අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බෙහෙත් නැතිව මැරෙන්න වැටුණු දුගී ජීවිත අසල- අමුතු ඩීල් එකකට යන  සිරිපාල – රඹුක්වැල්ල

by editor
මැයි 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

චාමින්ද වාරියගොඩ –

පවතින ඖෂධ හිඟය ට ප්‍රධාන හේතුව ඩොලර් හිඟය යි. එය මේ වනවිටත් විවිධ තලවලදී පුළුල්ව සාකච්ඡාවට ලක්ව ඇත. එහෙත් ඊයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති ඖෂධ හිඟය පිළිබඳව සාකච්ඡාවකදී ඊට බලපාන තවත් හේතුවක්ද පැන නැගී ඇත. ඒ හේතුව මතු කර ඇත්තේ වාර්තා වන ආකාරයට ඇමති දෙපළකි. එක්කෙනෙක් වර්තමාන සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලයි. අනෙකා හිටපු සෞඛ්‍ය ඇමතිවරයකු වන නිමල් සිරිපාල ද සිල්වායි.

ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පවතින ප්‍රධාන ප්‍රශ්නයට ඉලක්ක කිරීම වෙනුවට ඖෂධවල ගුණාත්මක බව සුරැකීම සහ නියාමනය වෙනුවෙන් පෙනී සිටින ආයතන මුවාවෙන් මෙරට තුළ සිදුවන ඖෂධ ගුණාත්මක තත්ත්වය තහවුරු කිරීමේ සහ සහ නියාමනය කිරීමේ පවතින ක්‍රමවේද වෙනස් කිරීමේ සැලසුමක් පවතින්නේද යන්න පිළිබඳ ව  මේ වනවිට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ කතා බහක් නිර්මාණය වී තිබේ.

ආරංචි මාර්ගවලට අනුව පවතින  ඖෂධ හිඟය හමුවේ ජාතික ඖෂධ නියාමන අධිකාරියට චෝදනා දෙකක් එල්ල වී ඇත. එයින් එකක් වන්නේ මේ වනවිට විදේශවලින්  විවිධ ආධාර , පරිත්‍යාග ලෙසින් එවන ඖෂධ සහ උපකරණවල  ගුණාත්මක තත්ත්වය තහවුරු කර ඒවා ඉක්මනින් නිදහස් කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාද වන බවය. අනෙක් කරුණ වන්නේ දේශීය නිෂ්පාදකයින් ඇතුළු නව  ඖෂධ ලියාපදිංචිය ප්‍රමාද කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කරන බවට චෝදනා ඉදිරිපත් වීමය.

සිරිපාල සහ රඹුක්වැල්ල නිසා අගමැති දුන් භයානක උපදෙස –

අගමැතිවරයාත් නිමල් ලංසා මන්ත්‍රිවරයා, රුවන් විජේවර්ධන මෙන්ම  රවි කුමුදේශ් සහ සමන් රත්නප්‍රිය යන වෘත්තීය සමිති නායකයන් ද සහභාගී වූ මෙම රැස්වීමේදී මේ චෝදනා එල්ල කර ඇත්තේ රඹුක්වැල්ල අමාත්‍යවරයා සහ නිමල් සිරිපාල ද සිල්වා යන අමාත්‍යවරුන් දෙපළ විසින් බව සඳහන් වෙයි. මේ චෝදනා අසා සිටි අග්‍රමාත්‍යවරයාද ජාතික ඖෂධ නියාමන අධිකාරිය සෞඛ්‍ය අමාත්‍යංශයේ   සෘජු පාලනය  යටතට පත් කර ගන්නා ලෙස  ඊට අදාළ ආයතනික රාමු වෙනස් කිරීමට කටයුතු කරන ලෙසටද උපදෙස් දී ඇති බව සඳහන් වෙයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

