කීර්ති ප්‍රනාන්දු –
සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසුව අයි.ඩී.එච් රෝහලට කොවිඩ් ආසාදිතයන් ඇතුළත් වීමේ වැඩිවීමක් වාර්තාවන බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක පැවසීය.
මේ වනවිට රෝහලේ ඇති හදිසි ප්‍රතිකාර ඒකක දෙකම රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කීවේය.
මේ වනවිට අලුතින් කොවිඩ් ආසාදිත රෝගීන් 150 දෙනෙක් රෝහල්ගත කර ඇති බව ඔහු පැවසුවේය
ඉකුත් මාසය තුළ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් සංඛ්‍යාව ඉතාම අඩු මට්ටමක පැවතුණ බවත්, නමුත් පසුගිය සතියෙන් පසුව රෝගීන් ඇතුළත්වීම වේගයෙන් වැඩි වී ඇති බවත් ඔහු කීවේය.
සිංහල අවුරුද්දෙන් පසුව