දිනසේන රතුගමගේ
වසරකට වරක් ඉතා සීමිත දින ගණනකට පමණක් උදාවන තල් කුරුම්බා වාරය මේ දිනවල උතුරු පළාතට පැමිණ තිබේ.
තල්ගෙඩි මේරීමට කළින් කුරුම්බා වශයෙන් පානය කිරීමට විශාල පිරිසක් උත්සාහ කරන්නේ එහි ඇති රසය මෙන්ම අධික අව් රශ්මිය කාලයට තල් කුරුම්බා වලින් දැඩි සීතලක් ලැබෙන නිසාය.
උතුරේ තල් කුරුම්බා වාරය පැමිණෙන විට කුඩා ළමයාගේ සිට වයෝවෘද්ධ පුද්ගලයින් පවා රංචු ගැසී තල් කුරුම්බා බීමට තල් ගස් ඇති තැන් සොයා යති.
කටු සහිත කොළ නිසා තල් ගස් නැගීම ඉතා අසීරූ බැවින් පහසුවෙන් තල් කුරුම්බා බීම සදහා ඇති එකම ක්‍රමය වෙළෙන්දන් විසින් තල් කුරුම්බා කාලයට මහපාරේ දෙපස තබාගෙන විකුණන තල් කුරුම්බා ගෙඩියක් රුපියල් පණහක් වැනි මුදලකට මිලදී ගෙන බීමයි.
නමුත් එසේ කිරීමෙන් රංචුවක් වශයෙන් ගොස් තල් ගස් නැග එතැනම තබා ගෙන තල් කුරුම්බා බීම තරම් විනෝදයක් ආස්වාදයක් නොමැත.