අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

ජන වරමක් නැති මේ පිං අගමැතිට 21න් ලැබෙන බලය හොබවන්න අයිතියක් නෑ…

මේ පාර්ලිමේන්තුව අවුරුදු 03කින් විසුරුවා 21න් එන බලය දැරීමට සුදුසු නව අගමැතිවරයෙක් පත් කළ යුතුයි...

by editor
මැයි 27, 2022
in දේශපාලන
Share on FacebookShare on Twitter
  • 17ටත් අත උස්සලා ඒක අහෝසි කරන්න 18ට අත උස්සලා 19 ගේන්නත් අත උස්සලා, 19 අහෝසි කරලා 20 ගේන්නත් අත උස්සලා දැන් 20 අහෝසි කරලා 21 ගේන්න අත උස්සන අරුම පුදුම ජනතා නියෝජිතයො මේ පාර්ලිමේන්තුවෙ ඉන්නවා… සුසිල් ප්‍රේමජයන්ත, නිමල් සිරිපාල ද සිල්වා  උදාහරණ.

  • ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවෙ වගේම රටේ වැදගත් තනතුරුවලත් නොසිටිය යුතුයි… මහ බැංකුව කොල්ල කාලා තමන්ගෙ රටට ගිය හිටපු මහ බැංකු අධිපතිවරයෙක් වුණ අර්ජුණ මහේන්ද්‍රන් ද්විත්ව පුරවැසියෙක්….

  • ලේකම්වරු පත්කිරීම දේශපාලනික උවමනාවට කරන්න ගිහින් එක් ලේකම් වරයෙකුට මේ අවුරුදු දෙක හමාර ඇතුළෙ පත්වීම් 09ක් දීලා තිබුණා… කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ඉවත් කළේ අතිශය වැරදි කෘෂිකර්ම ප්‍රතිපත්තියක් ක්‍රියාක්මක කිරීමට එරෙහි වුන නිසා…

ප්‍රජාතන්ත්‍රවාදයේ දිශානතියට ගමන් කර කිසිදු ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා තමන් විරුද්ධ නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද (27)  විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසුවේය.

20 වතාවක් කෑලි අමුණා 21 වැනි වතාවේත් සංශෝධනය කිරීමට යන මෙම ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බව තමන්ගේ මතය වුවත් එය පොරොන්දු ලබා දී පැමිණෙන කිසිම රජයක් ඉටු නොකළ බවත් ඔහු පෙන්වා දුන්නේය.

21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට තම පක්ෂයේ අදහස් දක්වමින් ඔහු මෙසේ සිය අදහස් දැක්වීය.

පසුගියදා කැබිනට් මණ්ඩලයට 21වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කර තිබුණා. මේ වන විට දේහපාලන පක්ෂ වෙත එම සංශෝධනය ලබා දී තිබෙනවා. අපේ රටේ ව්‍යවස්ථාවට යහපත් සංශෝධන ඉදිරිපත් වූ අවස්ථා දෙකක් අපි දකිනවා. එකක් 17වැනි සංශෝධනයයි. නමුත් 2010 රාජපක්ෂ පාලනයට බලය අත්වූවාට පසුව එම 17වැනි සංශෝධනය මුළුමනින්ම අහෝසි කර 18වැනි සංශෝධනය ගෙනාවා. අනතුරුව 2015දී ඇති වූ විශේෂ දේශපාලන තත්වය උපයෝගී කර ගෙන ප්‍රජාතන්ත්‍රවාදයේ දිශාවට ඇති පියවරක් ලෙස 19වැනි සංශෝධනය සම්මත කර ගැනුණා. නමුත් ගෝඨාභය සහ මහින්ද රාජපක්ෂ පවුල වෙත පසුගිය මහමැතිවරණයෙන් ලැබුණු බලය උපයෝගී කර ගෙන එම 19වැනි සංශෝධනය ඉවත් කර 20වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තා.

එම 19වැනි සංශෝධනය අහෝසි කිරීමට අත එසවූ සහ 19 වෙනුවට 20 අවශ්‍ය බවට පාර්ලිමේන්තුවේ කෑ මොර දුන් කණ්ඩායමම එය අහෝසි කර 21වැනි සංශෝධනය ගෙන ඒමට සූදානම් වීම ඉතිහාසයේ සරදමක් වෙනවා.

ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ 17ට අත ඔසවපු, 18ට අත ඔසවපු ඊට එරෙහි 19ට අත ඔසවපු ඊට පරස්පර 20ට අත ඔසවපු අය සිටිනවා.

21 මෙම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන විට පෙර සිව් අවස්ථාවටම අත ඔසවපු අය එහි සිටිනවා. නිමල් සිරිපාල, සුසිල් ප්‍රේමජයන්ත එවැනි අයයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

බල සූදුවේ එක් එක් අවස්ථා වෙනුවෙන් එක් එක් වගන්ති වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් වී තිබෙනවා. කෙසේ වුවද 21වැනි ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට අප හමුවේ තිබෙනවා. දේශපාලන ව්‍යාපාරයක් ලෙස අප විශ්වාස කරන්නේ විවිධ අවස්ථාවල කෑලි කපා අමුණා අටවා තිබෙන මෙම ව්‍යවස්ථාව මුළුමනින්ම වෙනස් කොට පූර්ණ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අපේ රටට ගෙන ආ යුතු බවයි. නමුත් මේ පාලකයන් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු නොකරන බව අපි දන්නවා.

පාර්ලිමේන්තුවේ 20වැනි සංශෝධනය සම්මත කරන අවස්ථාවේ අධිකරණ ඇමතිවරයාත් ජනාධිපතිවරයාත් ප්‍රකාශ කළේ වසරක් ඉකුත්වීමට මත්තෙන් අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවයි. නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් ඉල්ලනවා වගේ මේ පාලකයන් අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරන්න උත්සාහ නොකරන බව අපිට පැහැදිලියි.

ඒ අනුව තිබෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යම් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ගැනීමේ දිශාවට සංශෝධනයක් ගෙන එන්නේනම් අපි පක්ෂපාතී වනවා. එහෙත් එය හුදු රැවටිල්ලක් බවට පත් වන සංශෝධනයක් නොවිය යුතුයි.

19වැනි සංශෝධනය ගෙන විටත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම පිළිබඳව කල්පනා කරනු වෙනුවට මෛත්‍රීපාල සිරිසේනගේ බල කේන්ද්‍රයේ සහ රනිල් වික්‍රමසිංහගේ බල කේන්ද්‍රයේ බල වුවමනාවන් එම 19වැනි සංශෝධනය තුළ ගැබ් වී තිබෙනවා. එනිසා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් සංශෝධනය ගෙන එනු වෙනුවට බල වුවමනාවන් ඉදිරියට ගත් නිසා විකෘතිභාවයක් ඇති වුණා.

දැන් 21වැනි සංශෝධනය ගෙන එන විටත් ගෝඨාභය රාජපක්ෂගේ බලය තහවුරු කර ගැනීමේ වුවමනාව පැහැදිලියි. ඒ නිසා අපේ යෝජනාව වන්නේ 19 වැනි සංශෝධනයේ තිබූ පරිදිම ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍ය ධුරයක් දැරීමට නොහැකි විය යුතුයි. නමුත් දැනට ඉදිරිපත් කර තිබෙන 21වැනි සංශෝධනය තුළ ජනාධිපතිවරයාට එවැනි බාධාවක් ඇති කොට නැහැ. ඔහුට අමාත්‍ය ධුර පවරාගැනීමේ බලය, තබා ගැනීමේ බලය තිබෙනවා.

මීට මාසයකට පමණ පෙර රටේ සියලු අමාත්‍යාංශවල බලය දැරුවේ ජනාධිපතිවරයායි. ජනාධිපතිවරයා විවිධ අවස්ථාවල අමාත්‍යවරුන් ඉවත් කරමින් ඒවායේ බලතල පවරා ගැනීමට කටයුතු කළා. අප අවධාරණය කරන්නේ ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍ය ධුරයක වගකීම් පවරා ගැනීමට අවස්ථාව නොතිබිය යුතුයි. විධායක ජනාධිපති ධුරයට යම් සංශෝධනයක් ඇතුළත් වූවායැයි සිතිය හැකි වන්නේ එසේ වන්නේනම් පමණයි.