දැනට  පවතින  ඖෂධ හිඟය සමඟ ජාතික ඖෂධ නියාමන අධිකාරියට කිසිදු සෘජු සම්බන්ධයක් නැති බව සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රෙය්ම මතය වී තිබේ.   ඊට හේතු වන්නේ ඩොලර් නොමැතිකමය. ඖෂධ ඇණවුම් කිරිමේ ක්‍රියාවලියේ දී ප්‍රධාන වගකීම ඇත්තේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයීම් අංශයය. මෙම ආයතන දෙකද මේ වනතෙක් ඔවුන්ගේ පරිමාණයෙන් අදාළ පියවර ගෙන තිබුණද ඖෂධ ගෙන්වන සමාගම් විසින් ඊට අදාළ ව නිකුත් කරන ලද ණයවර ලිපි සඳහා ගෙවීම් ප්‍රමාද කිරීම මේ තත්ත්වයට හේතු වී ඇත.

ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව මේ වනවිට ඖෂධ සැපයීම් සඳහා මූල්‍යාධාර ලබා දී ඇතත් ඖෂධ නිෂ්පාදන සමාගම් වෙත ගෙවන්නට ඇති හිඟ මුදල් කන්ද ට සාපේකෂව එයද ප්‍රමාණවත් නොවන බවට  මත පළ වී තිබේ.

අනෙක දැනට හිඟ බොහෝ ඖෂධවල එක් ඖෂධයක් වෙනුවෙන් විවිධ නාම යටතේ ලියාපදිංචි වූ ඖෂධ සැපයුම්කරුවන් ගණනාවක් සිටිති. එවැනි පසුබිමක් තුළ අමාත්‍යවරුන් දෙපළක්   අගමැතිවරයාද සහභාගී වූ රැස්වීමකදී අධිකාරිය විවේචනයට ලක් කිරීම සම්බන්ධයෙන්  අදාළ ආයතනය තුළ ද මේ වනවිට කැලඹීමක් නිර්මාණය වී ඇත.

ඖෂධ නියාමන අධිකාරිය කී කතාව

ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය   ඊයේම  මාධ්‍ය  නිවේදනයක් නිකුත් කරමින් ඖෂධ නියාමන අධිකාරිය හමුවේ එල්ල වන ප්‍රධාන චෝදනා දෙකට පිළිතුර ලබා දී ඇත.

ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියා පවසන්නේ මෙම රැස්වීමේදී එම අධිකාරියට එල්ල වන චෝදනා දෙකම කරුණු කාරණා සහිතව ප්‍රතික්ෂේප කරන  බවයි.

ඖෂධ නියාමන අධිකාරිය ට ඇති පළමු චෝදනාව වන්නේ පරිත්‍යාග වශයෙන් ලැබෙන ඖෂධ සහ උපකරණ වෙනුවෙන් ලබා දෙ අනුමැතිය ප්‍රමාද කරවීමය. එහෙත් මෙම චෝදනාව තරයේ බැහැර කරන එම අධිකාරිය පවසන්නේ මේ වනවිට මෙම පරිත්‍යාග වශයෙන් ලැබෙන ඖෂධ අනුමත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරවීම සඳහා   වෙනම ඒකකයක් ස්ථාපනය කර ඇති  බවය. එම ඒකකය මඟින් පසුගිය කාලය තුළ කිසිදු ප්‍රමාදයකින් තොරව අදාල අනුමත කිරීමේ ක්‍රියාවලිය  සිදු කර ඇති බවට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවධාරණය කළේය.

