බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

පාස්කු බෝම්බයට රාජපක්ෂලා ගේ සම්බන්ධය චැනල් 4 වාර්තා චිත්‍රපටයකින් හෙළි කිරීමට සැරසෙයි…

ප්‍රධාන සැලසුම බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ ගේ... පිල්ලෙයින්ගේ ලේකම් කරන හෙළිදරව්ව ගැන Times UK කියන කතාව...

by editor
සැප්තැම්බර් 4, 2023
in දේශපාලන
easter-attack
Share on FacebookShare on Twitter

බ්‍රිතාන්‍ය සංචාරකයින් අට දෙනෙකු ඇතුළු පුද්ගලයින් 250කට වැඩි පිරිසකට මරු කැඳවූ 2019 පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයට රාජපක්ෂ පවුලට පක්ෂපාතී ශ‍්‍රී ලංකා නිලධාරීන් හවුල් වූ බව ට  කරෙන විශේෂ හෙළිදරව්වක්  චැනල් 4 නාලිකාව හෙට සිදුකිරීමට අපේක්ෂා කරයි.

ඔවුන් එම වැඩසටහන නම් කර ඇත්තේ “Sri Lanka’s Easter Bombings – Dispatches” නමිනි.

එක්සත් රාජධානියේ ටයිම්ස් පුවත්පතට අනුව,  ශ්‍රී ලංකාව අස්ථාවර සහ අනාරක්ෂිත කර රාජපක්ෂලාට නැවත බලයට පැමිණීමට පහසුකම් සැලසීම සඳහා වු කුමන්ත්‍රණයට සම්බන්ධ ඉහළම  භූමිකාවක් කළ  අභ්‍යන්තරිකයෙකු කියා ඇත්තේ  ඔහු ජ්‍යෙෂ්ඨ හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු වන සුරේෂ්  සලෙයි  සහ ඉස්ලාමීය රාජ්‍යයට සම්බන්ධ බෝම්බකරුවන් අතර   2018 වසරේ දිනක  සාකච්ඡාවක් සංවිධානය  කළ බවය.

ටයිම්ස් පුවත්පත  මේ බව පවසන්නේ හෙට විකාශනය කිරීමට නියමිත චැනල් 4 නාලිකාවේ   වැඩසටහන පිළිබඳ  කරන හෙළිදරව්වක දී ය.

  • මුහම්මදු මිල්ලාර් මුහම්මදු හන්සීර්’ හෙවත් ‘අසාද් හන්සීර් මවුලානා’

සලේ සහ බෝම්බකරුවන් සම්බන්ධ කළ මෙම  පුද්ගලයා වත්මන් රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයන්ගේ TMVP පක්ෂයේ එවක මාධ්‍ය  ප්‍රකාශකවරයාය.  එමෙන්ම මුදල් ලේකම්වරයා ලෙසත් ඔහු කටයුතු කර තිබිණි.ඔහු  ‘මුහම්මදු මිල්ලාර් මුහම්මදු හන්සීර්’ හෙවත් ‘අසාද් හන්සීර් මවුලානා’  ය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“රැස්වීම  අවසානයේ සුරේෂ් සලෙයි  මා ළඟට ඇවිත් මට කිව්වා රාජපක්ෂලාට ශ්‍රී ලංකාව තුළ අස්ථාවර අනාරක්ෂිත තත්ත්වයක් අවශ්‍යයි,   ගෝඨාභයට ජනාධිපති වෙන්න තියෙන එකම ක්‍රමය ඒක තමයි, කියලා”

“ප්‍රහාරය දිනකින් දෙකකින් කළ සැලසුමක් නොවේ, සැලසුම වසර දෙක තුනකින් සකස් වෙමින් තිබුණා.” ඔහු කියා තිබුණේය.

ටයිම්ස් පුවත්පතට අනුව  පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මාස හයකට පසු ආරක්ෂාව යථා තත්ත්වයට පත් කරන බවට දුන් පොරොන්දුව මත ගෝඨාභය රාජපක්ෂ බලය ලබා ගැනීමත් සමඟ සුරේෂ් සලෙයි හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ලෙස උසස් කර තිබේ.

  • රාජපක්ෂලා මේ විනාශය කළේ ඇයි?

ටයිම්ස් වාර්තාවට අනුව  ගෝඨාභය රාජපක්ෂ  ඔහුගේ සොහොයුරාවන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු  කර යුද්ධය නිමා කිරීමට දායක වූ නමුත්,  වර්ෂ  2015 දී බලය අහිමි වීමත් සමග   සිය පාලන කාලය තුළ අධිකරණයෙන් පරිබාහිර ඝාතන, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ මහා පරිමාණ දූෂණ පිළිබඳ විමර්ශන අභියසට කැඳවීය.

