නතාෂා නෙත්මිණි –
කොවිඩ් මර්දනය සදහා ලබා දෙන ඇස්ට්‍රාසෙනිකා හෙවත් කොවිෂිල්ඩ් එන්නත ලබා දීමෙන් පසුව තරුණ අයට වැඩියෙන් අපහසුතාවන් දැනෙන බව වාර්තා වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
අප මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස්ගෙන් විමසූ කළ ඔහු සඳහන් කළේ කොවිෂීල්ඩ් එන්නත ලබා දීමෙන් පසුව ඇගපත වේදනාව, උණ, සිරුරේ අප්‍රාණික බව, වමනය, වැනි ලක්ෂණයන් තරුණ අයට වැඩියෙන් දැනෙන බවට තොරතුරු වාර්ථා වී ඇති නමුත් එය බියවීමට කරුණක් නොවන බව ය.
ඉදිරියේදී එන්නත් ලබා දීමේදී වයස අවුරුදු 40 – 60 වයස් කාණ්ඩයේ පසුවන්නන්ට ප්‍රමුකත්වය ලබා දීමටත් දෙවනුව වයස අවුරුදු 20 – 30ත් අතර පසුවන්නන්ටත් තෙවනුව වයස අවුරුදු 60 ඉක්ම ගිය පුද්ගලයින්ට ලබා දීමටත් කටයුතු කරන බව හෙතෙම සඳහන් කළේය.