අනෙක් චෝදනාව වන්නේ දේශීය ව ඖෂධ සහ වෛද්‍ය උපකරණ නිෂ්පාදයන කරන නිෂ්පාදකයන්ට අදාල අනුමත කිරීමේ‍  ක්‍රියාවලිය ප්‍රමාද කරවන බවට වන චෝදනාවය. එයටද පිළිතුරු දෙන ඖෂධ නියාමන අධිකාරිය පවසන්නේ පසුගිය මාස දෙක තුළ ඖෂධ වර්ග 150කට අදාල අනුමැතිය ලබා දීම් සිදු කර ඇති බවය. එසේම එම කාලය තුළ නව ඖෂධ නිෂ්පාදන ආයතන හතරක් ඇතුළු ඖෂධ වර්ග 20කට ආරක්ෂාකාරී  ව පරීක්ෂා කර අදාල අනුමැතිය ලබා දීම් සිදු කර ඇති බවය.

මෙයට අමතරව රටේ පවතින අර්බුදය හමුවේ ඖෂධ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියට කල් ගත වන බැවින් එම ලියපදිංචි කිරීමේ ක්‍රියාවලියෙන් පිටත ඖෂධ අනුමත කිරීම් සදහා විශේෂඥ කමිටුවක සහභාගීත්වය ලබා ගෙන  ඇති අතර එම විශේෂඥ කමිටුව හරහා ඖෂධ වර්ග 30ක් සහ උපකරණ වර්ග 36ක් සඳහා අනුමැතිය ලබා දීමේ ක්‍රියාවලිය වේගවත් කර ඇත.

මෙම තත්ත්වයට අමතරව ක්ෂණික  නිශ්කාශන  ක්‍රියාවලියක් මගින් ඖෂධ වර්ග 300ක් සහ ඖෂධ වර්ග 48ක් මෙරටට පසුගිය මාස දෙක තුළ පමණක් ගෙන්වීමට අවශ්‍ය සහය ලබා දී ඇති බවව මෙම අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත සහ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවින් හේවගේ   ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

මෙවැනි තත්ත්වයක් පවතිද්දීත් ඖෂධ හිඟයට  පැහැදිළි ව  පෙනෙන හේතුවක් පවතිද්දීත්  ජාතික ඖෂධ නියාමන අධිකාරියට මෙලසින් චෝදනා කිරීම පසුපස බොර දියේ මාලු  බෑමක්  සෞඛ්‍ය අංශවල සැකයට හේතු වී  ඇත.

රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමතිගේ ප්‍රතිචාරය –

කෙසේ වුවද ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙනුවෙන් සිය මතය ප්‍රසිද්ධියේ පළ කළ මෙරට කීර්තිමත් වෛද්‍යවරයකු වන විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම  ය සමාජ මාධ්‍යයක යෙදූ සටහනක් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයාද ප්‍රතිචාර දක්වා තිබුණි.

ඔහු සිය නිල ට්විටර් ගිණුම හරහා ලිපියක් ප්‍රසිද්ධ කරමින් අද ප්‍රතිචාර දක්වා තිබුණේ විශේෂඥ වෛද්‍ය විජේවික්‍රමයන් වෙත මෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකරියේ මාධ්‍ය නිවේදනය වෙතද ප්‍රතිචාර දක්වමිනි. .

Regarding false information currently being circulated on #lka social media, i wish to present the following clarification. Further, I wish to address a letter made public by the NMRA & once again ask for cooperation & assistance in navigating these difficult times. pic.twitter.com/v5KEF9o4dz

— Keheliya Rambukwella (@Keheliya_R) May 27, 2022

අමාත්‍යවරයා එහිදී තමන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිළිබඳව කිසිදු විවේචනයක් කළ බවක් පිළිගෙන නැත. ඒ වෙනුවට ඔහු පවසන්නේ අදාළ  රැස්වීමේදී අග්‍රමාත්‍යවරයා එම කතාබහ  ආරම්භයේදී    රටේ තුන් වතාවක් සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කර අත්දකීම් ඇති නිමල් සිරිපාල ද සිල්වා ට මූලික අදහස් දැක්වීමක් කරන ලෙස කළ ආරාධනයට අනුව දැක්වූ අදහස්ය.