ඒ වගේම මන්ත්‍රීවරුන් එක් පක්ෂයකින් තේරීපත්වී තවත් පක්ෂවලට මාරුවීම විසින් විශාල වියවුලක් නිර්මාණය කර තිබෙනවා. තනතුරු හා වරදානවලට, නඩු බේරා ගැනීමට, අපරාධ බේරා ගන්න, බැංකු ගිණුම් තර කර ගන්න පක්ෂ මාරු කිරීමේ ඉතිහාසයක් තිබෙනවා. ඇතැම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ තීරණාත්මක හැම මොහොතකදීම එහෙට හෝ මෙහෙට පනිනවා. පාර්ලිමේන්තුව ජනතාවගේ ඇත්ත මතයේ පිළිබිඹුවක් බවට පත් වන්නේ නැහැ. 19වැනි සංශෝදනයේ මූලික පිටපතේ මේ සඳහා බාධාවන් ඇති කර තිබුණා. තෝරා ගන්නා මන්ත්‍රීවරයා වෙනත් පක්ෂයකට මාරු වන්නේනම් ඔහුගේ මන්ත්‍රී ධුරය ඉක්මන් ක්‍රියාමාර්ගයක් මගින් ඉවත් කිරීමේ හැකියාව මුල් පිටපතේ තිබුණා. නමුත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට පසුව දිනේෂ් ගුණවර්ධන ගෙන එන ලද සංශෝධනයක් විජේදාස රාජපක්ෂ විසින් පිළිගැනීමෙන් එම වැදගත් සංශෝධනය 19න් ඉවත් වුණා. ඒ නිසා අපි අවධාරණය කරන්නේ මන්ත්‍රීවරුන් පැති මාරු කිරීම වැළැක්වීම සඳහා ප්‍රතිපාදන මෙම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුල් විය යුතු බවයි.

ජනාධිපතිවරයාට සමාවදීමේ බලය ලබාදී තිබෙනවා. ඔහුට මරණීය දණ්ඩනය නියම වූවන්, ජීවිතාන්තය දක්වා සිරගත වූවන් නිදහස් කළ හැකියි. නඩු තීන්දු අත්හිට විය හැකියි. නඩු තීන්දුවක කොටසක් පමණක් ක්‍රියාත්මක කළ හැකියි. අධිකරණයෙන් ලබා දෙන තීන්දු පිළිබඳ අභිමත බලයක් ජනාධිපතිවරයාට ලබාදී තිබෙනවා. පහුගිය කාලයේ මේ බලය ක්‍රියාත්මක කිරීමේදී ස්ත්‍රී දූෂකයන් නිදහස් කිරීම වෙනුවෙන්, කාන්තාවන් ඝාතනය කර මරණ දඬුවම හිමිවූ කාන්තාවන් නිදහස් කරගැනිම වෙනුවෙන් මේ බලය උපයෝගී කර ගත්තා. මිනීමැරුම්වලට සිරගත වූවන් නිදහස් කරනු ලැබුවා. දේශපාලන වුවමනාකම් අනුව වගේම රෝයල් පාක් ඝාතනයට වගකිවයුත්තන් නිදහස් වීමේදී විශාල අල්ලසක් හුවමාරු වූ බවට චෝදනා එල්ල වුණා.

එම නිසා මේ නිදහස ලබාදීමේ බලය යම් සීමාකම්වලට යටත් විය යුතුයැයි අපි යෝජනා කරනවා. මීට අදාළව කළ යුතු සීමා කිරීම් කවරේදැයි අපේ නීතිවේදීන් සලකා බලමින් ඉන්නවා. 21වැනි සංශෝධනය තුළ ජනාධිපතිවරයාට සමාවදීම සඳහා තිබෙන අභිමත බලය සීමා කිරීමකට ලක් කළ යුතුයි. ‍

