අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

අපේ නිර්දේශ දීලා ඉවරයි… පාසල් විවෘත කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය අතේ…

ප්‍රජාවෛද්‍ය විශේෂඥ අයේෂා ලොකුබාලසූරිය 

by editor
සැප්තැම්බර් 25, 2021
in සෞඛ්‍යය
Ayesha-Lokubalasuriya
Share on FacebookShare on Twitter

කොවිඩ් වසංගතය හේතුවෙන් වසර එකහමාරක් පමණ වසා දමා තිබූ පාසල් නැවත විවෘත කිරිම සදහා මේ වන විට අධ්‍යාපන හා සෞඛ්‍ය බලධාරීහු  සාකච්ඡා ආරම්භ කරමින් සිටිති. විභාගවලට ප්‍රථම දරුවන්ගේ කායික හා මානසික සංවර්ධනය වී ඇති හානිය අවම කර ගැනීම සදහා ප්‍රමුඛත්වය ලබා දිය යුතු බව සෞඛ්‍ය බලධාරීන් දිගින් දිගටම  සඳහන්කර ඇති අතර දරුවන්ගේ මානසික සංවර්ධනය නිසි කලට සිදු නොවුණහොත් රටට අනාගතයේදී සිදුවන හානිය, පූර්ණය කර ගැනිමට නොහැකි  වන බව ඔවුහු  කියති. 

මේ ඒ සම්බන්ධයෙන්  ලංකාසර  සෞඛ්‍යඅමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ අයේෂා ලොකුබාලසූරිය   සමග  පැවැත් වූ සාකච්ඡාවකි.

ප්‍රශ්නය – අදියර කීපයක් යටතේ ආරම්භ වීමට නියමිත පාසල්, සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ඉදිරි දිනයකදී ආරම්භ වන බව සඳහන් වොනවා. මෙසේ පාසල් විවෘත කරන ක්‍රමවේදය කුමක් ද?

පිළිතුර –  පළමු අදියරේදී ළමුන් 200ට අඩු සියලුම පාසල්වල ප්‍රාථමික අංශය ආරම්භ කරනවා.   දෙවන අදියරේදී ළමුන්  100 ට අඩු පාසල්වල  සියලුම පන්ති ආරම්භය   සඳහා ප්‍රමුඛතාවක් ලබා දෙනවා. ඒත් එක්කම ළමුන්  200ට වැඩි පාසල්වල ප්‍රාථමික අංශය ආරම්භ කරනවා. තුන්වන අදියරේදී  සියලුම පාසල් විවෘත කරනවා.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ප්‍රශ්නය- මුලින්ම ප්‍රාථමික අංශය විවෘත කරන්න තීරණ්ය කළේ ඇයි?

පිළිතුර – පාසල් වසා දැමීම හේතුවෙන්    කායික හා මානසික බලපෑම් වැඩිවශයෙන්ම එල්ල වූනේ කුඩා දරුවන්ට.  මොකද මේ දරුවන්ගේ කායික හා මානසික සංවර්ධනයට විශාල වශයෙන් බලපෑම් එල්ල වුණා. වසර එකහමාරක් පමණ පාසල් නොයනවා කියන්නේ මොළයේ සංවර්ධනයට විශාල බලපෑමක් එල්ල වුණා කියන එකයි. එසේ දරුවාගේ කායික හා මානසික් සංවර්ධනයට සිදුවන බලපෑම නැවත නිවැරදි කරන්න අපහසුයි. පාසල් පරිසරය මගින් දරුවාගේ මොළයටලැබෙන උත්තේජනයන් නැවත කොහෙන්වත් ඒ වයසේදී ලබාගන්න බැහැ. අපිට එය ලබා දෙන්නනත් බැහැ. 

අනික් කාරණය තමයි මේ වයසේ දරුවෙකු ආර්ථික ප්‍රශ්න හමුවේ පාසල හැරගියොත් නැවත පාසල වෙත නැඹුරු කර ගැනීම ඉතාමත් අසීරුයි. දැනටමත් එවැනි සිදුවීම්  වාර්තා වෙලා තියෙනවා

ප්‍රශ්නය- පාසල් විවෘත  කිරීම මගින් ළමුන්ගේ කායික හා මානසික සංවර්ධනය ඇතිකරනවාට අමතරව සිදුවෙන තවත් යහපත් දේ මොනවාද?.

පිළිතුර – දරුවන් සාමූහිකව කටයුතු කිරීමට පුරුදු කිරිම, යමක් බෙදා හදාගැනීමට හුරුකිරිම , ප්‍රශ්නයකදී එය විසඳා ගැනීමට අවශ්‍ය දැනුම ලබාදීම , යම් ගැටලුවකදී තීරන තීන්දු ගැනීමට පුරුදු කිරිම තමයි මූලිකම දේ. 

