මෑත කාලයේ පාකිස්ථානය තුල හටගෙන ඇති ත්‍රස්ත ක්‍රියාවන්ගේ වර්ධනය සම්බන්ධයෙන් එරට ජනතාව සිය දැඩි අප්‍රසාදය පළකරමින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.
මෙම විරෝධතා වලදී ජනතාව ඉල්ලා ඇත්තේ පාකිස්ථානයේ ජනතාවට යලිත් බියෙන් සහ සැකයෙන් තොරව ජීවත් වීමට අවශ්‍ය අවකාෂය සලසා දෙන ලෙසයි. එහිදී දකුණු වසිරිස්ථානයේ වානා ප්‍රදේශයේ සංවිධානය කර තිබූ පාගමනට දේශපාල්‍ඥයින්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළුව විශාල ජනතාවක් එක්ව සිටියහ.
ඒ් අනුව මෙම රැලියට ඒක්වූ පාර්ශවයින් පෙන්වා දෙනු ලැබුවේ රටේ ජනාතාවට බියෙන් සහ සැකයෙන් තොරව ජීවත් වීමට ඉඩ සැලසීම රජයේ වගකීමක් බවද ජනතාවට ඒ් සඳහා ජනතාව විරෝධතා කරමින් රජය බලකිරීමක් කළයුතු කාරණයක් නොවිය යුතු බවයි.
පාකිස්ථාන මාධ්‍ය වාර්තා පෙන්වා දෙන ආකාරයට පසුගිය මාස කීපය තුලදී එරට නීතිය සහ සාමය සම්බන්ධයෙන් දැඩි අවිනිෂ්චිත තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි. ඒහිදී ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් විසින් රට පුරා සිය ත්‍රස්ත ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.
මේ අතර ඉකුත් වසර පාකිස්ථාන ආරක්ෂක අංශ සාමාජිකයින්ට දැඩි අබියෝගාත්මක වර්ෂයක් වූ අතර එහිදී ආරක්ෂක අංශ සාමාජිකයින් 282කට ජීවිතය අහිමි වූ අතර පසුගිය කාලයේදී වාර්තා වූ දැඩි සෘණාත්මක තත්ත්වයක් බවටද විශේසඥයින් පෙන්වා දෙයි.
ඒමෙන්ම ඉකුත් දෙසැම්බර් මාසයේදී පමණක් පකිස්ථාන ආරක්ෂක අංශ සාමාජිකයින් 40දෙනෙකුට ත්‍රස්ත ක්‍රියාකාරකම් වලින් ජිවිත අහිමි වී තිබේ.
ඒ් අනුව මෙම කරුණු සියල්ලම සලකා බලමින් ජනතාව රජයට එරෙහිව විරෝධතා පැවැත්වීමට තීරණය කර ඇති බවද වාර්තාවේ.