බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

කාල රාමුවකට යටත්ව විධායක ජනාධිපති ක්‍රමය ආහෝසි කරනවා… අගමැති කියයි!

by editor
මැයි 29, 2022
in දේශපාලන
Share on FacebookShare on Twitter

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් එම ක්‍රමවේදය සහ කාලරාමුව පක්ෂ නායකයින්ට තීරණය කළ හැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ  21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ඉදිරි දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්   අද සවස  විශේෂ ප්‍රකාශයක්  කරමිනි.

 අග්‍රාමාත්‍යවරයා කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය.

අද අපේ රටේ ප්‍රධාන  ප්‍රශ්න ආර්ථික ක්ෂේත්‍රයට පමණක් සීමා වෙලා නැහැ. ඒ වගේම දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබෙනවා. යළිත් 19 වන සංශෝධනය  ක්‍රියාත්මක කිරීම එක ප්‍රශ්නයක්. ඒ පිළිබඳව දැන් අපි පක්ෂ නායකයන් හැටියට 21 වෙනි සංශෝධනය සකස් කරගෙන යනවා.

දෙවැනි ප්‍රශ්නය වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ක්‍රියා කිරීම යි. ඒ කාල වකවානුවත් ක්‍රමවේදයත් පක්ෂ නායකයන් තීරණය කළ යුතුයි. මීට අමතරව තවත් ප්‍රශ්නයක් තිබෙන්නේ පාර්ලිමේන්තුව පිළිබඳවයි.

විසිවන සංශෝධනයෙන් පාර්ලිමේන්තුව දුර්වල කළ නිසාත් වැඩිපුර බලතල විධායකය ලබාගත් නිසාත් පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය අඩපණවී තිබෙනවා. ආර්ථික අර්බුදය නතර කිරීමට පාර්ලිමේන්තුව ක්‍රියා නොකිරීම අද තිබෙන ප්‍රධාන චෝදනාවක්. යෝජිත විසි එක් වෙනි සංශෝධනයෙන් පාර්ලිමේන්තුවේ බලතල වැඩි වෙනවා. නමුත් එයින් පමණක් අපට සෑහීමකට පත්වන්නට බැහැ. දැන් තිබෙන වෙස්මිනිස්ටර් කැබිනට් ක්‍රමය අනුව සියල්ලම කැබිනට් ඇමතිවරුන් පාලනය කළත් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට බහුතරයක් තිබුන නිසා පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු අතපසු කළා  යැයි කියාත් චෝදනාවක් තිබෙනවා.

අතීතයේ සිදුවූ දේ දිහා අපට හැම වෙලේම විභාග කරගන්න උවමනා නැහැ. නමුත් මේ රටේ ආණ්ඩු පාලනයට පාර්ලිමේන්තුවත් එකතු කරන ක්‍රමයක් තිබිය යුතුයි. ඒ වගේම අපට විනිවිද භාවය තිබිය යුතුයි. සියලු පක්ෂවල මන්ත්‍රීවරුන් ඒ කොමිටි වලට රැස්වී ප්‍රතිපත්ති වැඩසටහන් අනුව ක්‍රියා කිරීමට අපි වාතාවරණයක් සකසනවා.  මේ සඳහා එක උදාහරණයක් තිබෙනවා.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ලංකාව නිදහස ලබන්නට පෙර 1931 වසරේ සිට 1947 දක්වා රාජ්‍ය මන්ත්‍රණ සභාවක් තිබුණා. ඒ රාජ්‍ය මන්ත්‍රණ සභාව ක්‍රියා කළේ කාරක සභා ක්‍රමයකටයි. කාරක සභා හතකට එක් එක් විෂයන් බෙදා දී තිබුණා. ඒ කාරක සභාවේ සභාපතිවරුන් ඇමතිවරුන් වුණා. ඒ ඇමතිවරුන් හත් දෙනා එකතු වී ඇමති මණ්ඩලයක් සකස් කර තිබුණා.

ඊට අමතරව ආණ්ඩුකාරතුමා පත් කළ නිලධාරීන් තුන් දෙනෙකුත් සිටියා.කාරක සභා වල අදහස් ලබාගෙන ඇමති මණ්ඩලය අයවැය සකස් කළේත් ප්‍රතිපත්ති ගැන තීරණය ගත්තේත් මෙතැනින්.

මීට අමතරව මුදල් පාලනය සඳහා ගිණුම් කාරක සභාවක් තිබුණා.මේ ක්‍රමවේදය සාර්ථකව ගෙන යන්න  ඒ කාලයේදී අපට අවස්ථාව ලැබුණා.

