බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

බලයට පත්වන ආණ්ඩුවල අපරාධ නීතිගත කරන මාරක කොමිසමට එරෙහි වන්න…

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා කියයි...

by editor
පෙබරවාරි 1, 2021
in දේශපාලන
Share on FacebookShare on Twitter

රාජපක්ෂ පවුලේ අයට සහ ඔවුන්ගේ හිතවතුන්ට පනවා ඇති මිනී මරැම්, අපරාධ, වංචා හා දූෂණ නඩු 79ක් ඉවත් කරගෙන එම නඩු පැවරූ අයට දඬුවම් දීම සඳහා කොමිෂන් සභා පත් කිරීම අතිශයින් බිහිසුණු පූර්වාදර්ශයක් බවත්,  බලයට පත් වන ආණ්ඩුවක හොරකම, මිනී මැරීම, දූෂණය ඇතුළු සාහසික අපරාධ නීතිගත කරන මේ කොමිෂන් සභා මාරකයට දේශපාලන භේද පසෙක තබා රටේ පුරවැසියන් ලෙස විරෝධය පල කරන්නට එක්විය යුතු බවත්  ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා අද (01) පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.

ලෝකයේ කිසිම ශිෂ්ට සම්පන්න සමාජයක් අනුමත නොකරන මේ   අනීතික අශිෂ්ට  ක්‍රියාවලිය  සදාචාරයට හෝ නීතියේ මොනම මූළ ධර්මකයට හෝ එකඟ නැති බව පෙන්වා දෙන ලේකම්වරයා කියන්නේ මේ   වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වුවහොත් දේශපාලන බලය ගත් නායකයන් මිනී මරන්නට, වංචා දූෂණයන්හි යෙදෙන්නට බිය නොවන අනාගතයක් මෙන්ම ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට සූදානම් නොවන රාජ්‍ය නිලධාරී තන්ත්‍රයක් ඇතිවන තත්වයක් ඇතිවන බවය.

ලේකම්වරයා එහිදී වැඩිදුරටත් මෙසේත් පැවසීය.

“ ජනාධිපතිවරයා දේශපාලන පළිගැනීම් ගැන සොයා බලන්නට පත් කළ ජනාධිපති කොමිසමේ පරීක්ෂණ වාර්තා  නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා   කැබිනට් අනුමැතිය සහිතව    පසුගිය 28 දා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්  03 යුතු කොමිසක් පත් කරගත්තා.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මේ කොමිසම පරීක්ෂණ කොමිසමක් නෙමෙයි. මේ කොමිසම පත්කරන්නේම දඬුවම් ලබා දීම වෙනුවෙන්. ඉතිහාසයේ මීට කලින් අධිකරණ බලය සහිතව මෙවැනි කොමිෂන් සභා දෙකක් පත් වෙනවා. එකක් 1972 දි. ඒ අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව. දෙවැන්න සමගි පෙරමුණේ ආණ්ඩුවෙ වැරදි හොයන්න 1978 දි ජේ.ආර්. ජයවර්ධන පත් කළ කොමිෂන් සභාව. මේ කොමිෂන් සභා දෙකම ගර්හාවට පත් වුණා. 1978 ජේ.ආර්. පත් කළ කොමිසමෙන් තමයි සිරිමාවෝ මැතිනයගෙ ප්‍රජා අයිතිය අහෝසි වෙන්නේ.“

“එදයින් පස්සේ අවුරුදු 42ක් පුරා කිසිම ජනාධිපතිවරයෙක් මෙවැනි කොමිසමක් පත්  කළේ නෑ. මේ කොමිසමේ අර්ථයම නඩු කියන්න බැරි, නඩු කිව්වොත් පරදින, අපරාධ ඔප්පු වෙන,  අපරාධකරුවන් පිරිසක් බේරා ගන්න   නීතියට වංගු දමා නීතියේ මූලික සිද්ධාන්ත සියල්ල උල්ලංඝණය  කිරීම.  එමෙන්ම ඒ අපරාධ වැළැක්වීම සඳහා නඩු කටයුතු කරගෙන ගිය නිලධාරීන්ට හා නඩු පැවරූ අයට නීතියෙන් දඬුවම් කිරීම. “

“ මෙහෙම දේවල් වෙන්නෙ ගෝත්‍රික සමාජවල. ඇත්තටම මේ ආණ්ඩුව අධිකරණයට බයයි.   මේ නඩු අසාධාරණ නම් අධිකරණයෙන් බේරගන්න බැරිකමක් නෑ දැන්. ඔවුන්ට ඉහළ උසාවියකට ගිහින් මේ අධිකරණ ක්‍රමය තුළින්ම නිර්දෝෂී වෙන්න පුලුවන්. කාටවත් කියන්න බෑ දැන් අධිකරණයට ඇඟිලි ගහනවා බලය යොදනවා කියලා. ආණ්ඩුව ඔවුන්ගෙ. ඒත් අධිකරණය ඉදිරියේ මේ නඩු ඇහුවොත් ඔවුන් පරදිනවා.

“ මේ වෙන්න යන දේ පක්ෂ භේදයකින් තොරව බලන්න කියලා අපි මේ රටේ ජනතාවට යෝජනා කරනවා. බලයට එන ඕනෑම ආණ්ඩුවක අපරාධ නීති ගත කරන ප්‍රවේශයක් හදලා අධිකරණ පද්ධතිය මේ විදිහට විනාශ කරන්න දෙන්න එපා, ඊට එරෙහි වන්න කියන යෝජනාව අපි ජනතාවට කරනවා. “

“ අනික් කාරණාව මේ අරගලය අප කරන්නේ අනුර දිසානායක සහෝදරයත් දඬුවම් ලබන ලයිස්තුවට දාපු නිසා නොවෙයි.  මේ කියන ව්‍යවස්ථා විරෝධී චෝදනා   හෝ  වංචනික ගනුදෙණු පිළිබඳ චෝදනා ජනතා විමුක්ති පෙරමුණට අදාල නෑ. කොහෙත්ම අදාල නෑ. මේ හදන්නේ අපව බය කරන්න නම්  සමූල ඝාතනයකට බිය  නොවී නැවත නැගී සිටි පක්ෂයක්, තුවක්කු උණ්ඩයෙන් මර්ධනය කරන්න බැරි වෙච්චි පක්ෂයක් සෙල්ලම් කොමිසම් වාර්තාවකින් බය වෙන්නෙ නෑ කියන පණිවිඩයත් අපි ආණ්ඩුවට දෙනවා.“

රට වෙනුවෙන්, රටේ ස්වෛරීත්වය වෙනුවෙන්, ආරම්භ කළ මේ අරගලය අපි රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම රැගෙන යන බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා පැවසුවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නැගෙනහිර පර්යන්තය ගැන තීන්දු කරන ගැසට්ටුව අද රෑට එයි

Next Post

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයෙන් පසු එරට ශ්‍රී ලාංකිකයන් සමඟ සබඳතාත් ඇණහිටී

Related Posts

දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026
sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.