සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ශ්‍රි ලංකාවට ආර්ථික අසහනය තව වසර දෙක තුනක්වත් පවතීවි!… ප්‍රකට ආර්ථික විද්‍යාඥවරියකගෙන් පුරෝකථනයක්

by editor
ජනවාරි 11, 2023
in සමාජ
Share on FacebookShare on Twitter
  • 2023 වසර වඩාත් අභියෝගාත්මකයි   අස්ථාවර දේශපාලන පසුබිම තුළ ප්‍රතිසංස්කරණ කිරීම අපහසුයි!  ණය හිමියන්ගේ ප්‍රතිචාරයක් නෑ… තවමත් නිහඬයි!

ශ්‍රි ලංකාවට ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා දැනට සැලසුම් කර ඇති වැඩපිළිවෙළට අනුවම කටයුතු සිදුවුණද රටේ ජනතාවට දැනෙන ආර්ථික සහනයක් ලැබීමට අඩුම වශයෙන් තවත් වසර දෙක තුනක්වත් ගත වනු ඇතැයි ප්‍රවීන ආර්ථික විද්‍යාඥවරියක වන ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය දුෂ්නි වීරකෝන් පවසයි.

Dushni-Weerakoon
රතිපත්ති අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය දුෂ්නි වීරකෝන්

ශ්‍රී ලංකාව සඳහා දැනට ඇති හොඳම බලාපොරොත්තුව වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ආධාර ඉලක්ක කරගෙන සිදුවන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා කඩිනම් අවසන් කිරීම වුවද වර්තමාන  ණය  හිමියන් සැලකීමේදී ඒ තුළ තවමත් දැකිය හැක්කේ දැඩි නිහඬ බවක් බවද ආචාර්ය වීරකෝන් පවසයි.

මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකාවක ලෙසද කටයුතු කළ ඇය මේ බව සඳහන් කරන්නේ ඊස්ට් ඒෂියා ෆෝරම් නැමැති ආර්ථික විද්‍යා විද්වත් සංසදයේ වෙබ් අඩවියට ශ්‍රි ලංකාව පිළිබඳව ලිපියක් ලියමිනි.

ශ්‍රි ලංකාවේ දේශපාලන සහ ආර්ථික අර්බුදයෙන් මිදීමේ දුෂ්කර මාර්ගය (Sri Lanka’s hard road to recovery from economic and political crisis මැයෙන් ලිපියක් ලියන ආචාර්ය දුෂ්නි වීරකෝන් තවදුරටත් පවසන්නේ මෙවැනි දුෂ්කර ආර්ථික පසුබිමක රටක ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට සුදුසු වුවද දැනට ශ්‍රි ලංකාවේ පවතින අස්ථාවර දේශපාලන පසුබිම තුළ එවැනි තත්ත්වයක් සිදු කිරීම ප්‍රායෝගිකව අසීරු බවය. මෙම ආර්ථික ප්‍රතිස්සංකරණ සිදු කිරීමේදී එයින් විපතට පත්වන කණ්ඩායම්වලට වන්දි ගෙවීම සඳහා රජයට ඇත්තේ ඉතා සීමිත සම්පත් ප්‍රමාණයක් බවත් ඇය සඳහන් කරයි.

ඇය සිය ලිපියෙන් මෙසේද සඳහන් කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ 2022 වැඩි කාලයක් ඉහළම ආහාර මිල උද්ධමනය සහිත ඉහළම රටවල් පහ අතර ශ්‍රී ලංකාව පවතින අතර ජනතාවගේ ජීවන වියදම් මිරිකී ඇත. බොහෝ අවදානමට ලක්විය හැකි ශ්‍රී ලාංකිකයන් දරිද්‍රතාවට පත් විය. රැකියා සහ ආදායම් අහිමිවීම් රට දිගු කාලීන අවපාතයකට ඇද වැටීම තුළ තවදුරටත් දරිද්‍රතාවය වැඩි වීමට නියමිතයි. 2022 දී දළ දේශීය නිෂ්පාදිතය සියයට 9කට ආසන්න ප්‍රමාණයකින් හැකිලෙනු ඇතැයි අපේක්ෂා කරන අතර නවතම ඇස්තමේන්තු අනුව ආර්ථිකය 2023 දී සියයට 3-4කින් හැකිලෙනු ඇත.

ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික මූල්‍ය ආධාර සඳහා ප්‍රවේශය පහසු කිරීම සඳහා ජාත්‍යන්තර අරමුදලෙන් ලැබෙන ඩොලර් මිලියන 2.9ක සහනය යම් ඇපදීමක් විය හැකිය. ඒ අනුව IMF හි සිව් අවුරුදු US$ බිලියන 2.9 වැඩසටහන සීමිත ද්‍රවශීලතාවක් ද සපයනු ඇත. එයින් වඩාත් වැදගත් වන්නේ වෙනත් නිල ණය දෙන්නන්, පෞද්ගලික ආයෝජකයින් සහ ණය හිමියන් ට යලි ශ්‍රි ලංකාවට ය ලබා දීම සඳහා විශ්වාසයක් ගොඩ නැගීමට මෙම ණය ආධාරයට ඇති හැකියාවයි.

එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම විස්තීරණ ණය පහසුකම ලබා දෙන විට රටේ දැඩි මූල්‍ය විනයක් අපෙක්ෂා කරයි. ඔවුන්ගේ සම්මත ප්‍රතිපත්ති වට්ටෝරුවෙන් රජයට මෙම ආර්ථික අවපාතයෙන් මිදීමේ මාර්ගයේ වියදම් කිරීමෙන් වැළැක්වීමද සිදුවේ. ඒ අනුව බදු වැඩි කරමින් වියදම් කපා හැරීමක්ද සිදුවෙයි. මෙය රටේ ජනතාවට දරා ගැනීම අසීරු විය

ආර්ථික අර්බුදයක් සමහර විට ප්‍රධාන ආර්ථික ප්‍රතිසංස්කරණයක උත්ප්‍රේරකයක් විය හැකි නමුත් දේශපාලන ස්ථාවරත්වයක් නොමැති විට අවාසි අවදානම සැලකිය යුතු ය. ප්‍රතිසංස්කරණවලින් පාඩු ලබන අයට වන්දි ගෙවීමට රජය සතුව ඇත්තේ ඉතා අඩු සම්පත් ය. දේශපාලන නායකයින් සහ ආයතන කෙරෙහි විශ්වාසය නැතිවීමඔවුන් බා දෙන ප්‍රතිඵල සනාථ කරන්නට නොහැකි වුවහොත් දඩුවම් කිරීමට මහජනතාව සූදානම් වීම තුළ යම් අන්තරායක් නිර්මාණය වී ඇත.

කෙසේ වුවද ශ්‍රී ලංකාව සඳහා ඇති හොඳම බලාපොරොත්තුව වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා කඩිනම් අවසන් කිරීමයි. නමුත් වර්තමාන සංකීර්ණ ණය හිමියන්ගේ ඒ සම්බන්ධයෙන් මෙතෙක් දක්වන ප්‍රතිචාරය තුළ දැඩි සංසුන් බවක් ඇත. ශ්‍රී ලංකාව සඳහා විශාලතම ද්විපාර්ශ්වික ණයහිමියන් ලෙස චීනය, ඉන්දියාව සහ ජපානය සිටින අතර මූලික වශයෙන් එක්සත් ජනපදය පදනම් කරගත් පෞද්ගලික බැඳුම්කර හිමියන් තවත් ණයකරුවන් ස්ථරයක් ලෙස පවතී. මෙම තත්තවය තුළ සියල්ලන්ටම එකඟ විය හැකි හැකි සහ පිළිගත හැකි ණය ප්‍රතිකාර ක්‍රියාවලියක් ඇති කිරීම සංකීර්ණ වී ඇත.

සිය ණය සමඟ ගෙවීම් ප්‍රතිමූල්‍යකරණය කිරීමට හෝ ආපසු ගෙවිය යුතු මූලික ණය මුදලින් කොටසක් කප්පාදුවට ලක් කිරීමට චීනය ද මෙතෙක් කැමැත්තක් පළ කර නැත. ඒ අනුව නව වසරේදී අන්‍යෝන්‍ය වශයෙන් එකඟ විය හැකි සූත්‍රයකට පැමිණීමට ණයහිමියන් පොළඹවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සිය සියලු රාජ්‍යතාන්ත්‍රික කුසලතා කැඳවීමට සිදුවනු ඇත.

සෑම දෙයක්ම සැලැස්මට අනුව සිදු වුවද, ශ්‍රී ලංකා මහජනතාවට ආර්ථික තත්ත්වයන්හි සැබෑ දියුණුවක් දැනෙන්නට තවත් වසර දෙක තුනක් ගතවනු ඇත. වැටුප් ඛාදනය සහ ඉහළ බදු හඳුන්වාදීමත් සමඟ වියදම් කිරීමේ හැකියාවන් තවදුරටත් මිරිකීමකට ලක් කිරීමක් සිදුවනු ඇත. මෙහි එක් ප්‍රතිඵලයක් වන්නේ මෙරට මිරිකෙමින් ජීවත් වීම වෙනුවට විදේශයන්හි වඩා හොඳ ජීවන තත්ත්වයන් සෙවීමට බොහෝ දෙනා පෙලඹවීමයි.

ණය  අර්බුදය  නිසා ආර්ථික ප්‍රගතිය වසර ගණනාවකින් පසුබැසීමත් සමඟ රජයට බලාපොරොත්තු විය හැක්කේ වේදනාකාරී කප්පාදු සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන තෙක් බලා සිටීමට තරම් ප්‍රමාණවත් ඉවසීමක් මිනිසුන්ට ලැබීම පමණි. 2023 වසරේ සියලු අවිනිශ්චිතතාවයන් සමඟින්, 2024 දී එලඹෙන ජනාධිපතිවරණය සඳහා සූදානම් වන විට ලබන වසර ශ්‍රී ලංකාවට තීරණාත්මක වනු ඇත. මෙවන් පසුබිමක් තුළ වඩාත් දැඩි හා පළපුරුදු දේශපාලන නායකයාගේ පවා කුසලතා පරීක්ෂා කිරීමක සිදුවනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දරුවන්ට යහපත් සිහි නුවණ උගන්වන “සති පාසල“!

Next Post

ත්‍රස්තක්‍රියා ඉහළ යාමට එරෙහිව පාකිස්ථානයේ ජනතා විරෝධතා

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.