දිනසේන රතුගමගේ –
යාපනයේ පොලීස් ස්ථාන කීපයක් හරහා කොරෝනා ආසාදිතයින් වැඩි වීමේ ප්‍රවණතාවයක් 21 දා දක්නට ලැබුණු බව උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒ.කේතීස්වරන් පැවසීය.
යාපනයේ පොලිස් නිලධාරීන් 13 දෙනෙකු කොරෝනා රෝගීන් ලෙස වාර්තාවීමත් සමගම යාපනයේ සෞඛ්‍ය නිලධාරී කාර්යාල කීපයක් විසින් පොලිස් නිලධාරීන් 258 දෙනෙකු පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කොට තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසුවේ යාපනයේ මෙම පොලිස් නිලධාරීන්ට අමතරව තවත් ප්‍රදේශ කීපයකින් 21 දා කොරෝනා රෝගීන් 23 දෙනෙකු හමු වූ බවය.
යාපනය දිස්ත්‍රික්කය තුළ 21 දා පොලිස් නිලධාරීන්ගේද ඇතුලුව පී.සී.ආර්.පරීක්ෂණ 788 ක් සිදු කොට තිබේ.
උතුරේ සෙසු දිස්ත්‍රීක්ක වලින්ද රෝගීන් හමු වී ඇති අතර එම සංඛ්‍යාවන් වවුනියාවෙන් 7 ක් හා මන්නාරමෙන් 5 ක් වශයෙනි.