‍රී ලංකාවේ විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම සහතික කිරීම වෙනුවෙන් රජය මේ වන විට  මෙම ක්‍රියාවලිය වේගවත් කරමින් සිටිනවා.

මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 11.5ක් දක්වා විශාල ආයෝජනයක් අවශ්‍ය වෙනවා.  කෙසේ වෙතත්, මෑතක් වන තුරුම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා පැවති රාමුව එතරම් හිතකර තත්ත්වයක පැවතියේ නැහැ.

පසුගිය වසර 2 තුළ රජය විසින් මෙම අඩුපාඩු නිවැරදි කිරීමට සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය වෙනුවෙන් ප්‍රශස්ත ආයෝජන සහිත වාතාවරණයක් ඇතිකිරීම සඳහා පියවර කිහිපයක් ගෙන තිබෙනවා.

මූල්‍ය ප්‍රතිසංස්කරණ

එහි පළමු පියවර පිරිවැය පිළිබිඹු කරන ගාස්තු ක්‍රමයක් ඇති කිරීමයි. 2014 වසරේ සිට 2022 වසර දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කර නැහැ. මෙය ලංකා විදුලි බල මණ්ඩලයට මුදල් ගලා ඒම පිළිබඳ ගැටලු ඇති කිරීමට හේතු වූ අතර ඇතැම් අවස්ථාවන්හිදී විදුලි සැපයුම්කරුවන්ට සිදු කළ යුතු ගෙවීම් ප්‍රමාද වීමටද හේතු වුණා.

කෙසේ වෙතත් 2022 අගෝස්තු මාසයේ සිට පිරිවැය පිළිබිඹු කරන මිල සුත්‍රයකට මාරු වුණා. ඒ අනුව, අනාගතයේ විදුලි උත්පාදනය සඳහා පවතින පිරිවැය පිළිබිඹු කරමින් සෑම කාර්තුවකටම වරක් විදුලි ගාස්තු සංශෝධනය කෙරෙනවා.

දිගු කලක් පාඩු ලබන ආයතනයක් වූ ලංකා විදුලිබල මණ්ඩලය, 2023 වසරේ දී ලාභ ලබන ආයතනයක් බවට පත් වූ අතර, එමඟින් අතීතයේ සිට පවතින ණය සැලකිය යුතු මට්ටමකින් පියවා ගැනීමට ද හැකි වුණා.

මෙම ආයතනයට දැන් ශක්තිමත් ශේෂ පත්‍රයක් මෙන්ම වඩා ශක්තිමත් මුදල් ප්‍රවාහ තත්වයක් සහ මූල්‍ය ද්‍රවශීලතාවය සහතික කරනු ලබන ගාස්තු අය කිරීමේ ක්‍රමවේදයක් තිබෙනවා. සමවර්ත ගාස්තුව නම්‍යශීලී නොවීම ආයෝජකයින්ගේ කනස්සල්ලට හේතු වී තිබෙනවා. අභ්‍යන්තර ප්‍රතිසංස්කරණවලට අමතරව හරිත මූල්‍යකරණය ආකර්ෂණය කර ගැනීමේ රාමුව ද අපි සකස් කරමින් සිටිනවා.

ශ්‍රී ලංකාව තිරසාර මූල්‍යකරණය සඳහා වන මාර්ග සිතියම, හරිත මූල්‍ය වර්ගීකරණය, තිරසර සංවර්ධන ඉලක්ක (SDG) සඳහා වන ආයෝජක සිතියම සකස් කර ඇති අතර දැනට සකස් කරමින් පවතින හරිත බැඳුම්කර රාමුව සඳහා වන මාර්ග සිතියම යන  පියවර මඟින් ශ්‍රී ලංකාවට දේශගුණික මූල්‍යකරණයේ ශක්තිමත් නියැලීමක් සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කරමින් පවතිනවා.  තිරසර මූල්‍ය පහසුකම් සැපයීම, ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා අමතර ශක්තියක් වනු ඇතියි.

