2015 ජනවාරි 8 වැනිදා ආරම්භ වී 2019 නොවැම්බර් 16 වැනිදා අවසන් වූ කාලසීමාව තුළ නිලතල දැරූ රජයේ නිලධරයන්, රාජ්‍ය සංස්ථා සේවකයන්, සන්නද්ධ හමුදා සහ පොලිස් සේවයේ සාමාජිකයන්ට සිදුව ඇතැයි කියනු ලබන දේශපාලන පළිගැනීම් පිළිබඳව පරික්ෂා කර තොරතුරු ලබා ගැනීම සඳහා වන ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස අද සහ හෙට (අප්‍රේල් 22 සහ 23) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතය.
එම දින දෙකේදී ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන් කිරීමකින් තොරව පෙරවරු 10.00 සිට පස්වරු 5.30 දක්වා සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.