දැන් අප පාර්ලිමේන්තුවේ ව්‍යුහය වෙනස් කර දැන් තිබෙන පාර්ලිමේන්තු ක්‍රමය හෙවත් වෙස්මිනිස්ටර් ක්‍රමය සහ රාජ්‍ය මන්ත්‍රණ සභා ක්‍රමය යන දෙකම එකතු කර අලුත් ක්‍රමවේදයක් ඇති කරන්න අවශ්‍යයි. ඒ  අවස්ථාවල දී පාර්ලිමේන්තුවට රටේ පාලනයට සහභාගී වෙන්න පුළුවන්.

පළමුවෙන්ම තිබෙන්නේ මුදල් බලතල ක්‍රියාත්මක කිරීමේදී පාර්ලිමේන්තුවට ඒ බලතල දීමට නම් දැන් තිබෙන නීති ශක්තිමත් කළ යුතුයි.එසේ නම් දැන් තිබෙන මුදල් නීති දෙස බලා අප අලුත් මුදල් නීති මාලාවක් සම්මත කරන්නට කටයුතු කරනවා.

එක්සත් රාජධානිය, නවසීලන්තය,ඉන්දියාව වැනි රටවල් වල උදාහරණ ලබාගෙන මීට වඩා ශක්තිමත් සහ බලවත් නීතියක් අප ඉදිරිපත් කරනවා.

දැනට රජයේ  මූල්‍ය කටයුතු පිළිබඳව  කාරක සභා තුනක් තිබෙනවා.රජයේ මූල්‍ය කාරක සභාව,ගිණුම් කාරක සභාව, සහ රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කාරක සභාව එම කාරක සභා තුනයි.මේ කාරක සභා තුනේ බලතල ශක්තිමත් කරන්නට දිනේෂ් ගුණවර්ධන සභානායකතුමා යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.

මීට අමතරව අප තවත් යෝජනා ගෙන එනවා.

මුදල් පිලිබද අලුත් කාරක සභා දෙකක් ඇති කිරීමට අප කටයුතු කරනවා. මෙරට රජයේ ආදායම අඩුවී තිබෙනවා. ඊළඟ දශකය තුළ රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන්  සියයට  18 ත් 20 ත් අතර අගයකට ගෙන යාමට තිබෙනවා. මූලික වශයෙන් සියයට සියයට 14 ක අගයකට වැඩි කරන්නට තිබෙනවා. මේ කටයුත්ත සඳහා අප ක්‍රම සහ විධි කාරක සභාවක් පත් කරනවා. රජයේ තිබෙන ආදායම් එක් රැස් කිරීමේ සහ ආදායම වැඩි කිරීමේ ක්‍රියාමාර්ග යෝජනා කරන කොමිටිය ලෙස මෙය හැඳින්වෙනවා.

දෙවැනිව අපට තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ බැංකු වල සහ ෆිනෑන්ස් ආයතන වල තිබෙන මූල්‍ය තත්ත්වයයි. ඒ ගැන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒවා දුර්වල වී තිබෙනවා. එය ශක්තිමත් කරනවා නම් ඒ පිළිබඳව වාර්තා කරන්නත් වෙනම කොමිටියක් අවශ්‍යයි. ඒ නිසා බැංකු හා මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවක් යෝජනා කරනවා.

අපේ ස්ථාවර නියෝග 111 යටතේ අපට අධීක්ෂණ කොමිටි පත් කරන්න පුළුවන්.මීට පෙර අධීක්ෂණ කමිටු පත්කර තිබුණේ නැහැ.ඒනිසා අධීක්ෂණ කොමිටි දහයක් පත් කිරීමට අප යෝජනා කරනවා.එම අධීක්ෂණ කොමිටි දහයට ආණ්ඩුවේ තිබෙන විෂයන් බෙදා දෙන්න පුළුවන්.එම අධීක්ෂණ කොමිටි වලින් වාර්තා ලබා දෙනවා.එමෙන්ම ඔවුන් ප්‍රතිපත්ති ගැනත් පාර්ලිමේන්තුවට වාර්තා කරනවා.ඒ පිළිබඳව පාර්ලිමේන්තුව ක්‍රියා කළ යුතුයි.

එමෙන්ම මෙම මූල්‍ය කාරක සභා පහේ සහ අධීක්ෂක කාරක සභා දහයේ සභාපතිවරුන් ලෙස පත් කරන්නේ පසුපෙළ මන්ත්‍රීවරුන් බව කිව යුතුයි.ඒවාට පත්කරන්නේ ඇමතිවරුන් නොවේ.

ඒ නිසා ඇමතිවරයාගෙන් ස්වාධීනවත්,ඇමතිවරයා සමගත් යන අංශ දෙකෙන්ම වැඩ කරන්නට ක්‍රමවේදයක් සැකසීම සඳහා අපට අවස්ථාව තිබෙනවා.මෙහිදී අප විශේෂ කාරණයක් ගැන අවධානය යොමු කළ යුතුයි.