ඊළඟ කරුණ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ කරුණයි. දැනට 21වැනි සංශෝධනයේ ඇතුළත්වී තිබෙන්නේ ජනාධිපතිවරයාට සහ මැති ඇමතිවරුන්ට තනතුරුවලට තරගවැදීමේදී ද්විත්ව පුරවැසිභාවය දැරිය නොහැකි බවයි. පහුගිය මහ බැංකුවේ අධිපතිවරයා වූ අර්ජුන මහේන්ද්‍රන් ද්විත්ව පුරවැසියෙක්. අපේ රටේ මූල්‍ය පාලනය පිළිබඳව විශාලම බලයක් දැරූ මහ බැංකු අධිපතිවරයා ද්විත්ව පුරවැසියෙක්. අවසානයේ ඔහු විශාල මහ බැංකු වංචාවකට හවුල්වී තමන්ගේ රටට පලා ගියා. ඒ නිසා රටේ වැදගත් ආයතනයන්ට පුද්ගලයන් පත් කිරීමේදී ද්විත්ව පුරවැසියන්ට අවස්ථාව නොලැබෙන යෝජනාවක් ඇතුළත් විය යුතුයැයි අපි යෝජනා කරනවා.

ඊළඟට, මන්ත්‍රීවරුන්ගේ වත්කම් විගණනයට භාජනය විය යුතුයැයි දැනට විශාල සාකච්ඡාවකට බඳුන්වෙමින් තිබෙනවා. අපගේ ස්ථාවරය වන්නේ විගණනයෙන් පමණක් නිවැරදිතාවය තෝරා ගන්න බැහැ. ඒ වගේම විගණන දෙපාර්තමේන්තුවට ඒ සඳහා පූර්ණ බලයක් නැහැ. ඒ නිසා මන්ත්‍රීවරුන්, ජනතා නියෝජිතයන් වත්කම් සහ බැරකම් ප්‍රකාශනයක් ලබාදුන්නාට පසුව ඒ වත්කම් සහ බැරකම් ප්‍රකාශනය මත පමණක් පදනම්ව විමර්ශනයක් කළ හැකියි. එම කාල පරිච්ඡේදය ඇතුළත පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිය හැකියි. මහජන නියෝජිතයන් අයථා ලෙස උපයාගෙන තිබෙන දේපළ පිළිබඳව මහජනතාව ළඟ තොරතුරු තිබේ නම් ඒවා මෙම විමර්ශන ආයතන වෙත ලබා දෙන ලෙස ඉල්ලීමට සහ ඒ මත පදනම්ව පූර්ණ විමර්ශනයක් කිරීමට විමර්ශන ආයතවලට බලය ලබා දීම සඳහා වගන්ති ඇතුළත් විය යුතු යැයි අපි යෝජනා කරනවා.

ඒ වගේම විධායක ජනාධිපති ධුරයේ බලතල සංශෝධනය මගින් සැලකිය යුතු බලතල ප්‍රමාණයක් අගමැතිවරයාට, පාර්ලිමේන්තුවට, කැබිනට් මණ්ඩලයට, පාර්ලිමේන්තුවෙන් තෝරාපත් කරනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවන්ට පැවරෙනවා. කෙටියෙන් පවසන්නේ නම්, ජනාධිපතිවරයා සතුව පවතින බලතල විවිධ ව්‍යුහයන්ට පැවරෙනවා. මෙහිදී වැදගත් එකක් වන්නේ අගමැතිවරයාට හා  පාර්ලිමේන්තුවට බලතල පැවරීමයි.

වර්තමාන අගමැතිවරයා, පාර්ලිමේන්තු මැතිවරණයේදී පරාජයට පත්වූ පුද්ගලයෙක්. ඔහු ජාතික ලැයිස්තුවෙන් යාන්තම් රිංගාගෙන ආව රටෙන් ප්‍රතික්ෂේප වූ පුද්ගලයෙක්. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එම අගමැතිවරයාට විශේෂ බලතල ලැබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් බැලූවිට මෙවැනි විශේෂ බලතල සහිත අග්‍රාමාත්‍ය තනතුරක් දැරීමට රනිල් වික්‍රමසිංහයට සුදුසුකම් නැහැ. මොකද, ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද අගමැතිවරයෙක් නිසා. 21 වැනි සංශෝධනය හරහා ලැබෙන අතිරේක බලයක් දරන අග්‍රාමාත්‍යවරයෙක් ලෙස වගකීම් දැරීමේ අයිතියක් නැහැ. ඒ නිසා මෙම ව්‍යවස්ථා සංශෝධනයේදී අන්තර්කාලීන විධිවිධානයක් ලෙස වර්තමාන පාර්ලිමේන්තුවේ කාලය සම්බන්ධ සීමාවක් ඇතුළත් කළ යුතු යැයි අපි යෝජනා කරනවා. මේ සංශෝධනයේදී අන්තර්කාලීන විධිවිධානයක් ඇතුළත් කර මේ පාර්ලිමේන්තුවේ ධුර කාලය කෙටි කළ යුතුයි.