පාස්කු ප්‍රහාරයට   රාජපක්ෂ පවුල සම්බන්ධ බවට ශ්‍රී ලංකාව තුළ බොහෝ කලක සිට කටකතා පැතිර ගිය නමුත්  ඔවුන් මෙම බෝම්බ කරුවන් සමග තිබූ සම්බන්ධතාවය ද සහිතව ඉහළ පෙළේ තොරතුරු හෙළි කරන්නන්  පළමු වරට කතා කරන්නේ   හිටපු චැනල් 4 ප්‍රවෘත්ති කර්තෘ බෙන් ද පෙයාර් විසින් ආරම්භ කරන ලද “බේස්මන්ට් ෆිල්ම්ස්” විසින් නිශ්පාදනය කරන ලද  මෙම වාර්තා චිත්‍රපටයෙන් බව   ටයිම්ස් පුවත් පත කියන්නේය.    .

මුහම්මදු මිල්ලාර් මුහම්මදු හන්සීර්’ හෙවත් ‘අසාද් හන්සීර් මවුලානා පසුගිය වසරේ ශ්‍රී ලංකාවෙන් පලාගොස් තිබුණේය. අනතුරුව  ඔහු සිය සාක්ෂිය යුරෝපීය බුද්ධි අංශවලට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කර ඇත.

විශේෂත්වය වන්නේ ඔවුන් ඔහුගේ ප්‍රකාශ විශ්වාසනීය ලෙස සලකමින් විමර්ශනය කිරීමය.

  • බෝම්බකරුවන් හා සලේ ගේ සබඳතා තහවුරු කරන තවත් වැදගත් සාක්ෂියක් 

බෝම්බකරුවන් සමඟ සුරේෂ් සලේ ගේ  සබඳතා පිළිබඳ මවුලානාගේ සාක්ෂියට සහය දෙන  දෙවන රහසක් හෙලි කරමින්  නම හෙළි නොකළ ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කර ඇත්තේ   බෝම්බ ප්‍රහාරයට පෙර සහ පසුව, හමුදා බුද්ධි අංශ විසින් පොලිස් විමර්ශන නැවත නැවතත් ව්‍යර්ථ කළ බවය.

2019 දී ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වූ විට, විමර්ශනයට සම්බන්ධ සියලුම නිලධාරීන් මාරු කර යවා, විමර්ශනය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කර ඇතැයි එම නිලධාරියා හෙළි කර තිබේ.

චැනල් 4 විසින් ලබාගත් ලියකියවිලි අනුව බෝම්බ ප්‍රහාරයට පෙර අයිසිස් සම්බන්ධ අවධානයෙන්  පොලිසිය ඉවතට විසි කිරීම සඳහා හමුදා බුද්ධි අංශ විසින් ඉදිරිපත් කරන ලද ව්‍යාජ තොරතුරු කිහිපයක් ඇතැයි පැවසේ.

අනෙකුත් ලේඛනවලින් පෙනී යන්නේ බෝම්බ ප්‍රහාරයට සති දෙකකට පෙර ඉන්දීය බුද්ධි අංශ ශ්‍රී ලංකාවට   අයිසිස් බෝම්බකරුවන් කතෝලික පල්ලිවලට පහර දීමට සැලසුම් කරන ආකාරය පිළිබඳ අනතුරු ඇඟවීමය.   එම අනතුරු ඇඟවීම සම්බන්ධව කිසිවෙක් පියවර ගෙන නැති අයුරු ඔවුන් අවධාරණය කොට පෙන්වයි.

2021 දී බෝම්බ ප්‍රහාර පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා  වාර්තාව  සම්පූර්ණ කර අවසන් වූයේය.  නමුත්  එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම වාර්තාව නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළේය.

කොළඹ අගරදගුරු, මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ මේ අපරාධ සිදුවීම සම්බන්ධව පාප් වහන්සේට ආයාචනා කළහ.  ප්‍රහාර සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස එතුමෝ පසුගිය වසරේ ඉල්ලා සිටියහ.

අසාද් හන්සීර් මවුලානාගේ  සාක්ෂිය විශේෂයෙන් කැපී පෙනෙන්නේ තමන් සුරේෂ් සලේ සමඟ බෝම්බකරුවන් සම්බන්ධ කළ  බව කියන නිසාය. විපතට පත් වූවන්ගේ පවුල් සඳහා ලන්ඩනයේ නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති නීතීඥයින් පැවසුවේ ඔහුගේ සාක්ෂිය  ශ්‍රී ලංකාවෙන් පිටත මෙන්ම ඇතුළත අධිකරණ බල ප්‍රදේශවල සහන අපේක්ෂා කරන ඕනෑම කෙනෙකුට උනන්දුවක් ඇතිකරන බවය.

