මියන්මාරයේ අද උදෑසන සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් පසු තම පවුලේ අය සමඟ සම්බන්ධ වීමට නොහැකි වී ඇතැයි එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ පවුල්වල සාමාජිකයෝ පවසති.
වාර්තාවලට අනුව අවම වශයෙන් ශ්‍රී ලාංකිකයෝ 200 ක් මින්මාර් හි වාසය කරති.
එරට හමුදා කුමන්ත්‍රණයෙන් පසු රටේ පාලනය හමුදාව යටතට පත්කළ බවට වන නිවේදනය කිරීමෙන් පසු දුරකථනයෙන් හෝ පවුලේ අය සමග සම්බන්ධ විය නොහැකි බව යාන්ගොන් හි වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ පවුලේ සාමාජිකයෙකු ලංකාසරට පැවසීය.
“වට්ස්ඇප් හි පණිවුඩ කිහිපයක් තිබුනද සන්නිවේදනය කපා හැරලා” දුරකථන හා දත්ත සම්බන්ධතා ක්‍රියාත්මක නොවන බව බව ඔහු පැවසීය.
තමාට සන්නිවේදනය සඳහා ප්‍රවේශ විය හැක්කේ ශ්‍රී ලංකාවේ රෝමිං සේවා හරහා පමණක් බවත් ගුවන් තොටුපල සහ වරාය වසා දමා ඇති බවත් ඔහු පැවසීය.
සමහර සන්නිවේදන සේවා සපයන්නන් ක්‍රියා විරහිතව සිටින බව පෙනෙන්නට තිබුණද එම සන්නිවේදනයන් බොහෝ දුරට කඩාකප්පල් වී ඇතැයි ඔහු පැවසීය.
පසුගිය වසරේ මියන්මාරයේ සිට එක් ගුවන් යානයක් කෝවිඩ්- 19 තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු ආපසු ගෙන්වා ගෙන තිබුණි.
මෙය ලියන අවස්ථාව වන විට මියන්මාරයේ ශ්‍රී ලාංකිකයන්ගේ ත්ත්වය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ප්‍රතිචාරයක් ලබා ගැනීමට ලංකාසරට නොහැකි විය.
මියන්මාර හමුදාව අද උදෑසන නිවේදනය කළේ තමන් රට පාලනය යටතට ගෙන ඇති බවත් වසරක හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළ බවත් ය.
බලය දැන් එහි අණදෙන නිලධාරී ජෙනරාල් මින් අවුන්ග් හේලින්ග් වෙත භාර දී ඇත.
රටේ ටෙලිකොම් සමාගම් හතර සඳහාම සේවය අත්හිටුවා ඇත. සමහර අන්තර්ජාල සේවා සපයන්නන් අහෝසි වී ඇති අතර රූපවාහිනී සේවා හමුදාවේ මයාවඩි රූපවාහිනී නාලිකාවට පමණක් සීමා වී ඇත.