ඉන්ධන ජාවාරම්කරුවන් හඳුනා ගැනීම සඳහා ස්මාර්ට් ජංගම දුරකථන යෙදවුමක් නිර්මාණය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
‘ෆුවල් අයිඑම්සී’ ලෙස නම් කර ඇති මෙම යෙදවුම මේ වන විටත් පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත යවා අවසන් අතර සිය බල ප්‍රදේශයන්හි ඉන්ධන හල් හිමියන් හා සාකච්ඡා කර ඔවුන් කැමැති නම් එම යෙදවුම ඔවුන්ට ලබා දීමට කටයුතු කරගෙන යන බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
වාහනයක් ඉන්ධන හලකට පැමිණි පසු වාහනයේ ලියාපදිංචි අංකය මෙම යෙදවුමට ඇතුළත් කරන අතර එම වාහනය යළි වෙනත් ඉන්ධන හලකින් ඉන්ධන ලබා ගනිද්දී අවසන් වරට ඉන්ධන ලබා ගත් දිනය, ඉන්ධන හල, ලබාගත් ප්‍රමාණය ආදී සියලු තොරතුරු යෙදවුමෙහි දැක්වේ.
යම් කිසි වාහනයක් අසාමාන්‍ය ලෙස ඉන්ධන ලබාගෙන ඇත්නම් එම වාහනයේ හිමිකරු ඉන්ධන එක් රැස් කරමින් වැඩි මිලට ඉන්ධන විකුණමින් ජාවාරම් කරන්නේදැයි පොලිස් නිළධාරීන් හා බුද්ධි නිළධාරීන් එක්ව සොයා බලා ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන වග තල්දූව මහතා පැවසීය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අත්‍යාවශ්‍ය සේවා හා විවිධ ආයතනවල වාහන වැඩි ඉන්ධන ප්‍රමාණයක් ලබා ගන්නා විට ඔවුන්ට කිසිදු බාධාවක් කරදරයක් නොමැති වගයි.