දිවි නැගුම දෙපාර්තමේන්තුවේ අරමුදලේ මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩකිරීමේ චෝදනා මත නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ නඩුවෙන් බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් සිවුදෙනකු කොළඹ මහාධිකරණය විසින් නිදොස් කොට මුදා හැරියේය.
දිවි නැගුම දෙපාර්තමේන්තුවේ අරමුදල් රුපියල් මිලියන 2992 ක මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කිරීමේ චෝදනා මත නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබිණි.
පැමිණිලි පාර්ශවයේ සාක්ෂි විමර්ශනයේ දී විත්තිකරුවන් විසින් අධිචෝදනාවල සඳහන් වන ආකාරයට වරදක් සිදු කර ඇති බවට සාක්ෂි අනාවරණය කර ගෙන නොමැති බැවින් විත්ති පාර්ශවයේ සාක්ෂි නොකැදවා අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 200 (1) වගන්තිය ප්‍රකාරව තමන් නිදොස් කොට මුදා හරින ලෙසට බැසිල් රාජපක්ෂ ඇතුළු සිවුදෙනා නීතිඥවරු හරහා ඉල්ලා තිබිණි.