අපේ යෝජනාව මේ නව වැනි පාර්ලිමේන්තුවේ කාලය අවුරුදු දෙකත් අවුරුදු තුනත් අතර කාලයකට සීමා කළ යුතුයි. ඊට පසුව නව පාර්ලිමේන්තු මැතිවරණයක් හරහා මන්ත්‍රීවරුන් සහ ඒ තුළින් අග්‍රාමාත්‍යවරයෙකුත් තෝරාපත්කර ගන්න ජනතාවට අවස්ථාව ලැබෙනවා. එවැනි පාර්ලිමේන්තුවකට සහ අගමැතිවරයෙකු වෙත 21 වැනි සංශෝධනයෙන් බලතල ලැබිය යුතුයි. එසේ නැතිව ඔහේ අටවා ගත්, පිනට ලබාගත් අගමැතිවරයෙකුට 21 වැනි සංශෝධනයෙන් ලැබෙන බලතල හෙබවීමේ අයිතියක් නැහැ.

ඒ නිසා මේ ව්‍යවස්ථා සංශෝධනය තුළ අපි වැදගත්ම සංශෝධනයක් හැටියට වර්තමාන පාර්ලිමේන්තුවේ කාලය සම්බන්ධ සීමාවක් සහිත අන්තර්කාලීන විධිවිධාන ඇතුළත් කර, නව ජනවරමකින් පාර්ලිමේන්තුවක් සහ අගමැතිවරයෙක් තෝරා ගැනීමෙන් පසු මෙම සංශෝධන ක්‍රියාත්මක විය යුතු බවට යෝජනා ගෙන එනවා.

ඒ වගේම තවත් වැදගත් පැත්තක් වන්නේ අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කිරීමයි. පසුගිය කාලයේ අමාත්‍යාංශ ලේකම්වරුන් හිතූ හිතූ හැටියට මාරු කළා. පත්කළා. එක පරිපාලන සේවයේ නිලධාරියෙක් මේ ආණ්ඩුව යටතේ නව වැනි තනතුරටත් පත්කළ බව කීවා. ජනාධිපතිවරයාට අවුරුදු දෙක හමාරක් වන විට ලේකම්වරයෙකු ස්ථාන නවයකට මාරු කරලා. ආයතන ප්‍රධානී තනතුරුත් ඒ වගේමයි. ඒ ඒ දේශපාලන වුවමනාවන් අනුව වංචා – දූෂණවලට ඉඩ නොදෙනවා නම්, මාරු කරනවා. ඉතාමත් වැරදි කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් ගෙනඑනකොට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා එයට විරුද්ධ වීම නිසා හිටිහැටියේ මාරු කළා. මේ තත්වය තුළ අමාත්‍යාංශ ලේකම්වරුන් ව්‍යවස්ථා මණ්ඩලය මගින් පත්කළ යුතුයි කියන යෝජනාව තිබෙනවා.

මේ ආදී යෝජනා ගණනාවක් 21 වැනි සංශෝධනයට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ යෝජනා මූලික කරගනිමින් තවත් යෝජනා පිළිබඳව අපි සාකච්ඡා කරමින් තිබෙනවා. 21 වැනි සංශේධනය සම්බන්ධයෙන් අපේ මේ යෝජනා ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්ධන ජාවාරම්කරුවන් අඳුනගන්න ඇප් එකක්

Next Post

බෙහෙත් නැතිව මැරෙන්න වැටුණු දුගී ජීවිත අසල- අමුතු ඩීල් එකකට යන  සිරිපාල – රඹුක්වැල්ල

Related Posts

දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026
sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.