ඒත් එක්ක ජංගම දුරකථන අවුරුදු 10ට අඩු දරුවන්ට දීමට අපි නිර්දේශ කරන්‌නේ දිනකට උපරිම පැය2 යි.    නමුත් කොවිඩ් වසංගතයත් සමග දුරස්ථ අධ්‍යාපනයට ළමුන්ට යොමු වෙන්න සිදුවුණා. මෙහිදී දරුවන් පැය දෙකකට ට වඩා දුරකථනයේ රැදී සිටිනවා. මෙය දරුවාගේ මොළයට සෘජු ලෙසම අහිතකර අන්දමට බලපානවා. මොකද දරුවාගේ හිස්කබල ශක්තිමත් නැති නිසා ජංගම දුරකථනයෙන් නිකුත්වන කිරණ  හිස්කබල හරහා  දරුවාගේ මොළයට ගමන් කරනවා. මෙය ඉතාමත් අහිතකර තත්ත්වයක්. ඒ නිසා හොඳම විකල්පය ලෙස අපි දකින්නේ පාසල විවෘත කිරීම බවයි.

ප්‍රශ්නය – ළමයෙකුට ජීවත් විය යුතු හොඳම පරිසරය  පාසල් පරිසරය ද.?

පිළිතුර – ළමයෙකු  ජීවත්විය යුතු හොඳම පරිසරය පාසල් පරිසරය හා ආගමික පරිසරය කියලා තමයි පර්යේෂණයන්ගෙන් හෙළිවෙලා තියෙන්නේ. අපේ දරුවන්ට අද  මේ පරිසරයන් දෙකම නැතිවෙලා.

ප්‍රශ්නය – මෙවර පාසල් ආරම්භ කිරීමේදී පිළිපැදිය යුතු මාර්ගෝපදේශයන්ගේ කිසියම් වෙනසක් සිදුකර තිබෙනවාද?.

පිළිතුර – අපි කලින් හඳුන්වා දුන් මාර්ගෝපදේශයන්ම තමයි ක්‍රියාත්මක කරන්නේ. මෙවර විශේෂයෙන්ම සඳහන් කර තිබෙනවා හැකි හැම විටම දරුවන්ට මුව ආවරණය පළඳින්න කියලා. මීට පෙරනම් මුව ආවරණය පැළඳීම සම්බන්ධයෙන් අපේ අවධානය වැඩිවශයෙන්ම යොමු කළේ නැහැ. නමුත් අපි මෙවර තදින්ම කියා සිටියා පාසල් පරිසරය තුළත් පාසලට එන යන අතරමගත් මුව ආවරණය අනිවාර්යෙන්ම පැළදිය යුතුයි කියලා. මොකද දැනට රට තුළ ව්‍යාප්ත වන ඩෙල්ටා ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තියක් දක්නට ලැබෙන නිසා.

ප්‍රශ්නය – සංකූලතාවන් නොමැති දරුවන් තවමත් එන්නත්කරණයට ලක් කර නොමැති  නිසා යම් හේතුවකින් පාසල් පොකුරු ඇතිවිය හැකියි නේද?

පිළිතුර – ඇත්තෙන් ම එවැන්නක් වෙන්න පුලුවන්. නමුත් දරුවන්ට වයිරසය ආසාදනය වුණා කියලා අපි දැක්කා ලොකු හානියක් වුණේ නැහැ. නමුත් විවිධ සංකූලතාවන් තිබෙන දරුවන්ට තමයි යම් හානියක් සිදුවුණා නම් වුණේ. ඒ නිසා එවැනි දරුවන්ව මේ වන විට එන්නත්කරණයට ලක්කර තිබෙනවා. 

කොහොම නමුත් අපි දෙමාපියන්ට කියන්නේ නිවසේ කාට හෝ උණ , සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස වැනි රෝගලක්ෂණ පවතිනවා  නම් හෝ එවැනි රෝග ලක්ෂණ දරුවාට තිබෙනවා නම් හෝ පාසලට දරුවා යවන්න එපා කියලයි.

ප්‍රශ්නය – මේ වන විට පාසල් ආරම්භ කරන දින වකවානු තීරණය කර අවසන්ද?

පිළිතුර – පාසල් ආරම්භ කරන දින වකවානු තීරණය කරන්නේ අධ්‍යාපන අමාත්‍යංශය. පාසලවිවෘත කිරීමට අවශ්‍ය කරන නිර්දේශයන ලබා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය මගින්. 

අපි දැන් ඒ නිර්දේශ ලබා දි අවසන්. 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ත්‍රිවිධ හමුදාවට වැඩි  බලයක් සහිතව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රතිසංවිධානයක්!

Next Post

අද කොවිඩ් මරණ 79 යි…

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.