ඝාතනය කළ බවට සැක කරන මනෝ උපදේශිකාවකගේ මළ සිරුරක් අද දහවල් සොයා ගත් බව තලංගම පොලිසිය පවසයි.
බාහිර කථිකාචාර්යවරියක ලෙස ද කටයුතු කරන බව කියන ඇය 53 හැවිරිදි කාන්තාවකි.
තලංගම නෙරුල උයන පිහිටි හොටලක කාමරයක් තුළ ඇයගේ සිරුර හමුවන විට ගෙල කපා දමා ඇති අයුරු විමර්ශකයින් විසින් නිරීක්ෂණය කර ඇත.
ඉකුත්(26) දින සිට ඇය මෙම හෝටල් කාමරයේ නවාතැන් ගෙන ඇති බව පොලිසිය කියයි.
ඇය පිළිබඳව කිසිම හෝඩුවාවක් නොවූයෙන් හෝටල් සේවකයන් දොර විවෘත කර බැලීමේදී කාන්තාවගේ මළ සිරුර එහි තිබී සොයාගෙන ඇත.
තලංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.