  • මවුලානාට බෝම්බකරුවන් හමුවී ඇති අයුරු…

රාජපක්ෂලාට හිතවත් දේශපාලනඥයකු වූ පිල්ලෙයාන්ගේ සහායකයකු ලෙස මවුලානා වසර ගණනාවක් සේවය කළේය. ඔහුට බෝම්බකරුවන් හමුවී ඇත්තේ දේශපාලන විරුද්ධවාදියෙකු ඝාතනය කිරීමේ චෝදනාවකට ලක්ව දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිටියදීය.

මවුලානා කියා සිටියේ පිල්ලෙයාන්  මෙම  අන්තවාදීන්ගේ උපයෝගීතාව දුටුවේ “මරණය, මරණය, මරණය” ගැන බවය.

පිල්ලෙයාන් සහ සුරේෂ් සලේ ඔවුන්ව මුණගැසීම  සැලසුම් කිරීමට  පෙර ඔවුන් බන්ධනාගාරයෙන් නිදහස් කළ බව මවුලානා පවසයි. “අපට ඔවුන් පාවිච්චි   කළ හැකියි, ඔවුන් ලෝකයේ කිසිවක් ගැන උනන්දුවක් නොදක්වයි,” පිල්ලෙයාන් උපුටා දක්වමින් මවුලානා පැවසීය.

  • සුරේෂ් සලේ ගේ ඇමතුම

බෝම්බ ප්‍රහාරය එල්ල වූ දින උදෑසන සුරේෂ් සලේගෙන්  ඇමතුමක් ලැබුණු බව මවුලානා කියා ඇත. ඔහු කියා ඇත්තේ  කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයට ගොස් එක් අයකු රැගෙන එන ලෙසය.    නමුත් ඔහුට එය කිරීමට නොහැකි වී තිබේ.

බෝම්බකරුවන්ගෙන් එක් අයෙකු හදිසියේම පිටව යාමට පෙර ටාජ් සමුද්‍රා  හෝටලය තුළ ඇමතුමක් ලබා ගන්නා බව CCTV හි දැක්වේ. පැය කිහිපයකට පසු ඔහු දෙහිවල කුඩා හෝටලයක් තුළ බෝම්බයක් පුපුරුවා හැර තිබිණි.

  • සුරේෂ් සලේ ගේ ප්‍රතිචාරය

කෙසේ වෙතත් චැනල් 4 වෙත ලිපියක් යවමින් සුරේෂ් සලේ පවසා ඇත්තේ  එම චෝදනා “සම්පූර්ණයෙන්ම අසත්‍ය”  බවය.  චිත්‍රපට නිෂ්පාදකයින් සමඟ කතා කළ කිසිම  පුද්ගලයෙක් සමඟ තමන් කිසිදු සම්බන්ධයක් නොපැවැත්වූ බවත් එසේ සම්බන්ධ වූ බවට කියන කතා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් ඔහු වැඩිදුරටත් ලිඛිතව දන්වා ඇත්තේය.

බෝම්බකරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන දිනවලදී තමා ශ්‍රී ලංකාවේ නොසිටි බව ඔහු පෙන්වා දි ඇත්තේය. “පාස්කු ප්‍රහාරයට මගේ කිසිම සම්බන්ධයක් නැහැ,” ඔහු ලිඛිතව දන්වා තිබෙන්නේය.

පිල්ලෙයාන් හෝ රාජපක්ෂ පවුල චැනල් 4 චිත්‍රපටය සම්බන්ධව  අදහස් දැක්වීමට කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වූයේ නැතැයි  ටයිම්ස් ප්‍රකාශ කරයි. .

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඝාතනය කළ බවට සැක කරන මනෝ උපදේශිකාවකගේ සිරුරක් තලංගම හෝටල් කාමරයක!

Next Post

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි!

Related Posts

sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026
දේශපාලන

රාජ්‍යතාන්ත්‍රික හමුවකට එහා ගිය   වියට්නාම් ජනාධිපති  ගේ ශ්‍රී ලංකා සංචාරයේ කතාව…

මැයි 9, 2026
TO LAM
දේශපාලන

රටේ සිදුකරගත් දේශපාලන පෙරළියේ ජාතික අභිලාෂය යළි අපට සිහි කරමින් වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව!

මැයි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.