නෛතික ප්‍රතිසංස්කරණ

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ පෞද්ගලික  අංශයේ මහා පරිමාණ ආයෝජන සඳහා නීතිමය බාධක තිබෙනවා. 2022 වසරේදී හඳුන්වා දුන් විදුලිබල පනතේ සංශෝධන මඟින් එම නීතිමය බාධා ද ඉවත් කිරීමට කටයුතු කිරීම එහි දෙවන පියවරයි.

 

ආයතනික ප්‍රතිසංස්කරණ

තුන්වැන්න, රජය ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිවුහගතකිරීමේ අවසන් අදියරේ සිටීමයි. මෙමගින් විදුලිබල මණ්ඩලයේ බෙදා හැරීම, උත්පාදනය සහ සම්ප්‍රේෂණය සඳහා වැඩි මූල්‍ය සහ මෙහෙයුම් ස්වාධිපත්‍යයක් ඇති වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස තරගකාරීත්වය සහ විනිවිදභාවය ඇති වෙනවා.

විදුලිය උත්පාදනය සඳහා පුද්ගලික අංශයේ සහභාගීත්වය ලබාගැනීම දැනටමත් සිදුවන  අතර, මෙම ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන හරහා පුද්ගලික අංශයේ සහභාගීත්වය සඳහා වැඩි අවස්ථාවක් සැලසෙනවා.

ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව ක්‍රියාත්මක කරන ලද මෙම ප්‍රධාන ප්‍රතිසංස්කරණ මගින් පාරිභෝගිකයින්ට මෙන්ම වඩාත්ම තරගකාරී හා කාර්යක්ෂම විදුලි නිෂ්පාදකයින්ට වඩා ඵලදායී අවස්ථා නිර්මාණය වෙනවා. එමෙන්ම විදුලිබල මණ්ඩලය කාර්යක්ෂමව ක්‍රියාත්මක වන බව එමගින් සහතික කෙරෙනවා. මෙම ප්‍රතිසංස්කරණ සඳහා වන නීති කෙටුම්පත් පසුගිය මාසයේදී ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම

විශේෂයෙන් 2026 වන විට මෙරට ජාතික විදුලිබල අවශ්‍යතාවයෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමේ අභිලාෂය වෙනුවෙන් පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ  පුනර්ජනනීය බලශක්තිය ඒකාබද්ධ කිරීම සඳහා වැඩි දියුණු කිරීම් අවශ්‍ය වෙනවා. එසේම ගබඩා කිරීම, සම්ප්‍රේෂණය සහ බෙදා හැරීම සඳහා ආයෝජන අවශ්‍යයි. 2030 දක්වා මෙම ඒකාබද්ධ කිරීම සඳහා සැලසුම් සකස් කර ඇති අතර ඒවා ක්‍රියාත්මක කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

අනාගත දැක්ම

පසුගිය වසර දෙක තුළ බලශක්ති ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක කරන ලද ප්‍රධාන ප්‍රතිසංස්කරණ හේතුවෙන් මෙම ක්ෂේත්‍රය කෙරෙහි නව උනන්දුවක් ඇති වී තිබෙනවා. දැනටමත් මහා පරිමාණයේ සූර්ය හා සුළං බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබෙනවා.

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරයක් මෙගාවොට් 350 ක සුළං විදුලි බලාගාරයක් ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත්ව සිටින අතර එය 2025දී ආරම්භ කිරීමට අපේක්ෂිතයි. මෙම සමාගම තවත් ඩොලර් මිලියන 750ක් සුළං බලශක්තිය සඳහා ආයෝජනය කිරීමට ද සැලසුම් කර තිබෙනවා. ඒ අනුව සුළං බලය මඟින් ශ්‍රී ලංකාවට විශාල අවස්ථාවක් සැලසෙනවා.