එහිදී  අමාත්‍ය නිමල් සිරිපාල  සෞඛ්‍ය අමාත්‍යංශය  යටතේ පවතින බොහෝ  ආයතන පිළිබඳව විවේචදනාතක්මකව කතා කළ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියද ඒ අතර වූ බව අමාත්‍ය රඹුක්වැල්ල  පවසයි.  එහෙත් එය පොදුවේ සෑම ආයතනයක් කෙරෙහිම එල්ල කළ විවේචනයක් බව ඔහු කියයි. ඒ විවේචන මත ආයතනික ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට අදාළ  ප්‍රතිසංවිධානයන් පිළිබඳව ද කතා බහට ලක්වූ බව අමාත්‍යවරයා පිළිගනී.

සෞඛ්‍ය අමාත්‍ය රඹුක්වැල්ල තවදුරටත් චෝදනා කරන්නේ ආයතනවල ප්‍රතිසංවිධානය පිළිබඳව සෑම ආයතනයක් පිළිබඳව ම කතා බහට ලක් කළද ජාතික ඖෂධ නියාමන අධිකාරිය පමණක් ඊට ප්‍රතිචාර දැක්වීම විශේෂිත දෙයක් බවය.

කෙසේ වුවද අමාත්‍ය රඹුක්වැල්ල මෙම ප්‍රකාශය මඟින් තම දෑත් පිස දා ගැනීමට උත්සාහ කළද එතැනි සිදුවූ දේ කිසිවක් ප්‍රතික්ෂේප කර නැත.  එ වෙනුවට කර ඇත්තේ පැහැදිළි කිරීමක් පමණි.

නමුත් රටට මේ මොහොතේ පවතින ලොකුම අභියෝගය වන්නේ ජනතාවගේ හුස්ම පොද රැක ගැනීමට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ සහ උපකරණ ටිකවත් හැකි ඉක්මනින් ගෙන්වා ගැනීමය. අප අද ජීවත් වන්නේ ඉන්ධන නොමැති වීම හේතුවෙන් කිරි දරුවකු රෝහලට ගෙන යාමට ප්‍රමාද වීම නිසා මිය ගිය බවට ලෝකයම ඇඬවූ පුවතක් නිර්මාණය කළ රටකය. මේ මොහොතේ කළ යුත්තේ ආයතනික රාමු සකස් කිරීමද? නැතහොත් කඩිනමින් ඩොලර් සොයාගෙන හෝ පරිත්‍යාගශීලීන්ගේ ආධාර මත රටේ ජනතාව සුවපත් කිරීමද යන්න තෝරා ගත යුතුය.

මෙවැනි අවස්ථාවකදීත් තමන්ගේ අරමුණු සාකෂාත් කර ගන්නට ඇතැම්  ජාවාරමුන් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය ක්ෂේත්‍රය හොඳාකාරව දනී. මේ අමාත්‍යවරුද ඒ බව හොඳින්ම දනිති. ඒවායේ රහ ද ඔවුහු හඳුනති.

එහෙත් මේ මොහොතේ දේශපාලකයන් සේම අදාළ ආයතන ප්‍රධානීන් ඇතුළු සමස්ත සෞඛ්‍ය ප්‍රජාවම අවධානය  යොමු කළ යුත්තේ පවතින දැවෙන ගැටලුවලට හැකි ඉක්මනින් විසඳුමකට යාම පිළිබඳවය.

අපි ආයතනික ප්‍රතිසංවිධාන ගැන පසුව කතා කරමු . දැන් මැරෙන්න වැටී පණ අදින අසරණ  රෝගීන්ගේ ජීවිත බේරා ගනිමු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජන වරමක් නැති මේ පිං අගමැතිට 21න් ලැබෙන බලය හොබවන්න අයිතියක් නෑ…

Next Post

ට්‍රිලියනයක් අච්චු ගහන්නේ ධන කුවේරයන්ට බදු සහන දෙන්නද? සජිත් අසයි

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.