පාකිස්ථානයේ පන්ජාබ් පළාතේ දී 14 හැවිරිදි දැරියක් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය නිසි ලෙස ක්රියාත්මක නොවන බව පවසමින් ෆයිසාලාබාද් දිස්ත්රික් කවුන්සිලය අසළ විශාල පිරිසක් රැස්ව උද්ඝෝෂණයක නිරත වුණහ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ සිදු වුවත් රටේ සුළු ප්රජාව ඒ සම්බන්ධයෙන් සෑහීමට පත් නොවන අතර බලවත් මිනිසුන් වෙනුවෙන් රාත්රීයේ ද විවෘතව තිබෙන උසාවිය සුළු ජාතික ගැහැණු දරුවෙකු වෙනුවෙන් විවෘත නොකරන බවට චෝදනා කරමින් විරෝධතාවේ නියැලුණහ.
දැරිය පැහැරගෙන ගොස් ඇත්තේ දූෂණය කිරීමට බවට ඇගේ පවුලේ අය චෝදනා කරන අතර මේ වන විට රෝහල්ගතව ප්රතිකාර ලබන දැරිය සුවය ලබන තුරු විරෝධතාවයේ නියැලෙන ලෙස ඇය අයිති මෂීහ් ප්රජාව විරෝධතාකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
පාකිස්ථානයේ හින්දු හා සුළු ජාතීන්ට එරෙහිව දිනෙන් දින ඉහළ යන අපරාධවලට රජය නිසි පියවරක් නොගන්නා බව මානව හිමිකම් සංවිධාන හා වාර්තා චෝදනා එල්ල කරති.