විශේෂයෙන් වෙරළාසන්න සුළං බලයට ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයට වඩා වැඩි බලයක් උත්පාදනය කිරීමේ හැකියාව පවතින බව ලෝක බැංකුවේ මෑතකාලීන වාර්තාවක් පෙන්වා දී තිබෙනවා.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බලශක්ති අන්තර් සම්බන්ධතාවයක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡා ප්‍රගතිශීලී අදියරක තිබෙන බව කිව යුතුයි. විශේෂයෙන් ඉන්දියාවේ දකුණු කොටසෙහි වේගයෙන් වර්ධනය වන කාර්මික කලාපය වෙත ශ්‍රී ලංකාවේ අතිරික්ත විදුලිය අපනයනය කිරීමට එමගින් අවස්ථාව සැලසෙනවා.

සූර්ය බලශක්තිය සඳහා ද ඉහළ විභවයක් පවතිනවා. එය ගිගාවොට් 40ක් පමණ වන බවට ගණන් බලා තිබෙනවා. වහලය මත රඳවන සූර්ය පැනල මඟින් උත්පාදනය කරන බලශක්තිය හැරුණු කොට සූර්ය බලශක්තියේ විභවය ගිගාවොට් 200 ක් පමණ වෙනවා. ඒ අනුව මුළු ප්‍රමාණය තවත් වැඩි විය යුතුයි. මෙය ශ්‍රී ලංකාවේ සුළං බලයට වඩා වැඩි ප්‍රමාණයක්.  ශ්‍රී ලංකාවේ හරිත හයිඩ්‍රජන් සහ හරිත ඇමෝනියා සතුව පවතින විභවය පිළිබඳව ද අප සොයා බලනවා.

ශ්‍රී ලංකාවට සිය තිරසර, හරිත සංවර්ධන න්‍යාය පත්‍රය ඉටු කර ගැනීම සඳහා බලාපොරොත්තු සහගත සැලසුම් පවතිනවා. 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචන තත්ත්වය ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටිනවා.

කඩිනම් පුනර්ජනනීය බලශක්ති සැලැස්ම මෙම සමස්ත ප්‍රයත්නයේ ප්‍රධාන අංගයක් වන අතර එය බලශක්ති සුරක්ෂිතභාවය කරා යන මාවතේ ද අත්‍යවශ්‍ය පියවරක් වෙනවා.

වර්තමානයේ වියළි කාලවලදී ශ්‍රී ලංකාවට අධික මිල සහිත ඉන්ධන මත යැපීමට සිදු වී ඇති නිසා, මෙම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් ජනන පිරිවැය අඩු කර ගැනීමේ හැකියාව පවතිනවා.

ශ්‍රී ලංකාව දේශගුණ විපර්යාස අවම කිරීමේ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් පිහිටුවීමේ කටයුතු සඳහා මේ වන විට මුලපුරා තිබෙන අතර  එමඟින් හරිත බලශක්තිය සඳහා පවතින අවස්ථා තවදුරටත් විවෘත වනු ඇතියි.

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ ප්‍රතිපත්තියේ දිශානතිය සඳහා විවිධ අභිප්‍රේරණයන් හා පාර්ශ්වකරුවන් විසින් සහාය දක්වන බව පැහැදිලියි.

එබැවින් ආයෝජකයින්ට මෙම ක්ෂේත්‍රය තුළ ඉහළ මට්ටමේ සහ වෙනස් නොවන ප්‍රතිපත්තියක් අපේක්ෂා කළ හැකියි.

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට හොඳම කාලය මෙය වන අතර, එවැනි ආයෝජන ඉදිරි දශක කිහිපය තුළ එහි පාර්ශ්වකරුවන්ට මෙන්ම ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින්ට ද සැලකිය යුතු ප්‍රතිලාභයක් ලබා දෙන බවට මට කිසිදු සැකයක් නැහැ.

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහින්ද බැරි බැරි ගානේ වේදිකාවට බඩගාන්නේ ඔබ වෙනුවෙන් නොවෙයි… එයාගෙ පුතා වෙනුවෙන්…

Next Post

සියල්ල කෙළවුන රටක ක්‍රිකට්වලට කෙළවී නැතැයි තවමත් සිතන අපට කෙළවි ඇති තරම පෙන්නූ සිම්බාවේ කණ්ඩායමට ස්තුතියි!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.