රාජ්‍ය බුද්ධි සේවය පූර්ණ ප්රතිසංවිධානයකට ලක් කිරීම කෙරෙහි ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව රාජ්‍ය බුද්ධි සේවයේ අභ්‍යන්තරයේ ව්‍යූහාත්මක වෙනසක්ද කිරීමට නියමිත බව සඳහන්ය.
රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියාවන අධ්යක්ෂ තනතුර අධ්යක්ෂ ජනරාල් ලෙස වෙනස් කිරීමට ද නියමිතය. එසේම ඔහු යටතේ අධ්යක්ෂවරු තිදෙනෙක් පත්කෙරනු ඇත.
රාජ්‍ය බුද්ධි සේවයේ මේ වන විට ප්‍රධානියා තනතුර දරන්නේ හමුදා නිලධාරියෙක් වූවත් මෙයට පෙර එහි ප්‍රධානියා තනතුර දිගින් දිගටම දැරුවේ පොලිස් නිලධාරියෙකි.
රාජ්‍ය බුද්ධි සේවය ක්‍රියාත්මක වන්නේ පොලීසියට වැඩි බලයක් හිමිවන ආකාරයටවන බැවින් නව වෙනසේදී ත්‍රිවිධ හමුදාවේම සංයුතියක් ඊට එක්වීමට නියමිත බව සඳහන්ය.
එහිදී එහි ප්‍රධාන තනතුරු ත්‍රිවිධ හමුදාවේම සාමාජිකයන් අතර බෙදී යනු ඇති බවද ආරංචි මාර්ග සඳහන් කළේය.