දැන් තිබෙන ක්‍රමවේද මාරු කරන්නැයි  තරුණයන් කියනවා.එමෙන්ම දැන් තිබෙන ප්‍රශ්න දැනගැනීමට අවශ්‍යයි.ඒ නිසා මෙම කාරක සභා 15 ට ම තරුණ නියෝජිතයන් හතර දෙනෙක් පත් කරන ලෙස යෝජනා කරනවා.එයින් එක්කෙනෙක් යොවුන් පාර්ලිමේන්තුවෙන් පත් කරනවා.අනිත් තුන් දෙනා විරෝධය පළ කරන කණ්ඩායම් වලින් සහ අනෙක් කණ්ඩායම් වලින් තෝරා ගන්නවා.ඒ තෝරා ගන්නා ක්‍රමවේදය තරුණ සංවිධානවලින් ම තීරණය කරන්න පුළුවන්.

මීට අමතරව අප බලාපොරොත්තු වන්නේ මේ පිළිබඳව විශේෂඥ දැනුම තිබෙන පුද්ගලයන් සහ අනෙක් පුද්ගලයන් වැඩකටයුතු සඳහා සහභාගී කර ගැනීමටයි.මේ වැඩ කටයුතු නිසා තරුණයන්ට ප්‍රශ්න ගැන දැන ගැනීමටත් ඒවාට තමන්ගේ විසඳුම් ලබා දීමටත් හැකියාව ලැබෙනවා.ඒ අනුව වගකිවයුතු තරුණ නායකයන් අපට පුහුණු කරන්න පුළුවන්.ඒ අනුව ඔවුන්ට මැතිවරණ වලට තමන් කැමති විදියට තරඟ කරන්න හැකියාව ලැබෙනවා.

එමෙන්ම අප ජාතික සභාවක් යෝජනා කරනවා.කතානායක ,අගමැති ,විපක්ෂ නායක,ඇතුළු ප්‍රධාන පක්ෂ නායකයින්ගෙන් යුත් කොමිටියක් ජාතික සභාව ලෙස හැඳින්වෙනවා.

ජාතික සභාව ඉතා වැදගත් බව කිව යුතුයි.රටේ ප්‍රතිපත්ති ගැන කතා කරන්නට ජාතික සභාවට පුළුවන්.එමෙන්ම කැබිනට් මණ්ඩලයේ තීරණ ගැන කතා කරන්නත් එයට හැකියාව තිබෙනවා.එමෙන්ම මෙරට පාර්ලිමේන්තුවේ ප්‍රතිසංවිධාන ගැන කතා කරන්නත් ජාතික සභාවට හැකියි.එසේ නම් එය දේශපාලන මණ්ඩලයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

කැබිනට් මණ්ඩලයත් ,කාරක සභා සභාපතිවරුනුත් කැඳවීමට ජාතික සභාවට අයිතිය තිබෙනවා.ඊට වෙනම පත් කළ තරුණ නියෝජිතයින් ඉන්නවා නම් මේ ප්‍රශ්න සාකච්ඡා කරන අවස්ථාවේදී ඒ අය ගැනත් අපට සලකා බලන්න පුලුවන්.

අප ඇතිකර තිබෙන අලුත් ක්‍රමය අනුව ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට වග කියන්න අවශ්‍යයි.එමෙන්ම ඇමති ඇමති මණ්ඩලය පාර්ලිමේන්තුවට වගකිව යුතුයි.ජාතික සභාව පාර්ලිමේන්තුවට වගකිව යුතුයි.කාරක සභා සහ අධීක්ෂණ කාරක සභා පහළොවත් පාර්ලිමේන්තුවට වගකිව යුතුයි.එවිට මේ හැම එකකම සම්පූර්ණ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි.

ඇමති මණ්ඩලය තුළින් ආණ්ඩුව පාලනය කිරීමත්, ජනාධිපතිතුමාගේ වැඩකටයුතු පරික්ෂා කිරීමත් ජාතික සභාව තුළින් දේශපාලන වැඩ කටයුතු පිළිබඳ බලතලත් අනෙක්  කොමිටි කාරක සභා පහළොවෙන් මූල්‍ය කටයුතු හා අනෙක් විෂයයන් අධීක්ෂණය කරන්න පුළුවන් ක්‍රමවේදයක් මෙහි තිබෙනවා.මේ කාරණය ගැන සකස් කළ ලිපි  තිබෙනවා.සියලු දෙනාම මෙය සලකා බලනවා නම් මම කැමතියි.තවත් සංවිධාන ගණනාවක් මෙවැනිම යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.ඒයෝජනාත් සලකා බලා පාර්ලිමේන්තුවේ බලතල අනාගතයේ දී ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි කියා අප එකඟත්වයකට පැමිණෙමු.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැයි 09 අපරාධයේ චූදිත පොලිස් ලොක්කෙක් බේරා ගන්න ගජ මිතුරු දේශපාලකයෙක් “මාරක“ මෙහෙයුමක…

Next Post

පැහැරගත් දැරිය සම්බන්ධයෙන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් විරෝධතාවයක්

Related Posts

දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026
sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.